විමල් වීරවංශ

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ නිරවද්‍ය නිරීක්ෂණයන් ඉදිරිපත් කරයි

"

ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියේදී කර්මාන්තවලට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 26.4% ක්. එහෙත් එයින් අපනයනයන් සඳහා දායක වෙන්නේ 10% ක් වැනි ඉතාම අඩු ප්‍රතිශතයක්

Daily FT | අප්‍රේල් 9, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශය තුළ අමාත්‍යවරයා කරුණු තුනක් ඉදිරිපත් කරයි. එනම්, (අ) දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත මගින් ලබාදෙන සමස්ත දායකත්වය 26.4% ක් බව, (ආ)  කර්මාන්ත ආශ්‍රිත නිශ්පාදන- කාර්මික නිශ්පාදන –  අපනයනයන් දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය 10% ක් වන බව සහ  (ඇ) 26.4% ක නිෂ්පාදනයට එදිරිව බලන විට, 10% ක අපනයනයන් යනු සමස්ත කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනයෙන් ඉතා අඩු  කොටසක් බව යනු එකී කරුණු 3 වේ. 

මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව සෙවීම සඳහා FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රකාශිත ජාතික ගිණුම් සහ වාර්ෂික අපනයන සංඛ්‍යාලේඛනදලෝක බැංකුවේ සංවර්ධන දර්ශකද පරිශීලනයට ගෙන ඇත. 

මතු දැක්වෙන (අ) කරුණ සැලකූ විට, තාවකාලික දත්තවලට අනුව 2020 වසරේදී වෙළඳපොළ මිල ගණන් අනුව දළ දේශීය නිෂ්පාදිතය (GDP) ශ්‍රී ලංකා රුපියල් බිලියන 14,973 ක් වී තිබූ අතර, ඊට කාර්මික නිෂ්පාදනයන්ගෙන් ලැබී තිබූ දායකත්වය ශ්‍රී ලංකා රුපියල් බිලියන 3,930 කි. එනම්, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 26.2% ක් විණි. මෙය අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා සැසඳෙයි. 

ඔහුගේ ප්‍රකාශයේ (ආ) කරුණ සැලකූ විට, 2020 වසරේ කාර්මික අපනයන ප්‍රමාණය රුපියල් බිලියන 1,419 ක් වූ අතර, එය දළ වශයෙන් එම වසරේ කාර්මික නිෂ්පාදනයෙන් 36% ක් විණි. එසේම, 2020 සඳහා එම අපනයනයනවල වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.5% කි. එම 9.5%, දළ දේශීය නිෂ්පාදිතයෙන් 26.2%ක් වන කාර්මික නිෂ්පාදනයන් සමඟ සසඳද්දී අමාත්‍යවරයා පැවසූ ආකාරයට කාර්මික නිශ්පාදන අපනයන 10% ක ප්‍රමාණයක් ගන්නේය යන කරුණ අර්ථ නිරූපණය වනු ඇත (නිදර්ශකය 01 බලන්න). 

අගය එකතු කරන ලද කර්මාන්ත සහ නිෂ්පාදන අපනයන සම්බන්ධයෙන් 2017 ලෝක බැංකු දත්තවලට අනුවඅඩු මධ්‍යම  ආදායම්ලාභී රටවල (ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය එක්සත් ජනපද ඩොලර් 1036-4045) සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටවල (ඒක  පුද්ගල දළ  දේශීය නිෂ්පාදිතය එක්සත් ජනපද ඩොලර් 4046-12535) දළ දේශීය නිෂ්පාදිතයටඅගය එකතු කරන ලද කර්මාන්ත ලබා දී තිබෙන දායකත්වය පිළිවෙලින්, එම රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් 25.4%ක් සහ 25.9%ක් (මධ්‍යස්ථ ප්‍රතිශත) වේ. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතයේ  26.2% කොටසක් අගය එකතු කරන ලද කර්මාන්තවලින්  නියෝජනය කරන බව සැලකීමේදී, එම තත්ත්වයන් අපට බෙහෙවින්ම සමාන වේ

එසේ වුවත්ශ්‍රී ලංකාවේ කාර්මික අපනයනයන් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.5%ක් නියෝජනය කරන තත්ත්වයකඅප සිටින්නේ දළ දේශීය නිෂ්පාදිතයේ කාර්මික අපනයනවල නියෝජනය 4.3%ක් (මධ්‍යස්ථ ප්‍රතිශතය) වන අඩු මධ්‍යම ආදායම්ලාභී  රටවලට වඩා ඉහළිනි. අනෙක් පසින්, දළ දේශීය නිෂ්පාදිතයේ කාර්මික අපනයනවල නියෝජනය 19%ක් (මධ්‍යස්ථ ප්‍රතිශතය) වන ඉහළමධ්‍යම ආදායම්ලාභී රටවලට වඩා පහළිනි(නිදර්ශකය 2 බලන්න) 

