මනූෂ නානායක්කාර

ඉහළ ගිය විදේශ ප්‍රේෂණ ගැන අමාත්‍ය මනූෂ නානායක්කාර හරියටම හරි

"

2022 මාර්තු මාසයේ දී ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් විදේශ ප්‍රේෂණ එ.ජ.ඩොලර් මිලියන 318.4 ක් එවලා තිබෙනවා. මේ විදේශ ප්‍රේෂණ 2023 මාර්තු මාසයේදී එය එ.ජ.ඩොලර් මිලියන 568.3 දක්වා වැඩි වෙලා තිබෙනවා. මෙය 2022 මාර්තු මාසයේ වාර්තා වුණු ගලා ඒම්වලට සාපේක්ෂව 78.5% ක (එ.ජ.ඩොලර් මිලියන 249.9) වැඩි වීමක්.

මනූෂ නානායක්කාරගේ නිල ට්විටර් ගිණුම | අප්‍රේල් 6, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

2022 ට සාපේක්ෂව 2023 දී ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් වෙතින් ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා විසින් ට්විටර් පණිවිඩයක් ඔස්සේ ප්‍රකාශ කරන ලදි. මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පිරික්සීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් පළ කර ඇති විදේශ ප්‍රේෂණ ගලා ඒම් පිළිබඳ දත්ත විමසා බලා ඇත. 

සේවා නියුක්තිකයින් විසින් වෙනත් ආර්ථිකයක පදිංචිකරුවන් වෙත යොමු කරන ජංගම පැවරීම්යනුවෙන් රාජ්‍ය මූල්‍ය පිළිබඳ වාර්තාකරණයේදී විදේශ ප්‍රේෂණ අර්ථ දක්වා ඇත. (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශිත Balance of Payments and International Investment Position Manual/ගෙවුම් තුලනය සහ ජාත්‍යන්තර ආයෝජනය පිළිබඳ අත්පොතප්‍රකාශනයේ සය වැනි වෙළුම). 

2022 මාර්තු මාසයේදී ලැබුණු එ.ජ.ඩොලර් මිලියන 318.4 ක විදේශ ප්‍රේෂණවලට සාපේක්ෂව 2023 මාර්තු මාසයේදී එ.ජ.ඩොලර් මිලියන 568.3 ක විදේශ ප්‍රේෂණ ලැබී ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට වඩා 78.5% ක (එ.ජ.ඩොලර් මිලියන 249.9) වැඩිවීමකි. අමාත්‍යවරයා විසින් දක්වන ලද්දේ ද මෙම සංඛ්‍යාලේඛනම වේ. 2022 දෙවන කාර්තුවේ සිට කාර්තුවෙන් කාර්තුවට විදේශ ප්‍රේෂණ අඛණ්ඩව ඉහළ ගොස් ඇති බව අංක 1 වගුව පෙන්වා දේ. ඒ අනුව, 2022 අවසාන කාර්තුවට සාපේක්ෂව 2023 පළමු කාර්තුවේදී 16.3% න් විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් ඇත. 

සමස්තයක් වශයෙන් ගත් කළ, අමාත්‍යවරයා විදේශ ප්‍රේෂණ පිළිබඳ නිවැරදි සංඛ්‍යා සඳහන් කරන අතර, එමගින් 2023 දී විදේශ ප්‍රේෂණ අඛණ්ඩ ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවට ඔහු විසින් හැඟවීම ද නිවැරදි වේ. එබැවින්, අපි අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රකාශය නිවැරදි යැයි වර්ගීකරණය කරන්නෙමු. 

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 

අංක 1 වගුව – 2021 – 2023 දක්වා කාර්තුවෙන් කාර්තුවට විදේශ ප්‍රේෂණ වෙනස් වූ අයුරු (%) 

මූලාශ්‍රය: විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ – සංඛ්‍යාලේඛන, ශ්‍රී ලංකා මහ බැංකුව



Additional Note

2021 දෙවන කාර්තුවේ සිට 2022 පළමු කාර්තුව දක්වා කාර්තුවෙන් කාර්තුවට විදේශ ප්‍රේෂණ පහත බැස තිබේ. ඉන් අනතුරුව, 2022 දී දෙවන කාර්තුවේ සිට කාර්තුවෙන් කාර්තුවට අඛණ්ඩව විදේශ ප්‍රේෂණ වැඩි වී ඇති අතර, එය ප්‍රතිශතයක් වශයෙන් ඉහළම වැඩිවීමක් පෙන්නුම් කර ඇත්තේ 2022 අවසාන කාර්තුවේදී ය.


මූලාශ්‍රය

ගෙවීම් ශේෂය සහ ජාත්‍යන්තර ආයෝජන ස්ථාන අත්පොත, හයවන සංස්කරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල , https://www.imf.org/external/pubs/ft/bop/2007/pdf/bpm6.pdf [අවසන් වරට ප්‍රවේශය: 2022 අප්‍රේල් 27 ] 

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණසංඛ්‍යාලේඛන, ශ්‍රී ලංකා මහ බැංකුව , ප්‍රවේශය https://www.cbsl.gov.lk/en/workers-remittances/statistics [අවසන් වරට ප්‍රවේශය: 2022 අප්‍රේල් 27] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.