චීන ණය බර ගැන මන්ත්‍රී රෝහණ බණ්ඩාර කරන ප්‍රකාශයත් ඒ තරමටම බරය

"

"ශ්‍රී ලංකාවට දී ඇති ණයවලින් 14%ක් ලබා දී ඇත්තේ චීනයයි"

දිනමිණ | මැයි 10, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව සනාථ කර ගැනීම උදෙසා, FactCheck.lk විසින් 2019 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව සහ 2019 වසර සඳහා වන මුදල් අමාත්‍යාංශයේ (MoF) වාර්ෂික වාර්තාව පරිශීලනය කර ඇති අතර එම දත්ත මෙම ප්‍රකාශයට අදාළව ලබාගත හැකි නවතම දත්ත වේ. 

බාහිර පාර්ශ්වයන් වෙත පියවිය යුතු ණය බැඳීම් ලෙස මධ්‍යම රජයේ ගිණුම් වාර්තාවලට මෙන්ම රාජ්‍ය ව්‍යවසායයන්හි (SOEs) ගිණුම වාර්තාවලට ඇතුළත් කර ඇති ණය බැඳීම්වලින් රාජ්‍ය අංශයේ බාහිර ණය සමන්විත වේ. මෙම දෙකොටසම එකතු කර බැලූ විට, 2019 දී රාජ්‍ය අංශය චීනයට ඇති බාහිර ණය බැඳීම් ප්‍රමාණය රාජ්‍ය අංශයේ සමස්ත ණය ප්‍රමාණයෙන් 14.8% ක් වී තිබේ (නිදර්ශක අංක 1). 

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය ප්‍රකාශයේදී එම 14.8% ක් වන ප්‍රතිශතය 15% ක් ලෙසින් වටයන්නේ නැතිව, 14% ක් ලෙසින් දක්වා තිබේ. කෙසේ නමුත් ඔහුගේ ප්‍රකාශයේ සන්දර්භය සලකා බැලීමේදී, අපට එම ප්‍රකාශය නිවැරදි යැයි වර්ගීකරණය කළ හැක.  

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 



Additional Note

අතිරේක සටහන්: ශ්‍රී ලංකාව තමන්ගේ විදේශ ණය බැඳීම් වාර්තා කිරීමේදී, එම ණය ප්‍රමාණ මධ්‍යම රජයේ ගිණුම්වාර්තාවල සිට රාජ්‍ය ව්‍යවසායයන්ගේ ගිණුම් වාර්තා දක්වා එහාටත් මෙහාටත් ගෙන යෑමේ නැඹුරුතාවක් දක්වයි. කෙසේ නමුත් මෙම දෙවර්ගයටම අයත් ණය අවසානයේදී රජයේ ණය වගකීම් වන බැවින්, සමස්ත රාජ්‍ය ණය ගණනය කෙරෙනුයේ මධ්‍යම රජයේ ණය සහ රාජ්‍ය ව්‍යවසායයන්හි පොත්වල සඳහන් වන ණය යන දෙකේම එකතුවක් ලෙසිනි. මෙම ණය එහා මෙහා ගෙන යෑමත්, එහි ප්‍රතිඵලයක් ලෙසින් ඇතිවී තිබෙන අවුල් වියවුල් තත්වයන්ද පිළිබඳ විශ්ලේෂණයක් සඳහා, වෙරිටේ රිසර්ච් වෙතින් ප්‍රකාශයට පත් වූ “ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය” නම් ප්‍රකාශනය කියවන්න. ( https://bit.ly/3gbfe3H).


මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශයවාර්ෂික වාර්තාව 2019, ප්‍රවේශයhttp://oldportal.treasury.gov.lk/web/guest/publications/annual-report [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූනි 02] 

ශ්‍රී ලංකා මහ බැංකුවවාර්ෂික වාර්තාව (2019), ප්‍රවේශයhttps://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූනි 02] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.