දළ දේශීය නිෂ්පාදිතයට කාර්මික නිශ්පාදන අපනයනයන් දක්වන දායකත්වය වන 10% ක අගය දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙසට ගත් කළ අඩු අගයක් වන බවට අමාත්‍යවරයා එළැඹුණු  නිගමනයේ වලංගුභාවය සැබවින්ම රඳා පවතින්නේ, ශ්‍රී ලංකාව ඇගයෙන්නේ පහළ – මධ්‍යම ආදායම් රටක් ලෙසද නැතිනම් ඉහළ – මධ්‍යම ආදායම් රටක් ලෙසද යන්න මත වේ

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇ.එ.ජ. ඩොලර් 3,682 ක අගයක්  ශ්‍රී ලංකාව පහළ – මධ්‍යම ආදායම් ලබන රටවල් සහ ඉහළ-මධ්‍යම ලබන රටවල් අතර කඩඉමට ආසන්නව සිටී. පහළ – මධ්‍යම ආදායම් රටවල කාර්මික අපනයන් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට  පෙන්නුම් කරන 4.3% ක අගය සමඟ අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ (ඇ) කරුණ සාධාරණීකරණය කළ නොහැකි වුණත්, ඉහළ-මධ්‍යම ආදායම් රටවලට අදාළව පෙන්නුම් කරන 19.0% ක ප්‍රතිශතය මිණුම් දඬුව ලෙසින් ගත් විට එම කරුණ සාධාරණ වේ. තවද, පහළ – මධ්‍යම ආදායමක් ලබන රටවල්වලින් හතරෙන් එකකටත් වඩා සිදු කරන (2017 සඳහා දත්ත පවතින) කාර්මික  අපනයනයන් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 10% කට වඩා වැඩි වන අතර, ඉන් අඩකටත් වඩා  රටවල් සංඛ්‍යාවක කාර්මික නිෂ්පාදන අපනයනයන් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 20% කට වඩා වැඩි අගයක් පෙන්නුම් කරයි. ඒ අනුව, පහළ – මධ්‍යම ආදායම් ලබන රටවලින් ඉහළම 25% ක කොටසට එදිරිව ශ්‍රී ලංකාව ඇගයුම් කර බැලූ විටද අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ (ඇ) කරුණ සාධාරණ යැයි පිළිගත හැක. 

ඒ අනුව අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය නිවැරදි යැයි අපට කිව හැක. 

 

** FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 



Additional Note

* අගය එකතු කළ කර්මාන්ත යන්නෙත් දැක්වෙන්නේ ආර්ථිකය තුළ කාර්මික ක්ෂේත්‍රයට අදාළව සිදු කරන ලද අගය එකතු කිරීමේ සමස්ථය වන අතර එය ආර්ථිකයේ සමස්ථ අගය එකතු කිරීම්වලට දායක වන ක්ෂේත්‍ර 3න් එකකි. කෘෂිකර්මාන්ත සහ සේවා යන ක්ෂේත්‍ර එසේ ආර්ථිකයට අගය එකතු කිරීම් දායක කරන අනෙකුත් ක්ෂේත්‍ර වේ.


මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශීය අංශ සංඛ්‍යාලේඛන, අපනයනආනයන සහ වෙළෙඳ, අපනයන – වාර්ෂික (1990 සිට නවතම), ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/External-Sector [අවසන් වරට ප්‍රවේශය: 2021 මැයි 18] 

 

ශ්‍රී ලංකා මහ බැංකුව, සංඛ්‍යාති, සංඛ්‍යාලේඛනමූර්ත අංශයජාතික ගිණුම්, කර්මාන්ත මූලය අනුව දළ දේශීය නිෂ්පාදිතය (පවත්නා වෙළඳපොළ මිල අනුව), ප්‍රවේශයhttps://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/real-sector/national-accounts 

 [අවසන් වරට ප්‍රවේශය: 2021 මැයි 18]  

 

ලෝක බැංකුවදත්ත බැංකුවලෝක සංවර්ධන දර්ශකප්‍රවේශයhttps://databank.worldbank.org/source/world-development-indicators#  [අවසන් වරට ප්‍රවේශය: 2021 මැයි 18]  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.