
ආචාර්ය බන්දුල ගුණවර්ධන
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
[සතොස] කියන්නේ 2015 ට කලින් පාඩු ලබා නැති ආයතනයක් . පහුගිය අවුරුදු පහේදී (2015-2019) සතොස රුපියල් බිලියන 20 ක පාඩු ලැබුවා.
ඩේලි නිව්ස්: 10 Mar 2021

මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍ය
පසුගිය 2019 දී රුපියල් මිලියන 63000ක් වෙලා තිබුණු අපනයන කෘෂි භෝග ආදායම අවුරුද්දක් තුළ රුපියල් මිලියන 73000 දක්වා වර්ධනය කරන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා
දිනමිණ: 3 Mar 2021

අජිත් නිවාඩ් කබ්රාල්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
මේ වනවිට (2021 පෙබරවාරි) නොගෙවා පවතින සමස්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වටිනාකම ඇ.එ.ජ. ඩොලර් බිලියන 14 ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ සමස්ත ණය වගකීමෙන් 16.7% කි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණයෙන් ඉතිරි 83.3% ක් දරණා වෙනත් කිසිදු ණය හිමියෙකුල [ශ්‍රී ලංකාවට] එම ණය නැවත ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවක හෝ ආතතියකින් පසුවන බවට කිසිදු සළකුණක් නොපෙනේ. අපට 2029 වසරේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඈවර වන තුරු ඉදිරි වසර අට සඳහා ගෙවීමට ඇත්තේ එක් වසරකට ඇ.එ.ජ. ඩොලර් බිලියන 1.0-1.5 ත් අතර මුදලක් වේ
සන්ඩේ ඔබ්සර්වර්: 28 Feb 2021

පාඨලී චම්පික රණවක
සමගි ජන බලවේගය
2019 ට සාපේක්ෂව... සීනි ආනයනය වැඩිවෙලා තියෙනවා 38% කින්... තෙල් හා මේද ආනයනය වැඩි වෙලා තියෙනවා 237% කින්.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා: 11 Feb 2021

අසේල ගුණවර්ධන
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල
[කොවිඩ්-19%] සමාජගත වීමක් වෙලා තියෙනවා නම් PCR පරීක්ෂණ සිදුකරන ප්‍රමාණය සමගින් ආසාදිත බවට තහවුරු වන ශීඝ්‍රතාව එන්න එන්න වැඩිවිය යුතුයි. වර්තමානයේ, ශ්‍රී ලංකාව එවැනි තත්වයක් අත්දකින්නේ නැහැ.”
ඩෙයිලි මිරර්: 10 Feb 2021

නිමල් සිරිපාල ද සිල්වා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
2020 වසරේ තේ කොළ අපනයන ධාරිතාව ඉන් පෙර වසරේ [අපනයන ධාරිතාව වූ] කිලෝ මිලියන 265.5ක ප්‍රමාණයෙන් 9.2% කින්, එනම් කිලෝ මිලියන 27 කින් අඩුවී ඇත. අගය අතින් ගත් විට එය 2019 වසරේ [තේ අපනයන] ආදායම වූ රුපියල් බිලියන 230.1 ක අගයෙන් 4.3% කින් එනම් රුපියල් බිලියන 10.4 කින් පහත වැටී ඇත... එම ආදායම අඩුවී ඇත්තේ, තේ කොළ ඒකකයක FOඹ් වටිනාකම (නැව තෙක් නොමිලේ මිල) කිලෝවකට රුපියල් 866.70 ක් ලෙසින් එතෙක් මෙතෙක් වූ වැඩිම මිල දක්වා ඉහළ නැග ඇති අතරේදීයි. එනම් එය 2019 වසරේ මිලෙන් 5.4% ක වැඩිවීමකි.
ඩෙයිලි ඒෆ්ට්: 9 Feb 2021

ඉරාන් වික්‍රමරත්න
සමගි ජන බලවේගය
කොටස් වෙළදපළෙන් විදෙස් ආයෝජන පිටතට ගලායෑම ගැන හරියටම දැනුම්දෙයි
ලංකා බිස්නස් ඔන්ලයින්: 8 Jan 2021

අජිත් නිවාඩ් කබ්රාල්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අපට ඇ.ඩො. බිලියන 8.2 සංචිත තිබුණා… යහපාලන රජය අපිට ආණ්ඩුව භාර දෙනකොට තිබුණේ ඇ.ඩො. බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් විතරයි.
මව්බිම: 7 Jan 2021

ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය
ශ්‍රී ලංකා
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) සහ රෝග වැලැක්වීම සහ පාලනය සඳහා වන යුරෝපා මධ්‍යස්ථානය (ECDC) මගින් කොවිඩ්-19 වැළඳී මියගිය බවට තහවුරු කරගත් හෝ සැක සහිත මෘත ශරීර හා කටයුතු කිරීම සඳහා පැහැදිලි සහ පුළුල් මාර්ගෝපදේශන මාලාවන් නිකුත් කොට ඇත. මෙම සියලුම ගෝලීය වසංගත පාලන වැඩසටහන් මගින් පැහැදිලිවම දක්වා සිටින්නේ, එසේ මියගිය අයගේ මෘතදේහ “භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම” කළ හැකි බවටයි...
නිව්ස් ෆර්ස්ට්: 31 Dec 2020