රංජිත් සියඹලාපිටිය

වාහන ආනයනය ගැන රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය හරි පාරේ

"

...ඒ කාලය තුළ [2015-2020], අපි වාහන 2,498,714 ක් ආනයනය කළා...ඒවායේ වටිනාකම රු. බිලියන 1,331.51ක්... අපි [ඒ මත] රු. බිලියන 991.12 ක බදු අය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ YouTube නාලිකාව | ජූනි 9, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

රජයේ බදු ආදායම ඉහළ නැංවීම සඳහා වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරීමේ යෝජනා යලි සලකා බැලීම පසුබ්ම් කරගනිමින් රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලදි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙහි සඳහන් කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශයේ 2022 සඳහා වාර්ෂික වාර්තාවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 සඳහා වාර්ෂික වාර්තාවත් පරිශීලනය කරන ලදි.

2015 සිට 2020 දක්වා කාලය තුළ මෝටර් රථ 2,530,830 ක් මෙරටට ආනයනය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවෙහි දක්වා ඇති අතර එය රාජ්‍ය අමාත්‍යවරයා විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාව සමඟ බොහෝ දුරට (1.5% ක වෙනසක් සහිතව) සමපාත වේ.

එම කාලසීමාව තුළ “පෞද්ගලික රථවාහන සහ රථවාහන හා යන්ත්‍ර කොටස්” යන කාණ්ඩය යටතේ ආනයනය කර ඇති භාණ්ඩවල වටිනාකම රුපියල් බිලියන 1,133.63ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පෙන්වා දේ. මෙම අගය රාජ්‍ය අමාත්‍යවරයා විසින් උපුටා දක්වන ලද අගය (රුපියල් බිලියන 1,331) සමඟ සමපාත නොවේ. කෙසේ වෙතත්, උපුටා දක්වන ලද සංඛ්‍යාවේ අංක මාරුවීම නිසා මෙම දෝෂය සිදු වූයේ යැයි වඩාත් සමීපව එය විමසා බැලීමේදී සිතිය හැක: එනම්, 133, 331 වශයෙන් දැක්වීම.

මේ අතර, “රථවාහන සහ වෙනත්” යන කාණ්ඩය යටතේ උපයන ලද සමුච්චිත බදු ආදායම රුපියල් බිලියන 1,053.51 ක් ලෙස වාර්තා වී ඇති අතර එය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අගයට වඩා සුළු වශයෙන් වැඩි අගයකි. කෙසේ වෙතත්, මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙහි ඉදිරිපත් කර ඇති කාණ්ඩයන්ගෙන් (“රථවාහන සහ වෙනත්”) පුළුල් භාණ්ඩ පරාසයක් ආවරණය වන බැවින් මෝටර් රථ සඳහා පමණක් සමුච්චිත බදු ආදායම යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා උපුටා දැක්වූ සංඛ්‍යාව බොහෝ දුරට නිවැරදි විය හැක.

එබැවින්, අපි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි යැයි වර්ගීකරණය කරමු.

අතිරේක සටහන: මෝටර් රථ ආනයන සීමා පැනවීමට පෙර, එනම්, 2015-2019 කාලසීමාව තුළ, “රථවාහන සහ වෙනත්” යන කාණ්ඩය යටතේ උපයන ලද බදු ආදායමේ සාමාන්‍යය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.48% ක් වූ බව වාහන ආනයන බදු සහ එමගින් රාජ්‍ය ආදායමට ඇති කරන බලපෑම සලකා බැලූ කළ පෙනි යයි.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



මූලාශ්‍රය

සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, ශ්‍රී ලංකා මහ බැංකුව 2022, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2022/en/15_Appendix.pdf [අවසන් වරට ප්‍රවේශය: 2022 ජූලි 19]

සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, ශ්‍රී ලංකා මහ බැංකුව 2019, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2019/en/15_Appendix.pdf [අවසන් වරට ප්‍රවේශය: 2022 ජූලි 19]

 

මෙම ප්‍රකාශයේ පසුබිම පිළිබඳ පුවත් සඳහා ප්‍රවේශය: https://www.ft.lk/front-page/Govt-mulls-lifting-of-vehicle-import-restrictions/44-749364 https://www.ft.lk/front-page/Siyambalapitiya-does-aU-turn-on-vehicle-imports/44-749521

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.