අනුර කුමාර දිසානායක

රාජපක්ෂ අයවැය තක්සේරු කිරීමේදී පා.ම. අනුර කුමාර නිවැරදි නොවන වර්ගීකරණයක

"

රාජපක්ෂවරු කැබිනට් මණ්ඩලයේ 4ක් නියෝජනය කරනවා. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ පවුල වෙත - ඒ ඔවුන් නියෝජනය කරන අමාත්‍යාංශ වෙත - කොච්චර මුදලක් වෙන් කොට තිබෙනවාද? මුළු වියදම බිලියන 5200 යි, ට්‍රිලියන 5.2 යි. හැබැයි ඒ අමාත්‍යාංශ සඳහා වෙන් කරන ලද මුදල, මිලියන 5200ක් වැය කරන කොට මිලියන 3470ක් වැය ක

Newfirst.lk | නොවැම්බර් 20, 2021

false

වැරදියි

තොරතුරු පිරික්සීම

රාජපක්ෂ පවුල සහ  ඥාතීන් යටතේ ඇති අමාත්‍යාංශ හරහා සිදු කෙරෙන වියදම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර සිය ප්‍රකාශය තුළ සඳහන් කර ඇත. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පිරික්සීම සඳහා, FactCheck.lk මගින්, සම්පූර්ණ වියදම් යෝජනා ඉදිරිපත් කරන 2022 අයවැය කථාව සහ, අමාත්‍යාංශ මට්ටමෙන් වන වියදම් ප්‍රතිපාදන ඉදිරිපත් කරන 2022 අයවැය ඇස්තමේන්තු පරිශීලනය කොට ඇත.

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් 6 දෙනා යටතේ ඇති අමාත්‍යාංශ සඳහා සමස්ත වියදම් ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 1,827 ක් වී ඇති අතර (නිදර්ශක අංක 1 බලන්න), එය රුපියල් බිලියන 3,921 ක් වන රාජ්‍ය වියදම්වලින් 46.7% ක් වී ඇත (නිදර්ශක අංක 2 බලන්න). 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සිය ප්‍රකාශය තුළ උපුටා දැක්වුණු 64% ක ප්‍රතිශතය කරුණු දෙකක් නිසා දෝෂසහගත වේ. පළමු සහ වඩාත් බරපතල දෝෂය වන්නේ, එම ප්‍රතිශතය තුළට, රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිතීන් යටතේ වියදම් අයිතමයක් නොවන රාජ්‍ය ණය ක්‍රමක්ෂය කිරීම් (ණය ප්‍රාග්ධන ආපසු ගෙවීම්) ඇතුළත්ව තිබීමයි. එමෙන්ම, එම ප්‍රතිශතය විසර්ජන පනතේ සංඛ්‍යාවන් මත පදනම්ව ඇති අතර මෙම ප්‍රකාශය සිදුකිරීමට සතියකට පමණ පෙරාතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2022 අයවැය හරහා එම සංඛ්‍යාවන් අවලංගු වී යයි. මෙය, එම ප්‍රකාශය හා සම්බන්ධ දෙවැනි දෝෂය වේ.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නිවැරදි නොවේ යැයි අපි පවසමු. 

අතිරේක සටහන්: රාජ්‍ය ණය ක්‍රමක්ෂය කිරීම් ඇතුළත් කළ පසු මෙම යෝජිත අයවැයෙහි ඇතුළත් සමස්ත ප්‍රතිපාදන රුපියල් බිලියන 5,452 කි. එවිට, රාජපක්ෂ පවුල යටතේ ඇති අමාත්‍යාංශ සඳහා ණය ක්‍රමක්ෂය කිරීම් ඇතුළත්ව සමස්ත වියදම් ප්‍රතිපාදන (රුපියල් බිලියන 3,359) වන අතර එය සමස්ත ප්‍රතිපාදනවලින් 61.6% ක් වේ. මීට හේතුව, වියදම් අයිතමයක් නොවන, රාජ්‍ය ණය ක්‍රමක්ෂය කිරීම් සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන (රුපියල් බිලියන 1,531) මුදල් අමාත්‍යාංශය යටතේ වාර්තා වී තිබීමයි.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ පිළිතුර

 

FactCheck.lk හි ප්‍රති-පිළිතුර

අපගේ FactCheck.lk විශ්ලේශණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ලබාදුන් ප්‍රතිචාරය අපි බෙහෙවින්ම අගය කරමු. 

පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක විසින් සිය ප්‍රකාශයේ සඳහන් කළ 64% ක අගය සම්බන්ධයෙන් එක් දෝෂයක් නොව, දෝෂ දෙකක් ඇති බව FactCheck.lk මගින් නිරීක්ෂණය කරන්නට යෙදිණි. ඉන් පළමු දෝෂය වන්නේ ණය ක්‍රමක්ෂය කිරීම වියදම් ගණයෙහි ලා සැලකීම ඔස්සේ සිදුවූ නිවැරදි නොවන වර්ගීකරණය කිරීමයි. දෙවැනි දෝෂය වන්නේදෝෂසහගත වර්ගීකරණය කිරීම ඔස්සේ සිදුකළ ගණනයන් වුවත්, පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද අයවැයට අදාළව ගත් විට නිවැරදි නොවීමයි. FactCheck.lk නිශ්චය පිළිබඳව විස්තර කිරීමේදී, ඉහත කී කරුණු දෙකම සඳහන් කොට ඇත.  

