තොරතුරු පිරික්සීම
පා.ම. අනුර කුමාර දිසානායක සිය ප‍්‍රකාශය මගින් එකිනෙකට සම්බන්ධ කරුණු 2 ක් ඉස්මතු කරයි:
- ආර්ථික ක්‍රියාකාරකම්, උතුරු මැද පළාත වැනි ග්‍රාමීය පළාත්වලට සාපේක්ෂව බස්නාහිර සහ වයඹ පළාත් වෙත නැඹුරුව පවතින බව.
- ආර්ථික ක්‍රියාකාරකම් අඩු මට්ටමක පවතින ප්‍රදේශවල වාසය කරන පුද්ගලයින් හට ආර්ථිකයට හවුල් වීමට ඇති අවස්ථා (සහ ඉන් ප්‍රතිලාභ ලැබීමට ඇති අවස්ථා) විරල බව.
මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk විසින් 2021 වර්ෂයට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් සහ ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණය (Sri Lanka Labour Force Survey) වෙතින් ලබා ගත හැකි නවතම දත්ත පරිශීලනය කර ඇත.
පළමු කරුණ (i): 2021 දී බස්නාහිර පළාත විසින් ජාතික දළ දේශීය නිෂ්පාදිතයට ලබා දුන් දායකත්වය 42.6% ද වයඹ පළාතේ දායකත්වය 11.1% ද බව මහ බැංකුවේ දත්ත පෙන්වා දේ. මෙම සංඛ්‍යා දෙකම පා.ම උපුටා දැක්වූ ප්‍රතිශතයන්ට වඩා ඉහළ අගයක් ගන්නා අතර, උතුරු මැද පළාතේ දායකත්වය වූ 4.9% ක ප්‍රතිශතය පා.ම.ගේ ප්‍රකාශයට අනුකූලව වන බැවින්, පා.ම. විසින් ඉස්මතු කරන ලද පළාත් අතර පවතින විෂමතාව ද වඩා වැඩි වේ. එනම්, පිළිවෙලින් බස්නාහිර සහ වයඹ පළාත් මගින් ද.දේ.නි.ට ලැබෙන දායකත්වය, උතුරුමැද පළාතේ දායකත්වය මෙන් 8.7 ගුණයක් සහ 2.3 ගුණයක් වේ.
මෙම සංඛ්‍යාවලින් පිළිඹිබු වන්නේ භූගෝලීය ප්‍රදේශ අතර ආර්ථික නිෂ්පාදනය සම්බන්ධයෙක් පවතින විෂමතාවයේ තරම මිස එම ප්‍රදේශවල වෙසෙන ජනතාව ආර්ථිකයට හවුල් වීම ආශ්‍රිතව පවතින විෂමතාව නොවේ. ජනගහනයේ විශාලත්වයේ ඇති වෙනස මෙන්ම එම පළාත්වල වාසය කරන්නන් හට වෙනත් පළාත්වල ද රැකියාවන්හි නිරත වීමට හැකි වීම ද මීට හේතු වේ.
දෙවැනි කරුණ (ii) : ආර්ථිකයට හවුල් වන මට්ටම ඇගයීම සඳහා FactCheck.lk විසින් එක් එක් පළාතක, රැකියාවේ නියුතු එක් පුද්ගලයෙකු විසින් දායක කෙරෙන ආර්ථික නිෂ්පාදිතය සලකා බලන ලදි. බස්නාහිර පළාතේ රැකියාවේ නියුතු එක් පුද්ගලයෙකු විසින් දායක කෙරෙන ආර්ථික නිෂ්පාදිතය උතුරු මැද පළාතේ රැකියවේ නියුතු එක් පුද්ගලයෙකුගේ දායකත්වය මෙන් 1.9 ක් පමණක් වූ බවත්, වයඹ පළාත සඳහා එය 1.1 ගුණයක් වූ බවත් අංක 1 වගුව පෙන්වයි. එබැවින්, භූගෝලීය වශයෙන් ආර්ථික නිෂ්පාදිතයේ විෂමතාවක් පැවතිය ද, රැකියාවේ නියුතු එක් පුද්ගලයෙකු විසින් දායක කෙරෙන ආර්ථික නිෂ්පාදිතය අතින් පළාත් අතර පවතිනුයේ ඉතා කුඩා විෂමතාවකි.
FactCheck.lk විසින් විරැකියා අනුපාත සහ රැකියාවල නිරතව සිටින වැඩ කරන වයසේ පුද්ගලයින්ගේ ප්‍රතිශතය ද සලකා බලන ලදි. බස්නාහිර පළාතේ විරැකියාව උතුර මැද සහ වයඹ පළාත්වල විරැකියාවට වඩා ඉහළ මට්ටමක පවතින බව අංක 1 වගුවෙන් පෙනී යයි. එමෙන්ම, උතුරු මැද සහ වයඹ පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාතේ රැකියාවල නිරතව සිටින වැඩ කරන වයසේ පුද්ගලයින්ගේ ප්‍රතිශතය අඩු බව ද එම වගුවෙන් පෙනී යන තවත් කරුණකි. එබැවින්, පවතින දත්ත මගින් පිළිඹිබු වන්නේ ඉහත සඳහන් කරන ලද දෙවැනි කරුණට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයකි.
පා.ම. විසින් උපුටා දක්වන ලද ඇතැම් දත්ත නිවැරදි නොවුණ ද, ආර්ථික නිෂ්පාදිතයට අදාළව බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත් අතර පවතින විෂමතාව සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කර ඇති කරුණ නිවැරදි වේ. එනමුත්, ජනගහනය සහ රැකියා තත්ත්වය සැලකිල්ලට නොගැනීම හේතුවෙන් භූගෝලීය විෂමතාව මගින් පුද්ගල මට්ටමින් ආර්ථිකයට ලැබෙන දායකත්වයේ පවතින විෂමතාව ද පිළිඹිබු වන බවට ඔහු විසින් නිවැරදි නොවන අයුරින් අර්ථකථනය කර ඇත.
එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
අංක 1 වගුව: දළ දේශීය නිෂ්පාදිතය සහ පළාත් සඳහා රැකියා දර්ශක
මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ පළාත් දළ දේශීය නිෂ්පාදිතය – 2021, ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව – 2021
Additional Note
දැනට රකියාවක නිරතව නොසිටින එහෙත් රැකියාවක් සඳහා බඳවා ගත හැකි සහ/හෝ රැකියා අවස්ථා සොයමින් සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශතය විරැකියාව යන්නෙන් මනිනු ලැබේ.
මූලාශ්‍රය
ශ්‍රී ලංකා මහ බැංකුවේ පළාත් දළ දේශීය නිෂ්පාදිතය – 2021, ප්‍රවේශය; https://www.cbsl.gov.lk/en/node/13764 හරහා ප්‍රවේශ විය [අවසන් වරට ප්‍රවේශ වූයේ 2023 මාර්තු 02].
ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව – 2021, ප්‍රවේශය; http://www.statistics.gov.lk/LabourForce/StaticalInformation/AnnualReports හරහා ප්‍රවේශ විය [අවසන් වරට ප්‍රවේශ වූයේ 2023 මාර්තු 02].