නන්දලාල් වීරසිංහ

භාණ්ඩ අපනයනය අඩුවීම ගැන මහ බැංකු අධිපති අඩුවක් නැතිව කරුණු කියයි

"

දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අපනයන ආදායම 2001 වන විට සියයට 33 ක පමණ අගයක තිබුණි. එය මේ වන විට සියයට 15 ට වඩා අඩුවි තිබේ.

ලංකාදීප | සැප්තැම්බර් 13, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

(1) 2001 වන විට දළ ජාතික නිෂ්පාදිතයේ (GNP) ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 33% ක් පමණ වූ බවත් (2) 2001 සිට මේ දක්වා කාලය තුළ එය 15% දක්වා පහත වැටී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ප්‍රකාශ කළ බවට වාර්තා විය. මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය ඇගයීම සඳහා FactCheck.lk විසින් මහ බැංකුවේ වාර්ෂික වාර්තා සහ අපනයන සංඛ්‍යාලේඛන පරිශීලනය කර ඇත. 

ප්‍රකාශය පිළිබඳ වාර්තා කිරීමේදී පුවත්පත් ලිපියේ දළ ජාතික නිෂ්පාදිතය ලෙස සඳහන්ව තිබුණ ද ආර්ථික නිෂ්පාදනය මැනීමේදී යොදා ගන්නා වඩා සම්මත මිනුම දළ දේශීය නිෂ්පාදිතය (GDP) වන බැවින් මහ බැංකු අධිපති මෙහි දී අදහස් කරන ලද්දේ දළ දේශීය නිෂ්පාදිතය වන බවට FactCheck.lk විසින් උපකල්පනය කර ඇත. සාමාන්‍යයෙන් සංඛ්‍යාලේඛන වාර්තා කරනු ලබන්නේ වසර අවසානයේදී වන බැවින් ලිපිය තුළ “2001 වන විටයනුවෙන් සඳහන් කිරීමෙන් අදහස් කර ඇත්තේ “2000 වර්ෂය අවසන් වන විටයන්න බවට ද මෙහි දී උපකල්පනය කරන ලදි. 

‘අපනයන’ යන යෙදුම පොදුවේ ‘සමස්ත අපනයනවලට (භාණ්ඩ සහ සේවා)’ ව්‍යවහාර කිරීම සඳහා මෙන්ම ‘භාණ්ඩ (වෙළඳ භාණ්ඩ) අපනයනවලටව්‍යවහාර කිරීම සඳහා ද භාවිතා කෙරේ. FactCheck.lk විසින් මෙම භාවිතයන් දෙක සඳහා වෙන්‌ වෙන් වශයෙන් මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය ඇගයීමට ලක් කරන ලදි.  

අපනයන ආදායම 2000 වසර අවසන් වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 33%ක් ලෙස පැවති බව පැවසීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය නිවැරදි වේ. මෙම අගය සමස්ත අපනයන ආදායම මෙන්ම භාණ්ඩ අපනයන ආදායම සඳහා ද නිවැරදි වේ. 

භාණ්ඩ අපනයනයෙන් ලැබූ ආදායම 2021 සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15% ට වඩා අඩු මට්ටමක පැවති බව මහ බැංකු සංඛ්‍යාලේඛන පෙන්වා දෙන අතර මෙය මහ බැංකු අධිපතිගේ ප්‍රකාශයට අනුකූල වේ. එහෙත්, 2021 සඳහා සමස්ත අපනයන ආදායම 15% ට වැඩි වූ අතර එම අගය මහ බැංකු අධිපතිගේ ප්‍රකාශයට අනුකූල  නොවේ. එබැවින්, ඔහු විසින් දක්වන ලද්දේ භාණ්ඩ අපනයන ආදායම හා සම්බන්ධ සංඛ්‍යාලේඛන බව මෙමගින් හැඟී යයි. 

මෙම ප්‍රකාශයෙහි සඳහන් කරුණු දෙකම භාණ්ඩ අපනයන ආදායම සමබන්ධයෙන් නිවැරදි වේ. එබැවින්, මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.  

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්  වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම  ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

ප්‍රදර්ශිතය 1: අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස (2000-2021) 

 

මූලාශ්‍රය:  2009-2021 සඳහා ශ්‍රී ලංකාවට අදාළ ආර්ථික හා සමාජ සංඛ්‍යාලේඛන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන (2021), ප්‍රවේශය:
https://www.cbsl.gov.lk/en/publications/other-publications/statistical-publications/economic-and-social-statistics [අවසන් වරට ප්‍රවේශ: 2022 සැප්තැම්බර් 30]

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2021), ප්‍රවේශය:
https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports [අවසන් වරට ප්‍රවේශ: 2022 සැප්තැම්බර් 30]

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය, සංඛ්‍යාති, සංඛ්‍යාලේඛන, විදේශීය අංශය: https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector [අවසන් වරට ප්‍රවේශ: 2022 සැප්තැම්බර් 30]

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.