ජෝන් සෙනෙවිරත්න

මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න, ණය වැඩිවීම සම්බන්ධයෙන් පිට පිට පටලවා ගනී

"

එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව භාරදෙනකොට අපේ විදේශ ණය තිබුණේ සියයට 72යි. නමුත් යහපාලන ආණ්ඩුවට පසු මේ ආණ්ඩුව බලයට එන අවස්ථාව වන කොට ඒ ණය ප්‍රමාණය සියයට 96 දක්වා වැඩි වෙලා තිබුණා. එතකොට විශාල ණය ප්‍රමාණයක් ඒ අය බලයේ සිටි අවුරුදු පහ තුළ අරගෙන තිබෙන බව අපි කියන්න ඕනෑ.

හැන්සාඩ් වාර්තා | නොවැම්බර් 15, 2021

false

වැරදියි

තොරතුරු පිරික්සීම

2014 සිට 2019 වන විට, ශ්‍රී ලංකාවේ විදේශ ණය 72% ක සිට 96% දක්වා වැඩි වී ඇති බව (24% ක වැඩිවීමක්) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. කෙසේ නමුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදේශ ණය සම්බන්ධයෙන් මෙහිදී සඳහන් කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසද, නැතිනම් සමස්ත ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙසද යන්න පැහැදිලි නැත. 

2020 වසරේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවේ දැක්වෙන ආකාරයට, 2014 වසරේදී සහ 2019 වසරේදී, මධ්‍යම රජයේ විදේශ ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින් 30% ක් සහ 41.3% ක් බව පෙන්නුම් කෙරේඑසේ නැතිව, 2014 වසරේදී සහ 2019 වසරේදී විදේශ ණය, මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණයේ  ප්‍රතිශතයක් ලෙස ගත් විට, එය පිළිවෙලින් 41.6% ක් සහ 47.6% ක් බව පෙන්නුම් කෙරේ. (නිදර්ශක අංක 1 බලන්න). ඒ අනුව, මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය ඉහත කුමන ආකාරයෙන් අර්ථ නිරූපණය කළද එහි සඳහන් සංඛ්‍යා අතිවිශාල ලෙසින් දෝෂසහගත වේ.  

ඇතැම් විට අමාත්‍යවරයා සිය ප්‍රකාශය ඉදිරිපත් කිරීමේදී වරදවා ගෙන ඇති නම්, ඔහු සැබවින්ම අදහස් කළේ විදෙස් ණය පමණක් නොව මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය නම්, ඔහු ඉදිරිපත් කළ එක් සංඛ්‍යාවක් ආසන්න වශයෙන් නිවැරදිතාවයක් දක්වයි. 2014 සහ 2019 වසරවලදී  මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් ගත් විට, පිළිවෙලින් 72.3% ක් සහ 86.8% ක් වී තිබේඇතැම් විට අමාත්‍යවරයා සිය ප්‍රකාශය ඉදිරිපත් කිරීමේදී වරදවා ගෙන, සැබවින්ම අදහස් කරනු ලැබුවේ සමස්ත රාජ්‍ය ණය නම් (මධ්‍යම රජයේ ණයෙහි සහ රජය සතු ව්‍යවසායයන්ගේ ණයෙහි එකතුව), ඔහු සඳහන් කරන්නට යෙදුණු වෙනත් සංඛ්‍යාවක් ඊට වඩාත් ආසන්න අගයක් ගනී.  2014 සහ 2019 වසරවලදී  සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් ගත් විට, පිළිවෙලින් 80.7% ක් සහ 94.8ක් වේ (නිදර්ශක අංක 1 බලන්න). 

සාරාංශයක් ලෙසින් ගත් විට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම ප්‍රකාශයේ ඉදිරිපත් කළ සංඛ්‍යාවන් විදේශ ණය ලෙසින් දැක්වීම සම්පූර්ණයෙන්ම දෝෂසහගත වේ. ඔහු සිය ප්‍රකාශයේ සැබවින්ම අදහස් කළේ මධ්‍යම රජයේ ණය සම්බන්ධයෙන් නම්එහිදී ඔහු 2019 වසර සඳහා ඉදිරිපත් කළ ප්‍රතිශතය නිවැරදි නොවේ. ඔහු සැබවින්ම අදහස් කළේ සමස්ත රාජ්‍ය ණය පිළිබඳව නම් ඔහු ඉදිරිපත් කළ 2014 වසරේ ප්‍රතිශතය නිවැරදි නොවේ. කුමන ආකාරයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය කියවා බැලුවද,  2014 සහ 2019 කාලයන් අතර ණය වැඩිවීම ඉන් අතිශයෝක්තියෙන් දක්වයි. ඒ අනුවමන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නිවැරදි නොවේ යැයි අපි පවසමු. 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව 2020 

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව 2017 

මුදල් අමාත්‍යාංශය, වාර්ෂික වාර්තාව 2019 

මුදල් අමාත්‍යාංශය, වාර්ෂික වාර්තාව 2014 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.