රංජිත් සියඹලාපිටිය

ආනයන හිඟය ගැන රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටියගේ ප්‍රකාශයත් කරුණුවලින් හිඟයි

"

ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් ආනයනය කිරීම සිදු වන්නේ මෙම පියවර [ඇතැම් භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීම] හේතුවෙන්...

නිව්ස්වයර් | ජනවාරි 26, 2023

false

වැරදියි

තොරතුරු පිරික්සීම

ඉන්ධන, ඖෂධ සහ පොහොර, හිඟයකින් තොරව ආනයනය කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මෙහිදී ප්‍රකාශ කරයි. 

මෙම කරුණෙහි සත්‍යසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන පරිශීලනය කර ඇත. 

2022 වසරේ ආනයනය කරන ලද ප්‍රමාණයන්ගේ හිඟයක් පැවතියේ ද යන්න ඇගයීම සඳහා 2019 දී ආනයනය කරන ලද ප්‍රමාණයන් පදනම් වර්ෂය ලෙස FactCheck.lk විසින් යොදා ගන්නා ලදි. මෙහිදී, සම්පූර්ණ වසර සඳහා මෙන්ම පසුගිය මාස හය සඳහා ප්‍රමාණයන් සංසන්දනය කරන ලදි. 2019 වර්ෂය ආර්ථික අර්බුදයට සහ කොවිඩ් – 19 ට පෙර ගෙවුණු පළමු වර්ෂය වන බැවින් එය පදනම් (සාමාන්‍ය) වර්ෂය ලෙස තෝරා ගනු ලැබිණි. හිඟයකින් තොරව ආනයනය කිරීම යනු පදනම් වර්ෂයේ ආනයන මට්ටමින් අවම වශයෙන් 90% ක ආනයන මට්ටමක් හෝ පවත්වා ගෙන යාම ලෙස ගනිමින් මෙම ඇගයීම සිදු කර ඇත (2019 සිට 2022 දක්වා කාලය තුළ පහත වැටුණු ඉල්ලුම, එම කාලය තුළ 8.9% කින් පහත වැටුණු තථ්‍ය දළ දේශීය නිෂ්පාදිතයේ අඩුවීම හා සමාන වන බවට සලකා ඇත). 

2022 වසරේදී ආනයනය කරන ලද ඉන්ධන සහ පොහොර ප්‍රමාණය මුළු වසර සඳහා 30% සහ 43% කින් පහත වැටී ඇති බව අංක 1 වගුව පෙන්වා දේ. වසරේ දෙවන භාගය සඳහා එය පිළිවෙලින් 34% සහ 30% කින් පහත වැටී ඇත. වෛද්‍ය සහ ඖෂධ ද්‍රව්‍ය සඳහා, සම්පූර්ණ වසර සඳහා, ආනයනය කරනු ලබන බර අනුව තොග ගණන් කරනුබන භාණ්ඩ සඳහා ආනයන 27% කින් ද, ආනයනය කරනු ලබන ඒකක සංඛ්‍යාව වශයෙන් තොග ගණන් කරනු ලබන භාණ්ඩ සඳහා ආනයනය 46% කින් පහත වැටිණි (අර්ධ වාර්ෂික දත්ත නොමැත). 

2019 හා සසඳන විට, 2022 දී මෙම නිෂ්පාදන තුනම ආනයනය කර ඇති ප්‍රමාණයන් දැඩි ලෙස පහත බැස ඇතමෙම පහත බැසීම 27% සිට 46% දක්වා වූ පරාසයක පවතී. තථ්‍ය දළ දේශීය නිෂ්පාදිතයේ අඩුවීමට සමපාත වන සේ ඉල්ලුමට අදාළ සංඛ්‍යා පහත දැමුව ද, අපේක්ෂිත ඉල්ලුමට සාපේක්ෂව සැපයුමේ විශාල හිඟයක් පැවති බව මින් හැඟී යයි.   

එැබිවින්, අපි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු. 

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

අංක 1 වගුව: ආනයනය කරන ලද ප්‍රමාණයේ වෙනස්වීම් (2019 සහ 2022 අතර සම්පූර්ණ වර්ෂ සහ අර්ධ වර්ෂ සංසන්දනය)

මූලාශ්‍රය : අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන

* වෛද්‍ය සහ ඖෂධ සඳහා, ආනයනය කර ඇති ප්‍රමාණයන් දර්ශකයක් ලෙස ලබා ගත නොහැකි බැවින් ඒකකවලින් දක්වා තිබේ. 

**HS කේත 900130, 900140,901831,901839,902140,902150 සඳහා ආනයනය කර ඇති ප්‍රමාණයන් බර (kg) වෙනුවට ඒකකවලින් දක්වා තිබේ. 

 

අංක 2 වගුව: වටිනාකමේ වෙනස (සම්පූර්ණ වර්ෂ සංසන්දනය) 

මූලාශ්‍රය : අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන



Additional Note

ආනයන ප්‍රමාණයන් දැඩි ලෙස පහත වැටී තිබුණ ද මෙම නිෂ්පාදන කාණ්ඩවල වටිනාකම, එ.ජ.ඩොලර්වලින් ගත් විට, එතරම් අඩු වී නොමැති හෝ ඇතැම් විට වැඩි වී හෝ ඇති බව අංක 2 වගුවෙන් පෙනී යයි. 2022 දී ඉතා ඉහළ එ.ජ.ඩොලර් පිරිවැයක් යටතේ ආනයන ඇණවුම් සිදු කර ඇති බව ඉන් ගම්‍ය වේ. ආනයන වියදම පමණක් ගෙන මෙම කරුණ ඇගයීමෙන් හිඟය අඩු මට්ටමක පවතින බව හෝ හිඟයක් නොමැති බව හෝ හැඟී යා හැකි අතර එය නොමඟ යවනසුළු වේ. එනමුත්, ආනයනය කරන ලද ප්‍රමාණයන් වශයෙන් ගෙන මෙම දත්ත විශ්ලේෂණය කළ විට පෙනී යන්නේ එම නිෂ්පාදන සඳහා දඩි හිඟයක් පවතින බවයි. 


මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශීය අංශයේ සංඛ්‍යාලේඛන, https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector හරහා ප්‍රවේශ විය [අවසන් වරට ප්‍රවේශ වූයේ 2023 පෙබරවාරි 27]. 

අපනයන සංවර්ධන මණ්ඩලය, වෙළඳ සංඛ්‍යාලේඛන,ප්‍රවේශය; https://stat.edb.gov.lk/ හරහා ප්‍රවේශ විය [අවසන් වරට ප්‍රවේශ වූයේ 2023 පෙබරවාරි 27]. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ විස්තීරණ අරමුදල් පහසුකම් සැලසීම පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණේ”, 1 සැප්තැම්බර් 2022.ප්‍රවේශය; https://www.imf.org/en/News/Articles/2022/09/01 හරහා ප්‍රවේශ විය /pr22295-imf-reaches-staff-level-aggreement-on-an-extended-fund-facility-arrangement-with-sri-lanka [අවසන් වරට ප්‍රවේශ වූයේ 2023 පෙබරවාරි 27]. 

මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජක ඉදිරිපත් කිරීම,ප්‍රවේශය; https://www.treasury.gov.lk/api/file/20adcaf7-874b-48da-9bc2-69240015cd7c  [අවසන් වරට ප්‍රවේශ වූයේ 2023 පෙබරවාරි 27]. 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.