සුනන්ද මද්දුම බණ්ඩාර

ජනාධිපති උපදේශකට පළාත් පාලන මැතිවරණ ප්‍රමාදයන් ගැන කරුණු මගහැරේ

"

[…] 1991 න් පසුව මේ දක්වා පැවති සෑම පළාත් පාලන මැතිවරණයක්ම නියමිත කාල සීමාවේ නොපවත්වා කල් දමා ඇත […]

ලංකාදීප | ඔක්තෝබර් 25, 2023

false

වැරදියි

තොරතුරු පිරික්සීම

1991 න් පසුව පැවති සියලුම පළාත් පාලන මැතිවරණ කල් දමන ලද බවත්, නියමිත කාලසීමාව තුළ නොපැවැත්වූ බවත් ජනාධිපති උපදේශකවරයා මෙහිදී පවසා සිටියි.

මෙම ප්‍රකාශයෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 5(1), 5(2)(ආ) වගන්ති, මහ නගර සභා ආඥා පනතේ 10(1), 10(2)(ආ) වගන්ති සහ නගර සභා ආඥා පනතේ 10(1)(ආ), 10(2)(ආ) යන වගන්ති සහ පාර්ලිමේන්තු වෙබ් අඩවියපරිශීලනය කර ඇත.

ප්‍රාදේශීය සභා පනතේ, මහ නගර සභා ආඥා පනතේ සහ නගර සභා ආඥා පනතේ ඉහත සඳහන් වගන්තිවල දක්වා ඇති පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට “නියමිත කාලය”, නියම කරන ලද කාලසීමාවන් සහිත අවස්ථා දෙකකින් (S1 සහ S2) සමන්විත වේ .

  • අවසර ලත් වාර දීර්ඝ කිරීම් නොපැනවූයේ නම්, S1 ට මාස 48 ක නියමිත කාලයක් ඇත .
  • අවසර ලත් වාර දීර්ඝ කිරීම් පැනවූයේ නම් , S2 ට මාස 60 ක නියමිත කාලයක් ඇත .

පළාත් පාලන මැතිවරණ හයම පැවැත් වූ දිනයන් අංක 1 වගුවෙන් දැක්වේ. එක් පළාත් පාලන මැතිවරණයක් නියමිත කාලය තුළ (S1 යටතේ) ද, දෙකක් නියමිත කාලය තුළ (S2 යටතේ) ද පවත්වා ඇති අතර, නියමිත කාලයෙන් පිටත පවත්වා ඇත්තේ මැතිවරණ දෙකක් පමණක් බව ඉන් පෙනී යයි.

ජනාධිපති උපදේශකවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ නීතියෙන් නියම කර ඇති නියමිත කාලයෙන් බැහැරව පවතින පළාත් පාලන මැතිවරණයේ වත්මන් කල් දැමීම පදනම් කර ගනිමින් බව අපට මෙහිදී සැලකිය හැක.

ජනාධිපති උපදේශකවරයා කරුණු දෙකක් සම්බන්ධයෙන් නිවැරදි නොවේ: (අ) 2006 පළාත් පාලන මැතිවරණය මාස 48ක් ඇතුළත පැවැත් වූ බැවින්සියලුම මැතිවරණවල කල් දැමීමක් සිදු වී නොමැත, සහ (ආ) කාලය ඉක්මවා පවත්වන ලද්දේ මැතිවරණ දෙකක් පමණක් වන අතර උපදේශකවරයා පැවසූ පරිදි සෑම මැතිවරණයක්ම පවත්වා ඇත්තේ නියමිත කාලය ඉක්මවූ පසු නොවේ.

එබැවින්, අපි ජනාධිපති උපදේශකවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන:

1987 නීතියට සංශෝධන ලෙස ක්‍රියා කළ පනත් තුනක් සම්මත කරගැනීම හේතුවෙන් 2018 පළාත් පාලන මැතිවරණය ප්‍රමාද විය. 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත, 2016 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත සහ 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් ඡන්ද ක්‍රමය, කාන්තාවන් සඳහා වන සමානුපාතික නියෝජනය, සහ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා සංශෝධන හඳුන්වා දෙන ලදි. නව කොට්ඨාස සීමා නිර්ණය කළ සීමා නිර්ණ ජාතික කමිටු වාර්තාවට එල්ල වූ නීතිමය අභියෝග හේතුවෙන් ඡන්දය පැවැත්වීම ප්‍රමාද විය.

අංක 1 වගුව: පළාත් පාලන මැතිවරණ – දින වකවානු



මූලාශ්‍රය

මැතිවරණ දිනයන්, පාර්ලිමේන්තුව: https://parliament.lk/en/dates-of-elections

ප්‍රාදේශීය සභා පනත: https://www.parliament.lk/files/ca/12._Pradeshiya_Sabhas_Act.pdf

https://citizenslanka.org/wp-content/uploads/2016/02/Pradeshiya-Sabhas-Act-No-15-of-1987-E.pdf

මහ නගර සභා ආඥා පනත: https://www.srilankalaw.lk/revised-statutes/alphabetical-list-of-statutes/1576-municipal-councils-ordinance.html

නගර සභා ආඥා පනත: https://www.srilankalaw.lk/u/1578-urban-councils-ordinance.html

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ මැතිවරණ සන්ධිස්ථාන, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය: https://cmev.org/wp-content/uploads/2016/09/election-milestones-of-the-electoral-history-in-sri- lanka.pdf

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය http://www.documents.gov.lk/files/egz/2017/12/2047-52_E.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.