රනිල් වික්‍රමසිංහ

ජනාධිපති වික්‍රමසිංහ රජයේ වියපැහැදම් සඳහා පමණට වඩා අඩු සංඛ්‍යාවන් ගෙන හැර දක්වයි

"

පසුගිය රජයේ අයවැයෙන් රු. ට්‍රිලියන 2.3 ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත්, මෙම වසර සඳහා සැබෑ ආදායම් අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6 ක්. 2022 වසර සඳහා රජයේ වියදම රු. ට්‍රිලියන 3.3 කි . කෙසේ වෙතත්, පසුගිය රජයේ පොලී අනුපාත වැඩිවීම සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ වියදම රු. ට්‍රිලියන 4 ක

ඩේලි මිරර් | මැයි 17, 2022

false

වැරදියි

තොරතුරු පිරික්සීම

2022 මැයි 16 වැනි දින රූපවාහිනිය ඔස්සේ අග්‍රමාත්‍යවරයා ලෙස ජාතිය අමතා සිදු කළ තම මංගල කතාවේදී, එවක සිටි අගමැති වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙර අනුමත කර තිබූ අයවැය ඇස්තමේන්තු සහ ඊට සිදු කළ යුතු සංශෝධන ඉදිරිපත් කරන ලදි. 

FactCheck.lk විසින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාවන් පරීක්ෂා කර බලන ලදි. අයවැයට ඇතුළත් කරන ලද වියදම් ඇස්තමේන්තු ගෙන හැර දැක්වීමේදී නිවැරදි නොවන අගයක් ජනාධිපති වික්‍රමසිංහ ඒ සඳහා උපුටා දක්වා ඇති බව ප්‍රදර්ශිතය 1 න් පෙනී යයි. රජයේ මුළු වියදම (ණය ආපසු ගෙවීම් හැර) රු. ට්‍රිලියන 3.9 ක් ලෙස 2021 දෙසැම්බර මාසයේදී නිකුත් කරන ලද අනුමත අයවැය ඇස්තමේන්තුවල සටහන්ව තිබෙන නමුත් ඒ සඳහා ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය තුළ දක්වා ඇත්තේ රු. ට්‍රිලියන 3.3 ක අගයකි. 

පොලී සහ අනෙකුත් අමතර වියදම් හේතුවෙන් රජයේ වියදම් රු. ට්‍රිලියන 0.7කින් පමණ ඉහළ යනු ඇති බව ද ජනාධිපතිවරයා තව දුරටත් ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, රු. ට්‍රිලියන 0.7කින් වියදම වැඩිවීම හේතුවෙන් රජයේ වියදම රුපියල් ට්‍රිලියන 4.6 දක්වා වැඩිවනු ඇති අතර එය එම ප්‍රකාශයේ සඳහන් පරිදි රු. ට්‍රිලියන 4ක් නොවේ. එමෙන්ම, මේ හේතුවෙන් රජයේ අයවැය හිඟය රු. ට්‍රිලියන 3 දක්වා වැඩි වනු ඇත (එය ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙහි සඳහන් පරිදි රු. ට්‍රිලියන 2.4 ක් නොවේ). 

මේ අනුව, 2021 දෙසැම්බර මාසයේදී අයවැය ඔස්සේ අනුමත කරන ලද වියදම් ඇස්තමේන්තු ගෙන හැර දැක්වීමේදී ජනාධිපතිවරයා විසින් ඒ සඳහා නිවැරදි අගයන්ට වඩා අඩු අගයන් උපුටා දක්වා ඇත. එබැවින්, තමන් ඉදිරිපත් කළ අතිරේක වියදම් සම්බන්ධයෙන් සිදු කර ඇති යෝජනා හේතුවෙන් වැඩි වන අයවැය හිඟය සඳහා ඔහු විසින් දක්වා ඇති අගය, නිවැරදි අගයට වඩා අඩු සංඛ්‍යාවකි.  

මේ හේතුවෙන්, වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරන්නෙමු. 

* FactCheck.lk හි තීන්දුව පදනම් වී ඇත්තේ ප්‍රසිද්ධියේ ප්‍රවේශ විය හැකි නවතම තොරතුරු මතය. සෑම සත්‍ය පරීක්‍ෂණයකදීම මෙන්, නව තොරතුරු ලබා ගත හැකි නම්, FactCheck.lk විසින් තක්සේරුව නැවත සලකා බලනු ඇත. 

අංක 1 ප්‍රදර්ශිතය: 2022 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත රාජ්‍ය මූල්‍ය ශේෂයන්

මූලාශ්‍රය: මුදල් අමාත්‍යාංශය විසින් 2021 සඳහා අනුමත කරන ලද අයවැය ඇස්තමේන්තු, 2022 මැයි මාසයේදී අගමැති වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ මංගල කතාව



Additional Note

මෙම ප්‍රකාශය සිදු කිරීමෙන් පසු, 2022 ජුනි 8 වන දින පාර්ලිමේන්තුව විසින් රු. ට්‍රිලියන 0.7 ක පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කරන ලදි (https://www.parliament.lk/en/news-en/view/2595?category=6 ) . 2022 අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2022 සඳහා වූ අතුරු අයවැයෙන් මුළු වියදම රු. ට්‍රිලියන 4.6 දක්වා සංශෝධනය කරන ලදි. මෙම සංශෝධනය ඉහත සඳහන් කළ රජයේ වියදම් සඳහා වන FactCheck.lk හි ඇස්තමේන්තුවට අනුකූල වේ.


මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශය විසින් 2021 සඳහා අනුමත කරන ලද අයවැය ඇස්තමේන්තු 

2022 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත http://documents.gov.lk/files/bill/2022/7/220-2022_E.pdf [අවසන් ප්‍රවේශය: 2022 අගෝස්තු 10] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.