ගාමිණී ලොකුගේ

අමාත්‍ය ලොකුගේ පවසන තරමටම සේවක අර්ථසාධක අරමුදල ශක්තිමත් නැත

"

...අද ආසියාවේ තිබෙන ඉතාම ශක්තිමත් අරමුදල බවට [ශ්‍රී ලංකා] සේවක අර්ථ සාධක අරමුදල පත්වෙලා තිබෙනවා.

පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා | පෙබරවාරි 9, 2021

false

වැරදියි

තොරතුරු පිරික්සීම

අමාත්‍ය ලොකුගේ විසින් සිදුකළ මෙම ප්‍රකාශයේ ‘ශක්තිමත්’ යන වචනය අමාත්‍යවරයා විසින් භාවිතා කොට ඇත්තේ, ‘විශාලතම අරමුදල හැඳින්වීමට නැතිනම් ඉහළම ප්‍රතිලාභ අනුපාතයක් ඇති අරමුදල හැඳින්වීමට යැයි FactCheck.lk මගින් මෙහිදී උපකල්පනයක් සිදු කර ඇත. 

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයේ නිරවද්‍යභාවය විමසා බැලීම සඳහා, FactCheck.lk මගින් නිල මූලාශ්‍ර ඔස්සේ ආසියාවේ රටවල් කිහිපයක විශ්‍රාම අරමුදල්වල ප්‍රමාණයන් සහ ප්‍රතිලාභ අනුපාතයන් සොයා බලා, ඒවා ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදල හා සසඳා බලා ඇත. 

ප්‍රමාණය අතින් ගත් විට, ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් අරමුදල 2019 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 13 ක් පමණ වී ඇත. පහත නිදර්ශක අංක 1 මගින් දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට වඩා විශාල, ආසියාවේ වෙනත් රටවල් 9 ක විශ්‍රාම වැටුප් අරමුදල් 9 ක් පිළිබඳවයි.  

ප්‍රතිලාභ ලැබීමේ අනුපාතය සම්බන්ධයෙන් සලකා බැලීමේදී, මෙම අරමුදල් ඇත්තේ විවිධ මුදල් වර්ගවලින් වන බැවින්, වසර පහක කාලසීමාවක් සඳහා (2015-2019) මෙම අරමුදල්වල ප්‍රතිලාභයන් ඇමරිකානු ඩොලරයට හරවා සංසන්දනය කර ඇත. උක්ත කාලසීමාව සඳහා ගත් විට ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට 3.6% ක සං‍යුක්ත සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතයක් තිබී ඇත. නිදර්ශක අංක 1 මගින් ප්‍රතිලාභ අනුපාතයන් සම්බන්ධ දත්තද ඉදිරිපත් කර ඇත. ඊට අනුව පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට වඩා විශාල ප්‍රතිලාභ අනුපාතයන් ඇති අරමුදල් දෙකක් ආසියාවේ තිබෙන බවයි. ඒවා නම්, චීනයේ ජාතික සමාජ ආරක්ෂණ අරමුදල සහ ඉන්දියාවේ සේවක අර්ථසාධක අරමුදල වන අතර, එම අරමුදල් සඳහා පිළිවෙලින් 5.1% ක සහ 5.7% ක ප්‍රතිලාභ අනුපාතයන් තිබේ. 

මෙසේ ගත් විට, ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදල ආසියාවේ විශාලතම විශ්‍රාම වැටුප් අරමුදල නොවන අතරම, ඇමරිකානු ඩොලර් අගයෙන් ගත් විට ඉහළම ප්‍රතිලාභ අනුපාතය ලබාදෙන විශ්‍රාම වැටුප් අරමුදලද නොවේ. ඒ අනුව, අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි නොවේ යැයි අපි වර්ගීකරණය කරමු. 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



මූලාශ්‍රය

ජපානයේ රජයේ විශ්‍රාම වැටුප් ආයෝජන අරමුදල2019 මූල්‍ය වර්ෂය සඳහා වාර්ෂික වාර්තාවප්‍රවේශයhttps://www.gpif.go.jp/en/performance/past-performances.html[අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 06] 

කොරියානු ජනරජයේ ජාතික විශ්‍රාම වැටුප් සේවය2019 ජාතික විශ්‍රාම වැටුප් අරමුදල් වාර්ෂික වාර්තාවප්‍රවේශයhttps://fund.nps.or.kr/jsppage/fund/prs_e/prs_e_04.jsp [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 06] 

