කබීර් හෂීම්

රජය සතු ව්‍යවසායන් අරගෙන තියෙන ණය ගැන පා.ම. හෂීම් ට්‍රිලියනයටම හරි!

"

2021 දෙසැම්බර් මාසය වන විට රාජ්‍ය ආයතනවල රුපියල් ට්‍රිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් ණය අරන් තිබෙනවා.

දිවයින | අගෝස්තු 18, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

2021 දෙසැම්බර් වන විට රාජ්‍ය ආයතන විසින් රුපියල් ට්‍රිලියන 1කට වඩා ණය ලබාගෙන ඇති බව පා.ම. කබීර් හෂීම් සිය ප්‍රකාශයේ සඳහන් කරයි. මෙහිදී රජය සතු ව්‍යවසායන්ට අදාළව පා.ම. මෙම කරුණ ඉදිරිපත් කරන බවට FactCheck.lk විසින් ඔහුගේ ප්‍රකාශය අර්ථකථනය කර ඇත. රජය සතු ව්‍යවසායන් සතු ණය පොත් වගකීම් මධ්‍යම රජයේ ගිණුම්වල පෙන්නුම් නොකෙරේ. 

පා.ම. විසින් සඳහන් කරන ලද කරුණෙහි සත්‍යාසත්‍යභාවය විමසීමේදී රජය සතු ව්‍යවසායන් විසින් ලබා ගෙන ඇති ණය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් ඇතුළත් කිසිදු ප්‍රකාශිත ලියවිල්ලක් FactCheck.lk හට හමු නොවීය. කෙසේ වෙතත්, නිකුත් කර ඇති භාණ්ඩාගාර ඇපකර ප්‍රමාණය පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් වාර්තා කරනු ලැබේ. රජය සතු ව්‍යවසායන්ට ණය ගැනීමට ඉඩ සැලසීමට නම් භාණ්ඩාගාර ඇපකර අවශ්‍ය වේ. මෙම කරුණු පිරික්සීම සිදු කිරීමේදී ඊට අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයේ 2021 වාර්ෂික වාර්තාව තුළින් ලබා ගෙන ඇත. 

රජය සතු ව්‍යවසායන් විසින් ලබා ගන්නා සෑම ණය මුදලක්ම භාණ්ඩාගාර ඇපකරයකට යටත්ව නොපවතී. කෙසේ වෙතත්, නිකුත් කර ඇති භාණ්ඩාගාර ඇපකරවල මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 1 ඉක්මවයි නම් පා.ම.ගේ ප්‍රකාශය නිවැරදි යැයි සැලකිය හැක. 

මුදල් අමාත්‍යාංශයේ වාර්තාවට අනුව, 2021 වර්ෂයේදී පමණක්, භාණ්ඩාගාරය විසින් රජය සතු ව්‍යවසායන් වෙත ණය ලබා දීම සඳහා රුපියල් බිලියන 905 ක වටිනාකමකින් යුත් භාණ්ඩාගාර ඇපකර නිකුත් කර තිබේ. එයින් රුපියල් බිලියන 725 ක් [හෝ එ.ජ.ඩොලර් බිලියන 3.6 ක්] ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහා නිකුත් කර ඇත (ප්‍රදර්ශිතය 2 බලන්න). 

ජය සතු ව්‍යවසායන්‌ සතු වන භාණ්ඩාගාරය විසින් සහතික කර ඇති හිඟ ණය මුදල්වල මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 1.5 ක් ලෙස වාර්තා වී තිබේ (ප්‍රදර්ශිතය 1 බලන්න). 2021 අවසන් වන විට මුළු හිඟ ණය රුපියල් ට්‍රිලියන 1කට වඩා වැඩි බවට පා.ම. විසින් සිදු කරන ලද ප්‍රකාශය මෙම කරුණ සමඟ සැස‌ඳේ. 

එබැවින්, අපි පා.ම. හෂීම්ගේ ප්‍රකාශය නිවැරදි යැයි වර්ගීකරණය කරන්නෙමු. 

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

ප්‍රදර්ශිතය 1: භාණ්ඩාගාරය විසින් සහතික කර ඇති හිඟ ණය (මධ්‍යම රජයේ ණය හැර) 

 

මූලාශ්‍රය: 2021 වාර්ෂික වාර්තාව, මුදල් අමාත්‍යාංශය 

 

ප්‍රදර්ශිතය 2: 2021 දී නිකුත් කරන ලද භාණ්ඩාගාර ඇපකරවල වටිනාකම 

මූලාශ්‍රය: වාර්ෂික වාර්තාවන් (විවිධ වර්ෂවල), මුදල් අමාත්‍යාංශය 



මූලාශ්‍රය

2021 වාර්ෂික වාර්තාව, මුදල් අමාත්‍යාංශය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.