ලසන්ත අලගියවන්න

රාජ්‍ය අමාත්‍ය අලගියවන්න – 2018 සහ 2021 අතර ශ්‍රී ලංකාවේ හොඳින් හුස්ම ගන්න පුළුවන් වුණා

"

2018 දී වායු දුෂණය කරන රටවල් අතුරින් ශ්‍රී ලංකාව හිටියේ (ආසියාවේ) හත් වෙනි තැන. දැන් ඒක දොළොස් වැනි තැනට දියුණුවී තිබෙනවා. ලෝකය ගත්තම (2018 දී) දාහත් වැනි තැන හිටියේ. දැන් 58 දක්වා දියුණුවී තිබෙනවා.

ලංකාදීප | නොවැම්බර් 29, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ආසියාවේ සහ ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මකභාවය 2018 සහ වර්තමානය අතර සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති බව කීමට රාජ්‍ය අමාත්‍යවරයා වායු ගුණාත්මකභාවය පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ දර්ශකයක් ගෙනහැර දක්වයි. 

මෙම කරුණුවල සත්‍යභාවයපරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් 2018 සහ 2021 (දැනට පවතින ආසන්නතම) ලෝක වායු ගුණාත්මකභාවය පිළිබඳ වාර්තාව (World Air Quality Report – WAQR) පරිශීලනය කර ඇත. FactCheck.lk කණ්ඩායමසොයා ගැනීමට හැකි වූ, වායු ගුණාත්මකභාවය පිළිබඳ ගෝලීය සංඛ්‍යාලේඛන සහ සැසඳීම් සපයන එකම ප්‍රාථමික මූලාශ්‍රය, මෙය  විය 

WAQR යනු IQAir විසින් කරන වාර්ෂික ප්‍රකාශනයකිIQAir ලොව පුරා රටවල් 117ක් සහ නගර 6,475ක් ආවරණය කරමින්, එම රටවල සහ නගරවල වාතයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන්  PM2.5 අංශු පදනම් කරගත් (සූක්ෂම අංශුමය ද්‍රව්‍ය) තත්කාලීන මෙන්ම අතීත දත්ත ලබාදෙන වේදිකාවක් ක්‍රියාත්මක  කරයි. 

PM2.5 යනු මයික්‍රෝන 2.5ක හෝ ඊට අඩු විෂ්කම්භයක් ඇති සියුම් අංශුය. වාතය සමග මුසුව ඇති මෙම අංශු මිනිස් සෞඛ්‍යයට වඩාත්ම හානිකර වායු දූෂකය ලෙස සැළකේ. පෙණහළුවල තැන්පත් වීමට අමතරව රුධිරයට අවශෝෂණය වීමට තරම් මෙම අංශු කුඩා වීම ඊට හේතුවයි.  

රාජ්‍ය අමාත්‍යවරයා ආසියාව පදනම් කරගත්  කලාපීය ශ්‍රේණිගත කිරීම් පිළිබඳව සඳහන් කරයි. FactCheck.lk හට එවැනි කිසිදු ශ්‍රේණිගත කිරීමක් හමු නොවීය, කෙසේ වෙතත්, WAQR වාර්තාව තුළ දකුණු ආසියාවේ සහ දකුණු සහ මධ්‍යම ආසියාවේ කලාපීය ශ්‍රේණිගත කිරීම් ඇතුළත් වේ. 

PM2.5 සංකේන්ද්‍රණය 32.0µg/m³ ක සාමාන්‍ය අගයක් සමඟ ඉහළ වායු දූෂණ මට්ටම්වලින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ 6 වැනි ස්ථානයටත්, ගෝලීය වශයෙන් 18 වැනි ස්ථානයටත් පත්වූ බව 2018 WAQR වාර්තාව පෙන්වා දේ. මේ අතර, 2021 WAQR වාර්තාව අනුව, ශ්‍රී ලංකාව සාමාන්‍ය‍ PM2.5 සංකේන්ද්‍රණය 17.4µg/m³ සමඟ දකුණු සහ මධ්‍යම ආසියාවේ 12 වැනි ස්ථානයටද, ගෝලීය වශයෙන් 58 වැනි ස්ථානයට පත්ව ඇත. 

ඒ අනුව කලාපීය සහ ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මකභාවය වැඩිදියුණු වී ඇති බවට රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය මෙම දත්ත මගින් තහවුරු කරයිි. 2018 සහ 2021 අතර ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මකභාවය නිරපේක්ෂව ගත් විට වැඩිදියුණු වී ඇත; WAQR වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ වාතයේ PM2.5 හි සාමාන්‍ය සංකේන්ද්‍රණය මෙම කාලය තුළ අඩකින් පමණ අඩුව තිබේ. 

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි වර්ගීකරණය කරමු 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.   

අතිරේක සටහන: මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ වාතයේ ගුණාත්මක භාවයේ සැලකිය යුතු දියුණුවක් තිබෙණ නමුත්, රාජ්‍ය අමාත්‍යවරයා සිය ප්‍රකාශය කළ කාලයේ  ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මකභාවය පැවතුණේ ඉතා අඩු මට්ටමකය. ‘සෞඛ්‍යයට අහිතකරලෙස වර්ගීකරණය කෙරුණු 55.5-150.4µg/m³ අතර PM2.5 සංකේන්ද්‍රණයක්, දිවයින පුරා ප්‍රධාන නගරවල වාර්තා වී තිබේ. www.airquality.lk ශ්‍රී ලංකාවේ තත්කාලීන වායු ගුණාත්මකභාවය ගැන දත්ත සපයන අතර, එම දත්තවල නිරවද්‍යතාව වඩාත් ඉහළ නංවනු වස් අදාළ තාක්ෂණික නිවැරදි කිරීම් ද, ඇතුළත්ව එසැණින්ම තත්කාලීන දත්ත සපයන ශ්‍රී ලංකාවේ එකම වේදිකාව ද, වේ. රජය සමග අත්වැල්බැඳගෙන ක්‍රියාත්මක වන www.airquality.lk, රටේ බොහෝ නගර ආවරණය කරමින් වායු ගුණාත්මකභාවය පිළිබඳ දත්ත මෙන්ම අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවරයන් ගැන මාර්ගෝපදේශයන් සැපයීම ද, සිදුකරයි.

අංක 1 ප්‍රදර්ශිතය: 2018 සහ 2021 දී ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මකභාවය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් 

මූලාශ්‍රය: ලෝක වායු ගුණත්ව වාර්තාව 2018, ලෝක වායු ගුණාත්මකභාවය පිළිබඳ වාර්තාව 2021 

* දකුණු ආසියාවේ 

** දකුණු සහ මධ්‍යම ආසියාවේ 

අංක 2 ප්‍රදර්ශිතය: වාතයේ PM2.5 සංකේන්ද්‍රණ පදනම් කරගත් ආරක්ෂිතතාව ගැන වර්ගීකරණය 

මූලාශ්‍රය: Airquality.lk

 

 

 

 

 

 

 

 

 

 

 

 



මූලාශ්‍රය

IQAir, ලෝක වායු ගුණාත්මකභාවය පිළිබඳ වාර්තාව 2021. ප්‍රවේශය: https://www.iqair.com/world-air-quality-report. [අවසන් වරට ප්‍රවේශය 2022 දෙසැම්බර් 15]  

IQAir, ලෝක වායු ගුණාත්මකභාවය පිළිබඳ වාර්තාව 2018. ප්‍රවේශය: https://www.iqair.com/world-most-polluted-countries. [අවසන් වරට ප්‍රවේශය 2022 දෙසැම්බර් 15]

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.