ගයන්ත කරුණාතිලක

පා.ම. කරුණාතිලක රටේ ජනගහනයේ ධනවත්ම 10‍‍% ගැන කියන කතාව මසුරන්ය

"

අපේ රටේ ජාතික ආදායමෙන් 35% ප්‍රමාණයක් භුක්ති විඳින්නේ ජනගහනයෙන් 10%ක්.

දිවයින | මාර්තු 30, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයේ නිවැරදිබව පිරික්සීම උදෙසා, FactCheck.lk මගින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඔස්සේ ලබාගැනීමට ඇති වඩාත්ම යාවත්කාලීන ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්‍‍ෂණයේ (HIES) දත්ත පරිශීලනය කර ඇත. ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්‍‍ෂණය යනු ගෘහ ඒකකයකට අදාළ ආදායම් කොටස පිළිබඳ ඇස්තමේන්තු ඇතුළත් වන ප්‍රධාන මූලාශ්‍රයයි. මන්ත්‍රීවරයා විසින් ජාතික ආදායම යන යෙදුම මෙහිදී භාවිතා කර තිබුණත්, ඔහු සැබවින්ම සඳහන් කරන්නේ ජාතික ආදායම් සමීක්ෂණයේ වාර්තා වී ඇති ආදායම පිළිබඳව යැයි අපි මෙහිදී උපකල්පනය කරමු. එම ජාතික ආදායම් සමීක්ෂණයේ වාර්තා වී ඇති ආදායම් දත්ත සඳහා පදනම් කොටගෙන ඇත්තේ ගෘහ ඒකක ආදායම ලෙසින් වාර්තා  වී  ඇති දත්ත වන අතර, ඊට වාණිජ හෝ වෙනත් ආයතනවල ආදායම් පිළිබඳ දත්ත ඇතුළත් නොවේ. (සැලකිය යුතුයි: ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්‍‍ෂණය ඔස්සේ වාර්තා ලබාගෙන ඇස්තමේන්තු කර ඇති සමස්ත ආදායම, මහ බැංකුව මගින් ඇස්තමේන්තු ගත කර ඇති සමස්ත ආදායම හා සමාන වීම අපේක්ෂා නොකෙරේ.) 

යාවත්කාලීන ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්‍‍ෂණයේ වාර්තා ඇසුරින් ලබාගත් ඇස්තමේන්තු මගින් දැක්වෙන්නේ, 2016 වසරේදී සමස්ත ජනගහනයෙන් ධනවත්ම 10% ක කොටස වෙත සමස්ත ගෘහ ඒකක ආදායමෙන් 35.4% ක් ලැබී ඇති බවයි. 

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාතිලකගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි පවසමු.  

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්. 



Additional Note

පෙර වසරවල ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්‍‍ෂණයන්හි ඇස්තමේන්තු හා සංසන්දනය කර බලන විට පෙනී යන්නේ, සැබවින්ම යම් කාල සීමාවක් සඳහා ආදායම් බෙදී යෑමේ විෂමතාවයේ අඩුවීමක් දක්නට තිබූ බවයි. එනම්, ජනගහනයෙන් ධනවත්ම 10% මගින් අත්පත් කොටගෙන ඇති ආදායමේ අවනතියක් 2012 සිට 2016 දක්වා වූ කාලසීමාව තුළ දක්නට ලැබෙන අතර, සමස්ත ආදායමෙන් ජනගහනයේ අනෙකුත් කොටස් වෙත ලැබී ඇති කොටසේ නැග්මක්ද එම කාල සීමාව තුළ දක්නට ලැබේ (නිදර්ශක අංක 1 බලන්න).


මූලාශ්‍රය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්‍‍ෂණය2006/07, 2009/10, 2012/13, 2016, ප්‍රවේශයhttp://www.statistics.gov.lk/IncomeAndExpenditure/StaticalInformation [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 29] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.