අජිත් නිවාඩ් කබ්රාල්

පසුගිය වාහන ආනයනයන් සඳහා වූ වියදම ගැන හරි පාරේ

"

"2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 2,515,546 ක්. එසේම, එම වාහන ආනයනය කරන්නට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1,239 ක්"

ඩේලි නිව්ස් | අප්‍රේල් 6, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

රාජ්‍ය අමාත්‍ය කබ්රාල් විසින් සිදුකළ මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පිරික්සීම සඳහා FactCheck.lk මගින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සංඛ්‍යාලේඛන පරිශීලනය කර ඇත. FactCheck.lk මගින් මෙහිදී රාජ්‍ය අමත්‍යවරයාගේ ප්‍රකාශයට අදාළ සමස්ත වාහන ප්‍රමාණය ගණනය කිරීම සඳහා, HS කේත (සමගාමී පද්ධති කේත) අංක 8701 සිට 8716 දක්වා වන “දුම්රිය හෝ ට්‍රෑම්‍ රථ යන්ත්‍ර හා මැදිරි, සහ ඒවායේ කොටස් හා උපාංග හැර වෙනත් වාහන” යන කාණ්ඩයේ සමස්ත සංඛ්‍යාලේඛනයන් සැලකිල්ලට ගෙන ඇත. එසේම, එම ගණනය කිරීමේදී 8706 සිට 8709 දක්වාත්, 8712 සිට 8716 දක්වාත් (සියළුම මෝටර් රහිත වාහන සහ අමතර කොටස් උප කාණ්ඩයන්) වන HS කේත අත්හැර ඇත. 

මෙම දත්ත වලට අනුව, 2015 සිට 2019 දක්වා කාලය තුළ ආනයනය කළ සමස්ත වාහන සංඛ්‍යාව 2,631,612 කි. එම සඳහන් කාලය තුල ආනයනය කළ සමස්ත වාහන සංඛ්‍යාවේ වටිනාකම රුපියල් බිලියන 1,239.7 ක් වී ඇත. මෙම සංඛ්‍යාවන් රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ගේ ප්‍රකාශයේ එන සංඛ්‍යාවන් හා ආසන්නව සමපාත වේ.  

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි ප්‍රකාශ කරමු. 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්. 



මූලාශ්‍රය

අපනයන සංවර්ධන මණ්ඩලයවෙළඳ සංඛ්‍යාලේඛන පර්යන්තය, දුම්රිය හෝ ට්‍රෑම්‍ රථ යන්ත්‍ර හා මැදිරි, සහ ඒවායේ කොටස් හා උපාංග හැර වෙනත් වාහන,  ප්‍රවේශය මෙතැනින්: https://stat.edb.gov.lk/  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.