Patali Champika Ranawaka

මුදල් අච්චු ගැසීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ටක්කටෙම හරි

"

නොවැම්බර් 01 සිට දෙසැම්බර් 01 දක්වා රුපියල් බිලියන 130ක මුදල් අච්චු ගහලා. 

අරුණ | නොවැම්බර් 12, 2020

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මුදල් අච්චු ගැසීම වඩා විධිමත් ලෙස හඳුන්වන්නේ රජයේ අයවැය හිඟය සඳහා මුදල් සෙවීම (හිග මුල්‍යකරණය) යනුවෙනි. භාණ්ඩාගාරයෙන් නිකුත් කරනු ලබන රාජ්‍ය සුරැකුම්පත් සෘජුවම මිලදී ගැනීම සඳහා මහ බැංකුව විසින් අළුතින් මුදල් අච්චු ගසා ඒ හරහා රජයේ අයවැය හිඟය පියවන්නට යෙදීම මින් අදහස් කෙරේ. මහ බැංකුව විසින් සිදුකරනු ලබන භාණ්ඩාගාර සුරැකුම්පත් මිලට ගැනීම්, මහ බැංකුවේ ශේෂ පත්‍රය තුළ සෘජුවම දැක්වේ. එනිසා ප්‍රශ්නයට ප්‍රස්තුත කාලය තුළ මුද්‍රණය වූ මුදල් ප්‍රමාණය ගණනය කිරීම උදෙසා, FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ රාජ්‍ය සුරැකුම්පත් මිලට ගැනීම් විමසුමට ගෙන ඇත. 

මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදිභාවය තක්සේරු කිරීම උදෙසා, FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර සුරැකුම්පත් කොටස් ප්‍රකාශයට පත් කෙරෙන මහ බැංකුවේ දෛනික කටයුතු පිළිබඳ දත්ත පරිශීලනයට ගෙන ඇත. 2020 නොවැම්බර් 01 වැනිදා වන විට රුපියල් බිලියන 488.17 ක වටිනාකමකින් යුතු රාජ්‍ය සුරැකුම්පත්  ශ්‍රී ලංකා මහ බැංකුව සතු විය. 2020 දෙසැම්බර් 01 වැනිදා වන විට මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත්වල වටිනාකම රුපියල් බිලියන 618.12 දක්වා ඉහළ නැඟ ඇත. ඒ ඔස්සේ පැහැදිලි වන්නේ නොවැම්බර් 01 සිට දෙසැම්බර් 01 දක්වා කාලය අතරතුරදී මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් කොටස් ප්‍රමාණය රුපියල් බිලියන 129.95 කින් ඉහළ ගොස් ඇති බවයි. මේ ඔස්සේ දැක්වෙන්නේ එම කාලපරිච්ඡේදය අතරතුරදී රජය විසින් මුද්‍රණය කරන්නට යෙදුණු නව මුදල් ප්‍රමාණයයි. 

එසේ බැලූ විට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නිවැරදි වේ යැයි අපි වර්ගීකරණය කරමු.       

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේශණයකදී මෙන්ම මෙම FactCheck.lk විශ්ලේශණයේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුවදත්ත පුස්තකාලයදෛනික කටයුතුප්‍රවේශයhttps://www.cbsl.lk/eResearch/Modules/RD/SearchPages/Indicators_DailyOperationsNew.aspx 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.