කංචන විජේසේකර

අමාත්‍ය විජේසේකර – වැඩියෙන් කියා ඇති විදුලි අලාභයේ වැඩිම අලාභයකුත්, වැඩියෙන් කියයි

"

වර්ෂාපතනයක් ලැබෙන්නේ නැති තත්ත්වයක් නම් තිබෙන්නේ, අපට අවශ්‍ය සම්පූර්ණ ගල් අඟුරු ප්‍රමාණය අප්‍රේල් මාසය වෙනකොට ලබා ගන්න පුළුවන් වුණොත්, අඛණ්ඩව, පැය 24 පුරාම විදුලිය ලබා දෙන්න හැකි වෙනවා....ඒ කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තොත්, අපේ ජනන වියදම රු. බිලියන 889 යි. ඒකෙන් අපට ලැබෙන්නේ රු. බිලියන 400 ක් වාගේ ප්

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව | නොවැම්බර් 25, 2022

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

2022 අගෝස්තු මාසයේදී විදුලි ගාස්තු වැඩි කළ ද, ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ආදායම සහ පිරිවැය අතර හිඟය 2023 වසර සඳහා දළ වශයෙන් රුපියල් බිලියන 489ක් වනු ඇති බවක් අමාත්‍යවරයා අදහස් කරන්නේ යැයි FactCheck.lk විසින් ඔහුගේ ප්‍රකාශය මෙහිදී අර්ථකථනය කර ඇත.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා, ලංවිම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) වෙත ඉදිරිපත් කරන ලද 2023 වර්ෂය සඳහා වන බලශක්ති උත්පාදන අවශ්‍යතා පිළිබඳ යෝජනාව FactCheck.lk විසින් පරිශීලනය කර ඇත.

ලංවිම යෝජනාව මගින් විදුලි උත්පාදනයට අදාළ අවස්ථා 12ක් සඳහා ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබේ (අංක 1 වගුව බලන්න). වෙනත් කරුණු හැරුණු කොට (අ) බලාපොරොත්තු වන වර්ෂාපතන මට්ටම (ජල විදුලිය ලබා ගැනීමට හැකි වීම), (ආ) සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තියෙන් ලැබෙන දායකත්වය, (ඇ) විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර ඇති කාලසීමාව අනුව, මෙම අවස්ථා එකිනෙකට වෙනස් වේ. එමනේම, එම සෑම අවස්ථාවක් සඳහාම ඊට අදළ අලාභය ද පුරෝකථනය කර තිබේ.

එම එක් එක් අවස්ථාව සඳහා පුරෝකථනය කරන ලද අලාභයන් රුපියල් බිලියන 247.8 සිට රුපියල් බිලියන 423.5 දක්වා පරාසයක පවතී (අංක 2 වගුව බලන්න). ජල විදුලි බලාගාර සහ සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා අවම දායකත්වය ලැබෙන බව හා 2023 වර්ෂය තුළ විදුලි කප්පාදුවකින් තොරව සමස්ත විදුලි ඉල්ලුම සපුරාලනු ඇති බව උපකල්පනය කෙරෙන A නම් අවස්ථාව, අමාත්‍යවරයා විස්තර කරන අවස්ථාවට වඩාත්ම ආසන්න වශයෙන් ගැලපේ.

අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අලාභය, එම තත්ත්වයන් යටතේ ලංවිම විසින් පුරෝකථනය කරන ලද අලාභයට වඩා 15%ක් පමණ වැඩි වේ. අවස්ථා 12 අතරින් ඔහු විසින් තෝරා බේරා ඉදිරිපත් කර ඇති අවස්ථාව ලංවිම විසින් ඉදිරිපත් කරන ලද (බොහෝ දුරට සිදු නොවීමේ වැඩි ඉඩකඩක් ඇති) වඩාත්ම අසතුටුදායි අවස්ථාවන්ගෙන් එකක් වන බැවින් එම කරුණ වඩාත් නොමඟ යවනසුළු වේ.

අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති වැඩිම අලාභයක් සහිත අවස්ථාවන්ගෙන් එකක් පමණක් තෝරාගෙන ඉදිරිපත් කර ඇති අතර, එම අලාභය ද 15% න් වැඩි කොට දක්වා තිබේ. එබැවින්, අපි ඔහුගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යැයි වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: විදුලිබල මණ්ඩලය විසින් අවස්ථා විශ්ලේෂණය සඳහා සලකා බලන ලද විචල්‍යයන්

සටහන* – යෝජිත පැය 3 ක විදුලි කප්පාදුව හේතුවෙන් වහල මත සවි කරන ලද සූර්ය පැනල මගින් ජනනය කෙරෙන විදුලි බලය අඩුවෙන් දක්වා ඇත.

මූලාශ්‍රය: ලංකා විදුලි බල මණ්ඩලය

 

අංක 2 වගුව: ලංකා විදුලිබල මණ්ඩලය පළ කරන ලද මූල්‍යමය පුරෝකථන සඳහා අමාත්‍යවරයාගේ ප්‍රකාශය සමඟ අවස්ථා විශ්ලේෂණය සංසන්දනය කිරීම

මූලාශ්‍රය: ලංකා විදුලිබල මණ්ඩලය



Additional Note

ලංවිම විසින් ගණනය කරන ලද අලාභයන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ගණනය කරන ලද අලාභයන්ට වඩා බොහෝ සෙයින් ඉහළ වේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාව යනු පිරිවැය සහ ආදායම් පුරෝකථනයන් කෙතරම් දුරට නිරවද්‍ය සහ සාධාරණ වන්නේ ද යන්න තක්සේරු කරන නියාමන ආයතනය සහ බලයලත් මූලාශ්‍රය වේ. සිදු වීමට වඩාත්ම ඉඩකඩක් ඇති අවස්ථාව ලෙසට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සලකන අවස්ථාව 2022 දෙසැම්බර් මාසයේදී එම සභාව විසින් පළ කරන ලද අතර, එම අවස්ථාව යටතේ සිදු විය හැකි අලාභය රුපියල් බිලියන 15ක් පමණක් ලෙසට දක්වා තිබේ.


මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල පිරිවැය පුරෝකථනය 2023, (2022 දෙසැම්බර් 21), ප්‍රවේශය https://mcusercontent.com/7dec08f7f8b599c6b421dfd10/files/93a36d81-a134-61dd-dba9-9fd8b054cf22/PUCSL.pdf  [අවසන් වරට ප්‍රවේශය 2023 පෙබරවාරි 01]

ලංකා විදුලිබල මණ්ඩලය, 2023 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත ජනන අවශ්‍යතාව, (2022 නොවැම්බර් 18 ) ප්‍රවේශය https://mcususercontent.com/7MCuserContent.com/1547B319-98619-98619-9819-9861313139813138313813831383138316 [අවසන් වරට ප්‍රවේශය 2023 පෙබරවාරි 01]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.