ඩලස් අලහප්පේරුම

අමාත්‍ය අලහප්පෙරුම: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව පැමිණි ගමන් මඟ පිළිබඳව නිවැරදි මාවතක

"

[අපි] ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඔවුන්ගේ සාමාජික පාර්ශවයක් විදියට ගිවිසුම්ගත වුණේ 1950. 1950 ඉඳලා මේ දක්වා අපි අවස්ථා 16 කදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාර්ශවකරුවෙක් විදියට, සාමාජිකයෙක් විදියට ඇතැම් ගනුදෙනු කරලා තියෙනවා... මට මතකයි 2008 වර්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ඩොලර් බිලියන 2.5

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්‍තුවේ නිල ෆේස්බුක් පිටුව | ජනවාරි 19, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන කරුණුවල වැරදිනිවැරදිභාවය සෙවීම සඳහා, FactCheck.lk මගින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිල වෙබ් අඩවියේ, මහජනතාවට ප්‍රවේශ විය හැකි  සාමාජිකත්ව දත්ත සහ මුදල් ලබා දීමට අදාළ බැඳීම්වල ඉතිහාසය පිළිබඳ දත්ත පරිශීලනය කර ඇත. 

දත්ත මූලාශ්‍ර මගින් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව 1950 වසරේදී ( 1950 අගෝස්තු 29) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා ගත් බවයි. එසේම, අමාත්‍යවරයා ප්‍රකාශ කළ ආකාරයටම, එතැන් පටන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලබා දීමේ පහසුකම් 16 ක් වෙත ශ්‍රී ලංකාව එළැඹ ඇති බවට එම දත්ත තව දුරටත් පෙන්වා දේ. [සැලකිය යුතුයි: 2021 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් එ.ජ.ඩොලර් මිලියන 787 ක විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීමක් (SDR) ලබාගෙන ඇති මුත්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන ණය පහසුකමක් ලෙසින් නොසැලකේ]. 

නිදර්ශන අංක 1 ඔස්සේ දැක්වෙන ආකාරයට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන ඇති වැඩිම පහසුකම වන්නේ 2009 දී ලබාගත් එ.ජ.ඩොලර් බිලියන 2.6 ක මුදලයි. අමාත්‍යවරයා විසින් මෙම මුදල සම්බන්ධයෙන් ආසන්න වශයෙන් නිවැරදිව සිය ප්‍රකාශය තුළ සඳහන් කරන අතර, එය ලබාගත් වසර ලෙසින් 2008 වර්ෂය දක්වයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් විශාලතම මුදල් පහසුකම එ.ජ ඩොලර් අගයෙන් දැක්වීමේදී සහ එය ලබාගත් වසර දැක්වීමේදී අමාත්‍යවරයා ආසන්න වශයෙන් නිවැරදි වන අතරම, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගත් වසර සම්බන්ධයෙන් සහ එතෙක් මෙතෙක් මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති පහසුකම් ගණන සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා නිවැරදි වේ. 

ඒ අනුව, අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි ප්‍රකාශ කරමු. 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 



මූලාශ්‍රය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය, ප්‍රවේශය: https://www.imf.org/en/Countries/ResRep/LKA [අවසන් වරට ප්‍රවේශය: 2022 පෙබරවාරි 15] 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික ලැයිස්තුව, ප්‍රවේශය: https://www.imf.org/external/np/sec/memdir/memdate.htm [අවසන් වරට ප්‍රවේශය: 2022 පෙබරවාරි 15] 

2018 සැප්තැබර් 30 වන විට ශ්‍රී ලංකාවේ මුදල් පහසුකම් බැඳීම් ඉතිහාසය (Sri Lanka: History of Lending Commitments as of September 30, 2018), ප්‍රවේශය: https://www.imf.org/external/np/fin/tad/extarr2.aspx?memberKey1=895&date1key=2018-09-30 [අවසන් වරට ප්‍රවේශය: 2022 පෙබරවාරි 15] 

විශේෂ ගැනුම් හිමිකම් (SDR) තක්සේරුව, ප්‍රවේශය: https://www.imf.org/external/np/fin/data/rms_sdrv.aspx [අවසන් වරට ප්‍රවේශය: 2022 පෙබරවාරි 15] 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි) වෙන් කිරීම් සහ බංගලාදේශ බැංකුව සමඟ ඇති කරගත් විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වන මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබෙයි (Sri Lanka receives Special Drawing Rights (SDR) Allocation of International Monetary Fund (IMF) and the Initial Disbursements under the Currency Swap Arrangement with the Bangladesh Bank), ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/news/sri-lanka-receives-sdr-and-initial-disbursement-of-currency-swap-agreement-with-bangladesh [අවසන් වරට ප්‍රවේශය: 2022 පෙබරවාරි 15] 

විශේෂ ගැනුම් හිමිකම් (SDR) පිළිබඳ ගැටළු සහ පිළිතුරු, ප්‍රවේශය: https://www.imf.org/en/About/FAQ/special-drawing-right#Q1.%20What%20is%20an%20SDR? [අවසන් වරට ප්‍රවේශය: 2022 පෙබරවාරි 15] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.