ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය: කොවිඩ්-19 ආසාදිතව මියගිය අයගේ මෘතදේහ භූමදානය පිළිබඳ සැකශංකාවන් මිහිදන් කරයි

"

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) සහ රෝග වැලැක්වීම සහ පාලනය සඳහා වන යුරෝපා මධ්‍යස්ථානය (ECDC) මගින් කොවිඩ්-19 වැළඳී මියගිය බවට තහවුරු කරගත් හෝ සැක සහිත මෘත ශරීර හා කටයුතු කිරීම සඳහා පැහැදිලි සහ පුළුල් මාර්ගෝපදේශන මාලාවන් නිකුත් කොට ඇත. මෙම සියලුම ගෝලීය වසංගත

| දෙසැම්බර් 31, 2020

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

කොවිඩ්-19 ආසාදනය වී මිය යන අයගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ ලබාදීම වෙනුවෙන් ගෝලීය වශයෙන් අතිවිශාල ලෙස සහය පළකිරීමක් සිදු වන අතර ඒ සම්බන්ධයෙන් වන මෙම ප්‍රකාශය කෙතරම් දුරට නිවැරදිද යන්න පිරික්සීමටඑක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) සහ රෝග වැළැක්වීම සහ පාලනය සඳහා වන යුරෝපා මධ්‍යස්ථානය (ECDC) විසින් ඉදිරිපත් කොට ඇති නවතම මාර්ගෝපදේශයන් FactCheck.lk මගින් පරිශීලනය කොට ඇතමෙම මාර්ගෝපදේශයන් වෙත ඒ ඒ අදාළ වෙබ් අඩවි ඔස්සේ ප්‍රවේශ වීමට හැක. 

“COVID-19 සන්දර්භය යටතේ මෘත දේහ සම්බන්ධයෙන් ආරක්ෂිතව කටයුතු කිරීම සඳහා ආසාදනය වැළැක්වීම සහ පාලනය කිරීම” සම්බන්ධයෙන් 2020 සැප්තැම්බර් මාසයේ නිකුත් කෙරුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය තුළභූමදානය හෝ ආදාහනය කිරීමට පෙරාතුව මළ සිරුරක් හැසිරවීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක පියවර අඩු තරමින් 50  ප්‍රමාණයක් ලැයිස්තුගත කොට ඇතමෙම සියලු ආරක්ෂක පියවර භූමදානය සහ ආදාහනය යන දෙයාකාරය සඳහාම අදාළ වේමෘත ශරීරයක් භූමදානය කිරීමෙන් අනතුරුව වෛරසය පැතිරිය හැකි කිසිදු ආකාරයක අවදානමක් අපේක්ෂා කරමින් වන එකදු පියවරක් හෝ  අතර දක්නට නැත. 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) නිකුත් කරන්නට යෙදුණු මෙම ලේඛනයේ ඇතුළත් “සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු” යන කොටස තුළ විශේෂයෙන්ම භූමදානය සම්බන්ධයෙන් වන සැකශංකාවන් නිෂ්ප්‍රභ කොට තිබේ, “බෝවන රෝගයක් පැතිරීම වැළැක්වීම උදෙසා බෝවන රෝගයකින් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට වන සුලභව හමුවන උපකල්පනයක් තිබේකෙසේ නමුත් එම උපකල්පනයට රුකුල් දීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැත” යනුවෙන් සඳහන් කරමිනි. “අවමංගල්‍ය කටයුතු සිදු කරනු ලබන්නේ භූමදානය කිරීමෙන් හෝ ආදාහනය කිරීමෙන්ද යන්න කොවිඩ්-19 සම්බන්ධයෙන් බලනොපායි” යනුවෙන් සඳහන් කරමින් එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයද (CDC) මෙම නිශ්චිත මතයම දරයිඑසේම “කොවිඩ්-19 වැළඳී ඇති බවට තහවුරුව හෝ සැක සහිතව මියගිය අය භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම සිදුකළ හැක” යනුවෙන් සඳහන් කරමින් රෝග  සහ පාලනය සඳහා වන යුරෝපා මධ්‍යස්ථානයද (ECDC) එය තහවුරු කරයි.   

