බන්දුල ගුණවර්ධන

අමාත්‍ය බන්දුල ගුණවර්ධන බදු ආදායම මත පැටවී ඇති බර තරමක් වැඩි කොට දක්වයි

"

ගිය වර්ෂයේදී රජයේ මුළු බදු ආදායම රු. බිලියන 1298 යි. එයින් රාජ්‍ය සේවක වැටුප සහ විශ්‍රාම වැටුප් සඳහා පමණක් රු. බිලියන් 1,115ක් ගෙවිය යුතු වුණා. එතකොට අනිත් සියලු දේ සඳහා ඉතුරු වුණේ රු. බිලියන 153 යි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුව | අගෝස්තු 23, 2022

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

රජයේ බදු ආදායමෙන් වැඩි කොටසක් රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය වන බවත්, රජයේ අනෙකුත් වැඩකටයුතු වෙනුවෙන් ඉතිරි වන්නේ ඉන් සුළු කොටසක් පමණක් බවත් අමාත්‍යවරයා සිය ප්‍රකාශය තුළින් සඳහන් කරයි. 

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව පරිශීලණය කර ඇත. 

2021 දී එකතු කරන ලද බදු ආදායම රුපියල් බිලියන 1,298 ක් වූ බවට ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරන අතර එය අමාත්‍යවරයා විසින් දක්වා ඇති අගය හා සමාන වේ. 2021 දී රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වූ මුළු වියදම රුපියල් බිලියන 1,116 ක් වූ අතර එය අමාත්‍යවරයා විසින් දක්වන ලද සංඛ්‍යාව හා සමපාත වේ. මේ අනුව, වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වැය වන මුදල රජයේ බදු ආදායමෙන් 86% ක් පමණ වේ.  

එබැවින්, අනෙකුත් රජයේ වැඩකටයුතු  සඳහා වැය කිරීමට ඉතිරිව ඇති බදු ආදායම රුපියල් බිලියන 182 ක් මිස අමාත්‍යවරයා පවසන පරිදි රුපියල් බිලියන 153 ක් නොවේ (මෙය අමාත්‍යවරයා විසින් දක්වන ලද අගයට වඩා 19% ක් වැඩි වේ). 

කෙසේ වෙතත්, රජයේ වියදම වෙනුවෙන් ඉතිරි වන්නේ බදු ආදායම සහ වැටුප් හා වේතන අතර වෙනස පමණක් නොවේ. 

රජය සතු ව්‍යවසායවලින් ලැබෙන ලාභය සහ වත්කම්වලින් ලැබෙන ආදායම වැනි බදු නොවන මූලාශ්‍ර හරහා රජය විසින් 2021 දී රුපියල් බිලියන 159 ක ආදායමක් උපයා ඇත. එබැවින්, 2021 දී මුළු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 341 ක් වූ අතර එය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද රුපියල් බිලියන 153 ට වඩා 123% ක් වැඩි වේ.  

2021 වර්ෂය සඳහා එකතු කරන ලද බදු ආදායම සහ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වන මුළු වියදම පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි වුව ද, අනෙකුත් වියදම් සඳහා ඉතිරිව ඇති මුළු රාජ්‍ය ආදායම සඳහා ඔහු විසින් දක්වා ඇත්තේ සැබෑ අගයට වඩා අඩු අගයකි. 

එබැවින්, අමාත්‍යවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු. 

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්  වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම  ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2021), ප්‍රවේශය:
https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports [අවසන් වරට ප්‍රවේශ: 2022 ඔක්තෝම්බර් 06]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.