මෛත්‍රීපාල සිරිසේන

"

[ලංකාවේ රාජ්‍ය සේවයෙන්] සියයට 70 ක් කාන්තාවෝ

දිනමිණ | මාර්තු 28, 2019

false

වැරදියි

තොරතුරු පිරික්සීම

2019 මාර්තු 28 වන දින දිනමිණ පුවත්පත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉහත ප්‍රකාශය වාර්තා කර තිබුණි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත නවතම (2017 වසර සඳහා වූ) ශ්‍රී ලංකාවේ ශ්‍රමබල සමීක්ෂණ වාර්තාවට අනුව රාජ්‍ය අංශයේ ඇස්තමේන්තුගත රැකියා නියුක්තිය 1,178, 708 කි (සන්නද්ධ හමුදා හැරුණු කොට). මෙයින් සියයට 44.8 ක ප්‍රතිශතයක් කාන්තාවන් ලෙස වාර්තා වේ.

එමෙන්ම, 2018 වසරෙහි කාර්තු සඳහා වන වාර්තා ලබා දී ඇති දත්තවලට අනුව රාජ්‍ය අංශයේ ඇස්තමේන්තුගත රැකියා නියුක්තියෙහි කාර්තු හතරෙහි සාමාන්‍යය 1,158, 478 කි (සන්නද්ධ හමුදා හැරුණු කොට). මෙයින් සියයට 45.2 ක ප්‍රතිශතයක් කාන්තාවන් වේ.

මෙම දත්තවලට අනුව ශ්‍රී ලංකාවෙහි රාජ්‍ය සේවයෙහි සිටිනා කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට 45 ක් පමණය. ජනපතිවරයා පවසා ඇත්තේ මෙම ප්‍රතිශතය සියයට 70 ක් බවය. මේ අනුව අපි ජනපතිවරයාගේ ප්‍රකාශය සාවද්‍ය ලෙස නම් කර ඇත.

*FactCheck හි තීරණය පාදක වී ඇත්තේ පොදු ජනයාට ලබා ගැනීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම, මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck හි ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.



මූලාශ්‍රය

 

මූලාශ්‍ර: ශ්‍රී ලංකාවේ ශ්‍රමබල වාර්තාවෙහි වාර්ෂික වාර්තා සහ කාර්තු සඳහා නිකුත් කළ වාර්තා:

http://www.statistics.gov.lk/samplesurvey/LFS_Annual%20Report_2017_version2.pdf

http://www.statistics.gov.lk/samplesurvey/2018Q1report.pdf

http://www.statistics.gov.lk/samplesurvey/2018Q2report.pdf

http://www.statistics.gov.lk/samplesurvey/2018Q3report.pdf

http://www.statistics.gov.lk/samplesurvey/2018Q4report.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.