
රාජිත සේනාරත්න
එක්සත් ජාතික පක්ෂ
අපි දුම්කොළ භාවිතයට එරෙහිව සුදුසු ලෙසින් කටයුතු කරලා තියෙන අතරම, දුම්කොළ භාවිතය අඩු කිරීමේ උත්සාහයක් විදියට දුම්කොළ වලට 90% ක බදු පනවලා තිබෙනවා.
ඩේලි නිව්ස්: 20 Feb 2019

නලින්ද ජයතිස්ස
ජනතා විමුක්ති පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී
“මේ රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 1.5ක් එකතු කරන්නේ තේ කර්මාන්තයෙනුයි. තවත් ඩොලර් බිලියන දශම අටක් රබර් කර්මාන්තයෙන් එකතු කරනවා.”
මව්බිම: 4 Feb 2019

මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපති
ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ දුගී භාවය සියයට 6.7 ක් ලෙස වාර්තා වේ...
නිදහස් දින කතාව: 4 Feb 2019

සාගල රත්නායක
එක්සත් ජාතික පක්ෂය
“ගිය වසරේදී මෙරට අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වෙනුවන් වෙන් කළ මුදල සම්පුර්ණ අයවැයෙන් 25%ක්”
මව්බිම: 4 Feb 2019

රාජිත සේනාරත්න
එක්සත් ජාතික පක්ෂ
“විශ්වීය සෞඛ්‍ය රැකවරණය යටතේ හොදම සෞඛ්‍ය සේවාව කියුබාවේ සහ ශ්‍රී ලංකාවේ තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පිළිගෙන තිබෙනවා”
මව්බිම: 4 Feb 2019

අනුර කුමාර දිසානායක
ජනතා විමුක්ති පෙරමුණෙහි නායක
(වතු කම්කරුවන්) තම වැටුපෙන් 50% ක් ආහාරපාන සඳහා වියදම් කරනවා
ඩේලි නිවුස්: 25 Jan 2019

මහින්ද රාජපක්ෂ
විපක්ෂ නායක
පසුගිය වසර හතර තුළ එ.ජා.ප.ය ප්‍රමුඛ ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් වන විට තිබූ මුළු ණය ප්‍රමාණයෙන් සියයට පනහකට සමානය... මෙසේ ලබා ගන්නා ණය මගේ රජය කාලයදී ලබා ගත් ණය ගෙවීම සඳහා ලබා ගන්න බව කීවත්, මෙම ණය ලබා ගන්නේ පෙර ණය ගෙවීමට නම්, රටෙහි ඉතිරිව ඇති මුළු ණය ප්‍රමාණය වැඩි විය නොහැක.
ද අයිලන්ඩ්: 12 Jan 2019

සිසිර ජයකොඩි
එක්සත් ජනතා නිදහස් සන්ධානය
"දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද්විත්ව පුරවැසි භාවය සහිත අය බව අපි දන්නවා."
දිවයින: 2 Jan 2019

මහින්ද රාජපක්ෂ
විපක්ෂ නායක
මම අවුරුදු නමයක් ඇතුළත රටේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලෙ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4ක්.
දෙරණ: 25 Nov 2018