ඉහත දැක්වෙන ආයතනයන් මගින් දරන්නා වූ මතය ඔස්සේගෝලීය මට්ටමින් අතිමහත් බහුතරයකගේ විද්‍යාත්මක සම්මුතියක් පිළිබිඹු වේ. කොවිඩ්-19 සහිතව මියගිය අයගේ මෘත දේහයන් භූමදානය කිරීම තහනම් කරනා ලෝකයේ වෙනත් එකදු රටක් හෝ සොයාගැනීමට මෙතෙක් FactCheck.lk සමත් වී නොමැත. 

එනිසා, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ මෙම ප්‍රකාශය නිවැරදි යැයි අපි පවසමු. 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයිඅපගේ සෑම FactCheck විශ්ලේශණයකදී මෙන්ම මෙම FactCheck.lk  විශ්ලේශණයේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 



Additional Note

වාර්තා වී ඇති පරිදි, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ මූලිකත්වයෙන් යුතුව පත් කරන ලද විශේෂඥ මණ්ඩලයක් මගින් ඉහත දක්වා ඇති කරුණු සාධක හා සමපාත වන වාර්තාවක් අමාත්‍යාංශයට ඉදිරිපත් කොට ඇත."විශේෂ ආරක්ෂක පූර්වෝපායයන්ට අනුකූලව කටයුතු කරමින් මළසිරුරු බැහැර කිරීම සඳහා ආදාහනය මෙන්ම භූමදානයද ඇතුළත් වන ලෙස විශේෂඥ කමිටුව මගින් මළසිරුරු බැහැර කිරීම සඳහා වන නිර්දේශයන් සංශෝධනය කර ඇත" යනුවෙන් සහ "[මෘත ශරීර] භූමදානය නිසා ජලය දූෂණය වීම ඔස්සේ සාර්ස් හෝ ඉන්ෆ්ලුවැන්සා සම්ප්‍රේෂණය වන බවට කිසිදු සාධකයක් හමුවී නොමැත" යනුවෙන්ද එහි දැක්වේ.


මූලාශ්‍රය

එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය, Funeral Guidance for Individuals and Families (පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් වන අවමංගල්‍ය මාර්ගෝපදේශනය)ප්‍රවේශයhttps://www.cdc.gov/coronavirus/2019-ncov/daily-life-coping/funeral-guidance.html [අවසන් වරට ප්‍රවේශය: 2021 ජනවාරි 12] 

ලෝක සෞඛ්‍ය සංවිධානය, Infection Prevention and Control for the safe management of a dead body in the context of COVID-19 (COVID-19 සන්දර්භය යටතේ මළ සිරුරක් හා ආරක්ෂිතව කටයුතු කිරීම සඳහා ආසාදනයන් වැළැක්වීම සහ පාලනය කිරීම), 2020 සැප්තැම්බර් 4පි. 1, 3, ප්‍රවේශයhttps://www.who.int/publications/i [අවසන් වරට ප්‍රවේශය: 2021 ජනවාරි 12] 

රෝග වැළැක්වීම සහ පාලනය සඳහා වන යුරෝපා මධ්‍යස්ථානය, Considerations related to the safe handling of bodies of deceased persons with suspected or confirmed COVID-19 (කොවිඩ් -19 සහිත බවට සැක සහිත හෝ තහවුරු කරන ලද මියගිය අයවලුන්ගේ මෘත ශරීර ආරක්ෂිතව හැසිරවීමට අදාළ කරුණු), ප්‍රවේශයhttps://www.ecdc.europa.eu/en/publications-data?s=deceased+persons+with+suspected+or+confirmed+COVID-19 [අවසන් වරට ප්‍රවේශය: 2021 ජනවාරි 12] 

විශේෂඥ මණ්ඩලයේ නිර්දේශයන් සම්බන්ධ වාර්තාකරණය සඳහා පිවිසෙන්නhttps://www.colombotelegraph.com/index.php/cremation-vs-burial-expert-panel-revises-recommendation-to-include-both-cremation-and-burial-of-covid-19-dead-bodies/ 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.