මැලේසියානු සේවක අර්ථසාධක අරමුදල2019 වාර්ෂික වාර්තාවප්‍රවේශය https://www.kwsp.gov.my/annualreport2019/index-en.html [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 06] 

චීනයේ සමාජ ආරක්ෂණ අරමුදල පිළිබඳ ජාතික සභාවසමාජ ආරක්ෂණ අරමුදල පිළිබඳ ජාතික සභාවේ 2019 වසර සඳහා සමාජ ආරක්ෂණ අරමුදල වාර්ෂික වාර්තාව (Annual report of the Social Security Fund of the National Council of Social Security Funds for 2019)ප්‍රවේශය:  http://www.ssf.gov.cn/cwsj/ndbg/  [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 06] 

සිංගප්පූරුවේ මධ්‍යම අර්ථසාධක අරමුදල් මණ්ඩලය2019 වාර්ෂික වාර්තාවප්‍රවේශයhttps://www.cpf.gov.sg/Members/AboutUs/about-us-info/annual-report [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 06] 

හොංකොං අනිවාර්ය අර්ථසාධක අරමුදල් යෝජනා ක්‍රම අධිකාරිය2019 -20 වාර්ෂික වාර්තාවප්‍රවේශයhttps://www.mpfa.org.hk/en/info-center/publications/annual-reports [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 06] 

ඉන්දියාවේ සේවක අර්ථසාධක අරමුදල් සංවිධානය, 2018 – 2019 වාර්ෂික වාර්තාප්‍රවේශයhttps://search.epfindia.gov.in/OperationStatistics/operational_stats_en.php [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 06] 

බාබර් සයිඩි‘කොරෝනාවෛරස් බලපෑම හේතුවෙන් 2019-20 මුදල් වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල 7% කට වඩා පොලියක් ලබා නොදෙනු ඇත: ඊට හේතු මෙසේයි’ (‘ EPF may not give more than 7% interest for FY19-20 due to coronavirus impact: Here’s why’), ඉකොනොමික් ටයිම්ස් (2020 අප්‍රේල් 13), ප්‍රවේශයhttps://economictimes.indiatimes.com/wealth/invest/epf-may-not-give-more-than-7-interest-for-fy19-20-due-to-coronavirus-impact-heres-why/articleshow/75092943.cms?from=mdr [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 06] 

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානයවිශ්‍රාම අරමුදල් සංඛ්‍යාලේඛන සමගින් (Pension Funds in Figures)ප්‍රවේශයhttp://www.oecd.org/pensions/private-pensions/Pension-Funds-in-Figures-2020.pdf [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 06] 

බ්ලූම්බර්ග් නිව්ස්, ‘ප්‍රතිලාභ ඉහළ නැංවීම උදෙසාරජයේ විශ්‍රාම වැටුප් අරමුදල විසින් විදේශ කොටස් මිලදී ගනී’ (‘Government Pension Fund buys foreign stocks to boost returns’), බැංකොක් පෝස්ට්  (2020 අගෝස්තු 24), ප්‍රවේශය:  https://www.bangkokpost.com/business/1973535/government-pension-fund-buys-foreign-stocks-to-boost-returns [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 06] 

ශ්‍රී ලංකා සේවක අර්ථසාධක අරමුදල, 2019 වාර්ෂික වාර්තාව, ප්‍රවේශයhttp://www.epf.lk/annual_reports.php [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 06] 

ශ්‍රී ලංකා සේවක අර්ථසාධක අරමුදල, 2019 විගණනය කළ මූල්‍ය ප්‍රකාශනයන් -ඉංග්‍රීසිප්‍රවේශයhttp://www.epf.lk/financial_statements.php [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 06] 

තින්ක් අහෙඩ් ආයතනයේ නිල වෙබ් අඩවියලෝකයේ විශාලතම විශ්‍රාම වැටුප් අරමුදල් – 2017 න් අවසන් වූ වසර සඳහා (The world’s largest pension funds – year ended 2017) ප්‍රවේශයhttps://www.thinkingaheadinstitute.org/research-papers/the-worlds-largest-pension-funds-year-ended-2017/ [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 06] 

ලෝක බැංකු නිල වෙබ් අඩවිය‘ලෝක සංවර්ධන දර්ශකයන්’ (World Development Indicators’), ප්‍රවේශය: https://databank.worldbank.org/reports.aspx?source=world-development-indicators [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 06] 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, 2021 පෙබරවාරි 09 වැනි දින පැවති පාර්ලිමේන්තු විවාද (හැන්සාඩ් වාර්තාව), ප්‍රවේශයhttps://www.parliament.lk/uploads/documents/hansard/1613042930073115.pdf [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 27] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.