මංගල සමරවීර

ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන 34ක් ඉදිරියට පැමිණ ඇති බවට සමරවීර අමාත්‍යවරයා උපුටා දැක්වූ දත්ත සත්‍ය වේ.

"

ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් මාධ්‍ය නිදහස අතින් 165 වැනි ස්ථානයේ සිට 131 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

දිවයින | සැප්තැම්බර් 28, 2018

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ප්‍රකාශයෙහි පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් මාධ්‍ය නිදහස අතින් 165 වැනි ස්ථානයේ සිට 131 දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි.

එම ප්‍රකාශයෙහි අමාත්‍යවරයා උපුටා දක්වා ඇත්තේ Reporters Without Borders (RSF) සංවිධානය මගින් නිකුත් කරන ලද World Press Freedom Index ශ්‍රේණිගත කිරීමෙහි ලබා දී ඇති මාධ්‍ය නිදහස පිළිබඳ දත්තයි.

World Press Freedom Index ශ්‍රේණිගත කිරීම 2013 වසරෙහි සිට 2018 වසර දක්වා ලබා දී ඇති දත්ත ඇසුරෙන් අපි ප්‍රකාශයෙහි සත්‍යතාවය විමසා බැලුවෙමු. ඇමතිවරයා පැවසූ පරිදි මෙම ශ්‍රේණිගත කිරීමෙහි 2013 හා 2014 වසරවල ශ්‍රී ලංකාව ලබා ඇත්තේ 165 වන ස්ථානයයි. 2018 වසරේදී ශ්‍රී ලංකාව 131 වන ස්ථානයට පත්ව ඇත.

මේ අනුව සමරවීර ඇමතිවරයාගේ ප්‍රකාශය සත්‍යයක් ලෙසට අප විසින් නම් කර ඇත.

 



මූලාශ්‍රය

World Press Freedom Index ශ්‍රේණිගත කිරීම: https://rsf.org/en/