කෙහෙලිය රඹුක්වෙල්ල

අමාත්‍ය රඹුක්වැල්ල, ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් නැති ගෞරවයක් ලබාගන්නට තැත් කරයි

"

[කොවිඩ්-19] එන්නත් මාත්‍රා දෙකම ලබාදීම සම්බන්ධයෙන් ගත් විට, ඊයේ දිනය [ජනවාරි 01] වන විට, අපි ලෝකයේ 4 වෙනි ස්ථානයට ශ්‍රේණිගත වී තිබෙනවා. එන්නත ලබාගැනීමට සුදුසුකම් ලැබූ ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් [සඳහා එන්නත ලබාදීමෙන්] විදියට, අපි ලෝකේ රටවල් 194 කින් 4 වෙනි ස්ථානයට පත් වෙලා තිබෙනවා.

ඩේලි මිරර් ඔන්ලයින් | ජනවාරි 2, 2022

false

වැරදියි

තොරතුරු පිරික්සීම

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk මගින්, කොවිඩ්-19 එන්නත්කරණය සම්බන්ධව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අවර් වර්ල්ඩ් ඉන් ඩේටා (Our World in Data – OWID) වෙබ් අඩවියේ දත්ත පරිශීලනය කර ඇත. 

අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට එන්නත ලබාගැනීමට යෝග්‍ය ජනගහනය, ශ්‍රී ලංකාවේ නම් වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින් වේ. ඒ අනුව, අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් කරුණ වන්නේ, අඩු තරමින් කොවිඩ්-19 එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති වයස අවුරුදු 16 ට වැඩි ජනගහනය ප්‍රතිශතයක් ලෙසින් ගත් විට, ශ්‍රී ලංකාව ලෝකයේ 4 වෙනි ස්ථානයේ පසුවන බවයි. 

රටවල සමස්ත ජනගහනය ඔස්සේ හෝ වයස අවුරුදු 14 වැඩි ජනගහනය ඔස්සේ ගත් විට හෝ, ගෝලීය වශයෙන් සංසන්දනයක් කිරීමට මෙහිදී හැකියාව තිබේ. අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාව වන විට (ජනවාරි 1, 2022), ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16 වැඩි ජනගහනයෙන් 85.25% ක් එන්නත් කොට තිබිණි. එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 64.41% ක් වේ. මෙම අවස්ථාව වන විට, සමස්ත ජනගහනය සැලකූ විට ලෝකයේ වෙනත් රටවල් 56 ක් ශ්‍රී ලංකාවට වඩා වැඩි ප්‍රතිශතයකින් කොවිඩ්-19 සඳහා එන්නත්කරණය සිදුකර තිබූ අතර, වයස අවුරුදු 16 වැඩි ජනගහනය සැලකූ විට, අඩු තරමින් ලෝකයේ රටවල් 45 ක් හෝ ශ්‍රී ලංකාවට වඩා වැඩි ප්‍රතිශතයකින් කොවිඩ්-19 සඳහා එන්නත්කරණය සිදුකර තිබිණි. වයස අවුරුදු 14 වැඩි ජනගහනයේ වැඩි ප්‍රතිශතයක් එන්නත් කොට තිබීමෙන්ම වයස අවුරුදු 16ට වැඩි ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ද අවිවාදයෙන්ම එන්නත් කොට ඇති බව ගම්‍ය වීම, මෙම නිශ්චයට පැමිණීමට පදනම විය. 

රටේ සමස්ත ජනගහනය ගත් විට මෙන්ම වයස අවුරුදු 16 වැඩි ජනගහනය ගත් විටද, කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකම ලබාදීමට අදාළව ලෝකයේ ඉහළින්ම සිටින රටවල් 5 අතර ශ්‍රී ලංකාව නොසිටින අතරම, ඒ සම්බන්ධයෙන් ලෝකයේ ඉහළින්ම සිටින රටවල් 45 අතරට හෝ පැමිණ නැත 

අනුව, අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදි යැයි අපි ප්‍රකාශ කරමු 



මූලාශ්‍රය

අවර් වර්ල්ඩ් ඉන් ඩේටා (Our World In Data), සංඛ්‍යාලේඛන හා පර්යේෂණ, කොරෝනාවෛරසය, එන්නත්කරණ දත්ත සමුදාය, ප්‍රවේශය:   https://github.com/owid/covid-19-data/tree/master/public/data/vaccinations  [අවසන් වරට ප්‍රවේශය: 2022 පෙබරවාරි 9] 

අවර් වර්ල්ඩ් ඉන් ඩේටා (Our World In Data), සංඛ්‍යාලේඛන හා පර්යේෂණ, පුළුල්ව වයස් කාණ්ඩ අනුව ජනගහනය, ප්‍රවේශය: https://ourworldindata.org/grapher/population-by-broad-age-group?country=~OWID_WRL  [අවසන් වරට ප්‍රවේශය: 2022 පෙබරවාරි 9] 

වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොවිඩ්-19 ට එරෙහි එන්නත්කරණයේ ප්‍රගතිය [2022 ජනවාරි 1 වන විට], ප්‍රවේශය: https://www.epid.gov.lk/web/images/pdf/corona_vaccination/covid_vaccination_2022-01_01.pdf [අවසන් වරට ප්‍රවේශය: 2022 පෙබරවාරි 9]. 

ශ්‍රී ලංකා රජයේ කොවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතයේ නිල වෙබ් අඩවිය, එන්නත් සංඛ්‍යාලේඛන, දිස්ත්‍රික්ක අනුව එන්නතකරණ සාරාංශය, ප්‍රවේශය: https://covid19.gov.lk/vaccination-statistics.html [අවසන් වරට ප්‍රවේශය: 2022 පෙබරවාරි 9] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.