පාඨලී චම්පික රණවක

පා.ම. ච්ම්පික රණවක – රට අස්ථාවර සමතුලිතතාවයක පවතින්නේ යැයි කීම නිවැරදි නමුත්, ඉතිරි කර ගත් ඉන්ධන වියදම ගැන නිවැරදි නොවේ

"

...රටේ වත්මන් සාමාන්‍ය තත්ත්වය පවතින්නේ පහළ මට්ටමේ සමතුලිතතාවයක. මෙය අස්ථාවර සමතුලිතතාවයක්.... අපේ [මාසික] ඉන්ධන බිල සාමන්‍යයෙන් එ.ජ. ඩොලර් මිලියන 550ක අගයක් තමයි ගත්තේ. ඒක දැන් එ.ජ. ඩොලර් මිලියන 200 දක්වා අඩු කරලා තිබෙනවා.

ඩේලි මිරර් | ජනවාරි 12, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන බිල පහත වැටී ඇති බවත්, එලෙස ඉන්ධන බිල පහත වැටීම රටේ ආර්ථිකයේ සාමාන්‍ය තත්ත්වය අස්ථාවර සමතුලිතතාවයක පවතින බව කියාපාන උදාහරණයක් බවත් ඩේලි මිරර් පුවත්පත සමඟ පවත්වන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පා.ම. චම්පික රණවක පවසා සිටියේ ය. එ.ජ.ඩොලර් මිලියන 550 වශයෙන් පැවති ඉන්ධන බිල, එ.ජ.ඩොලර් මිලියන 200 දක්වා අඩු කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවට මසකට එ.ජ.ඩොලර් මිලියන 350 ක් පමණ  මුදලක් ඉතිරි කර ගත හැකි වී තිබෙන බව පා.ම. එම උදාහරණය තුළින් පවසා සිටී. එනම්, විදේශ මුදල් ගලා ඒම් සහ පිටතට ගලා යෑම් අතර පවතින වෙනස සම්බන්ධයෙන් මෙම අස්ථාවරත්වය පවතින බව පා.ම. විශ්වාස කරන්නේ යැයි ඉන් හැඟී යයි 

ඉහත ප්‍රකාශය ඇගයීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් ප්‍රකාශයට පත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක, මාසික ආනයන වියදම් සහ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය පිළිබඳ දත්ත විමසා බලන ලදි. 

එ.ජ. ඩොලර් මිලියන 550 ක අගය ගත් විට, ශ්‍රී ලංකාව විසින් මෙම මුදලට වඩා වැඩි මුදලක් ඉන්ධන සඳහා වැය කර ඇත්තේ එක් වතාවක් පමණක් බව මාසික ආනයන දත්ත වාර්තා පෙන්වා දේ. එම අගය 2012 නොවැම්බර් මාසයේදී වාර්තා වූ අතර එම අවස්ථාවේදී මාසික ඉන්ධන බිල එ.ජ.ඩොලර් මිලියන 581ක් විය. 

එ.ජ.ඩොලර් මිලියන 200 ක අගය ගත් විට, වාර්තා වී ඇති මාසික ඉන්ධන බිල මීට ආසන්න අගයක් පෙන්නුම් කර ඇත්තේ පසුගිය මාස 12න් එක් මාසයක් සඳහා පමණි. මෙහිදී, පසුගිය මාස 6 සඳහා සාමාන්‍යය එ.ජ.ඩොලර් මිලියන 355 ක් වූ අතර, අවසාන මාස 3 සඳහා සාමාන්‍යය එ.ජ.ඩොලර් මිලියන 398ක් විය (අංක 1 වගුව බලන්න). 

සාමාන්‍ය ඉන්ධන බිලට සාපේක්ෂව යම් ඉතිරි කිරීමක් සිදු වී ඇති බව ද පා.ම. විසින් ප්‍රකාශ කරන ලද අතර එම කරුණ ඇගයීම සඳහා 2019 (කොවිඩ්-19 වසංගත කාලයට සහ වත්මන් ආර්ථික අර්බුදය ඇරඹීමට පෙර කාල වකවානුව) සහ 2022 (නොවැම්බර් දක්වා) අතර කාලයට අදාළ මාසික ඉන්ධන ආනයන වියදමේ සාමාන්‍යය සංසන්දනය කරන ලදි. මෙම කාල සීමාවන් අතර මාසික ඉන්ධන ආනයනයවල වටිනාකමේ සාමාන්‍යය එ.ජ.ඩොලර් මිලියන 86කින් ඉහළ ගොස් ඇති බව එම දත්ත පෙන්වා දේ. එබැවින්, ඉන්ධන ලබා ගැනීමට අදාළව ඉතිරි කර ගත හැකි වී තිබෙන විදේශ මුදල් පිටතට ගලා යාම් පිළිබඳ උදාහරණයේදී පා.ම. විසින් උපුටා දක්වන ලද සංඛ්‍යා, නිල දත්තවල දක්නට ලැබෙන සංඛ්‍යාවන්‌ට සෑම අතින්ම පටහැනි වේ. 

ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් ශුද්ධ මුදල් ගලා ඒම්/පිටතට ගලා යාම් ආශ්‍රිතව පවතිනඅස්ථාවර සමතුලිතතාව” පිළිබඳව පා.ම. සිදු කළ වඩා පුළුල් ප්‍රකාශය ඇගයීම සඳහා, FactCheck.lk විසින් මහ බැංකුව විසින් පළ කර ඇති ආනයනය කරන ලද සහ අලෙවි කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන ප්‍රමාණයන් පිළිබඳ දත්ත විමසා ඇත. 2019 වර්ෂයේ ඛනිජ තෙල් නිෂ්පාදනවල අලෙවියට සාපේක්ෂව 2022 වර්ෂයේ අලෙවිය, භූමිතෙල්, පෙට්‍රල් සහ ඩීසල් සඳහා පිළිවෙලින් 31%, 13% සහ 10% කින් පහත වැටී ඇති බව 2019 සහ 2022 දී ආනයනය සහ අලෙවි කරන ලද ප්‍රමාණයන් සංසන්දනය කළ විට පෙනී යයි. එමෙන්ම, බොරතෙල් සඳහා එම අඩු වීම 44% කි (අංක 2 වගුව බලන්න). ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම අසාමාන්‍ය තත්ත්වයන් මෙන්ම අනිවාර්ය වශයෙන් ක්‍රියාත්මක වූ ප්‍රතිපත්ති හේතුවෙන් පහත වැටී ඇති අතර (ඉන්ධන සලාක ක්‍රමය හඳුන්වා දීම සහ විදුලිය කප්පාදු කිරීම හේතුවෙන්), පා.ම. ප්‍රකාශ කළ පරිදි ආනයන අගයන් අඩු වීමක් සිදු වී නොමැති නමුත්, මුදල් ගලා ඒම් / පිටතට ගලා යාම් අතර සමතුලිතතාවය මෙලෙස ඉල්ලුම පහත වැටීම මත රඳා පවතින බව මින් හැඟී යයි. 

පා.ම. තම තර්කයට රුකුලක් වශයෙක් ඉදිරිපත් කර ඇති සංඛ්‍යා සහ උදාහරණ බොහෝ දුරට නිවැරදිභාවයකින් ‌තොර වේ. එහෙත්, විදේශ මුදල් ගලා ඒම්/පිටතට ගලා යාම් ආශ්‍රිතව පවතින අස්ථාවර සමතුලිතතාව පිළිබඳ කරුණ ගෙන හැර දැක්වීමේදී පා.ම. හට ආනයන වියදම්/අලෙවි කරන ලද මුදල වෙනුවට ආනයනය  කරන ලද/අලෙවි කරන ලද ප්‍රමාණයන් යොදා ගැනීමට හැකියාව තිබිණි. එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු. 

* * FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 

අංක 1 වගුව: මාසික ඉන්ධන ආනයන වියදම 

මූලාශ්‍රය :ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් වාර්තා කරන ලද මාසික ආනයන වියදම් 

අංක 2 වගුව: ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය සහ බොරතෙල් ආනයනය සඳහා මාසික සාමාන්‍යය 

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත  

අංක 3 වගුව: මාසික ඉන්ධන ආනයන බිල සඳහා සමාන්‍යය 

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කරන ලද මාසික ආනයන වියදම් සහ සතිපතා ආර්ථික දර්ශක 

 



Additional Note

ඉන්ධන බිල සඳහා මාසික සාමාන්‍යය සෑම වසරකම එ.ජ.ඩොලර් මිලියන 550 කට වඩා අඩු අගයක් ‌ගෙන ඇති බව පවතින නවතම දත්ත (2007 සිට 2022 නොවැම්බර් දක්වා) පෙන්වා දේ. මාසික සාමාන්‍යය එ.ජ.ඩොලර් මිලියන 200 ට වඩා අඩු අගයක් ‌වාර්තා කර ඇත්තේ 2009 දී පමණි (අංක 3 වගුව බලන්න). 


මූලාශ්‍රය

 

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් වාර්තා කරන ලද මාසික ආනයන වියදම්, ප්‍රවේශය; https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector  [අවසන් වරට ප්‍රවේශය 1 ජනවාරි 2023] 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත ගබඩාව, ප්‍රවේශය; https://www.cbsl.gov.lk/en/statistics/data/economic-data-library [අවසන් වරට ප්‍රවේශය 1 ජනවාරි 2023] 

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් වාර්තා කරන ලද මාසික ආනයන වියදම් සහ සතිපතා ආර්ථික දර්ශක, ප්‍රවේශය; https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators [අවසන් වරට ප්‍රවේශය 01 ජනවාරි 2023] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.