නලින්ද ජයතිස්ස

නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා තේ සහ රබර් කර්මාන්ත ආර්ථිකයට ලබා දෙන දායකත්වය නිවැරදිව දක්වා ඇත.

"

“මේ රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 1.5ක් එකතු කරන්නේ තේ කර්මාන්තයෙනුයි. තවත් ඩොලර් බිලියන දශම අටක් රබර් කර්මාන්තයෙන් එකතු කරනවා.”

මව්බිම | පෙබරවාරි 4, 2019

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

2019 පෙබරවාරි 4 වන දින මව්බිම පුවත්පත මගින් නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා සිදු කළ ඉහත ප්‍රකාශය දක්වා තිබුණි.

සිය ප්‍රකාශයේ මන්ත්‍රීවරයා ඇමෙරිකානු ඩොලර් අගයන් ලබා දී ඇති අතර, ඩොලර් අගයන් භාවිතා වන්නේ අපනයන දත්ත පිළිබඳ  සඳහන් කිරීමේදීයි. 2017 වසරෙහි ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවෙහි 5.3 වගුවෙහි පහත දත්ත සඳහන් වේ.

තේ: 2017 වසරෙහි තේ අපනයන්හි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.529කි. මෙය මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හා සැසඳේ.

රබර්: 2017 වසරෙහි රබර් අපනයන්හි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 38.9ක් වූ අතර, රබර් නිෂ්පාදිත අපනයන්හි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 0.835කි. මේ අනුව සමස්ත රබර් කර්මාන්තයෙහි අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 0.874කි. මෙම අගයද මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයන් හා සැසඳේ.

මේ අනුව අප ජයතිස්ස මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සත්‍ය ලෙස නම් කර ඇත.

සිය ප්‍රකාශයෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමට උත්සාහ දරා තිබුණේ ඉහත කර්මාන්ත රටෙහි ආර්ථිකයට විශාල දායකත්වයක්  දක්වන බවයි. මන්ත්‍රීවරයා පැවසූ දත්ත රටෙහි අපනයන ආදායම පිළිබඳ අගයන්ය. මේ අනුව, මන්ත්‍රීවරයා ආර්ථිකයට දක්වන දායකත්වය  ලබා දී ඇත්තේ අපනයන අදායම මගින්ය. කෙසේ වෙතත් ආර්ථිකයට දක්වන දායකත්වයට වඩා පුළුල් අර්ථකතනයක් ලබා දෙන්නේ නම් (දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය වැනි) මෙම කර්මාන්ත රටෙහි ආර්ථිකයට ලබා දෙන දායකත්වය අපනයන ආදායමට වඩා තවත් වැඩි වනු ඇත.

*FactCheck.lk හි තීරණය පාදක වී ඇත්තේ පොදු ජනයාට ලබා ගැනීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම, මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck.lk හි ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.



මූලාශ්‍රය