නැවත ගෙවිය යුතු ණය ඇතුළත්ව තිබෙන්නේ මුදල් අමාත්‍යාංශ ශීර්ෂය යටතේ බැවින්, රජයේ සමස්ත වියදම් තක්සේරු කිරීමේදී ණය ක්‍රමක්ෂය කිරීම් ද ඊට ඇතුළත් කිරීම සාධාරණ වන බව සඳහන් කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක විසින් අපගේ මෙම FactCheck.lk විශ්ලේශණයට ප්‍රතිචාර දැක්වීමේදී සාකච්ඡාවට ගෙන ඇත්තේ පෙර කී පළමු දෝෂය පමණි. 

අප විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායකගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පළ කළ FactCheck.lk විශ්ලේශණයෙහි ඉහත කී සලකා බැලීමද සාකච්ඡාවට ගෙන ඇත. (https://www.factcheck.lk/claim/anura-kumara-dissanayake-7) 

රජයේ වියදම් තක්සේරු කිරීමේදී (උදා: සෞඛ්‍යය, අධ්‍යාපනය යනාදී ක්ෂේත්‍ර සඳහා වැය ප්‍රතිශතයන් පිළිබඳ සඳහන් කිරීම) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින්ම නිරන්තරයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලබන සංඛ්‍යාලේඛන සඳහාද අනුගමනය කෙරී ඇත්තේ, ණය ක්‍රමක්ෂය කිරීම් (ණය ප්‍රාග්ධන ආපසු ගෙවීම්) අත් හැර වියදම් ගණනය කිරීම සිදු කෙරෙන රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිතීන් වේ. ඒ හා සමානවම, රාජ්‍ය මූල්‍ය ගිණුම්කරණයේදී, ලබාගන්නා ණය මගින් ලැබෙන මුදල් ද ආදායමක් ලෙසින් නොසැලකේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කොට ඇති මෙම රාජ්‍ය මූල්‍ය වාර්තා කිරීම සඳහා වන ප්‍රතිපත්තීන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රකාශයට පත් කොට ඇති රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන අත්පොතෙහි ඉදිරිපත් කෙරී ඇත (රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන අත්පොත, පිටුව 71). පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක විසින් කළ ප්‍රකාශයට වියදම් සහ ණය ක්‍රමක්ෂය කිරීම් යන දෙකේම එකතුව ඇතුළත් වන බව විස්තර කිරීම සඳහා මන්ත්‍රීවරයා විසින් කළ ප්‍රකාශය වඩාත් පැහැදිලි කර බැලුවද, එම ප්‍රකාශය ඔස්සේ රාජපක්ෂ පවුලට අදාළ අයවැය 2.4% කින් වැඩි කොට දැක්වී ඇති බව පෙනී යයි. මෙයද අප ප්‍රකාශයට පත් කළ FactCheck.lk විශ්ලේශණය තුළ පෙන්වා දී ඇත. 

පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක විසින් අප වෙත ලබාදුන් ප්‍රතිචාරය නැවත වතාවක් අපි බෙහෙවින් අගය කරන අතරමඉහත පෙන්වා දී ඇති කරුණු අනුවමෙම FactCheck.lk විශ්ලේශණයෙහි ලබාදී ඇති නිශ්චය වෙනස් කොට යාවත්කාලීන කිරීම සාධාරණීකරණය කළ හැකි නව තොරතුරක් එම ප්‍රතිචාරයෙන් නොලැබෙන බවද මෙසේම පවසමු. 



Additional Note

අතිරේක සටහන්: රාජ්‍ය ණය ක්‍රමක්ෂය කිරීම් ඇතුළත් කළ පසු මෙම යෝජිත අය වැයෙහි ඇතුළත් සමස්ත ප්‍රතිපාදන රුපියල් බිලියන 5,452 කි. එවිට, රාජපක්ෂ පවුල යටතේ ඇති අමාත්‍යාංශ සඳහා ණය ක්‍රමක්ෂය කිරීම් ඇතුළත්ව සමස්ත වියදම් ප්‍රතිපාදන (රුපියල් බිලියන 3,359) වන අතර එය සමස්ත ප්‍රතිපාදනවලින් 61.6% ක් වේ. මීට හේතුව, වියදම් අයිතමයක් නොවන, රාජ්‍ය ණය ක්‍රමක්ෂය කිරීම් සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන (රුපියල් බිලියන 1,531) මුදල් අමාත්‍යාංශය යටතේ වාර්තා වී තිබීමයි.


මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශය, 2022 අයවැය කථාව (ඇමිණුම්), ප්‍රවේශය:  https://www.treasury.gov.lk/api/file/0c3639d9-cb0a-4f9d-b4f9-5571c2d16a8b [අවසන් වරට ප්‍රවේශය: 2021 නොවැම්බර් 25] 

මුදල් අමාත්‍යාංශය, 2022 අයවැය ඇස්තමේන්තු (කෙටුම්පතවෙළුම 1, ප්‍රවේශය:  https://www.treasury.gov.lk/api/file/6b6d5c7f-d62b-42cf-b54a-b1c62ac9ec30 [අවසන් වරට ප්‍රවේශය: 2021 නොවැම්බර් 25] 

මුදල් අමාත්‍යාංශය, 2022 අයවැය ඇස්තමේන්තු (කෙටුම්පතවෙළුම 2, ප්‍රවේශය:  https://www.treasury.gov.lk/api/file/8e523e18-ad76-4b1a-9c05-88ed6f167cd1 [අවසන් වරට ප්‍රවේශය: 2021 නොවැම්බර් 25] 

මුදල් අමාත්‍යාංශය, 2022 අයවැය ඇස්තමේන්තු (කෙටුම්පතවෙළුම 3, ප්‍රවේශය:  https://www.treasury.gov.lk/api/file/266de2d8-ac85-4dde-99ac-4a3d2e59932c [ අවසන් වරට ප්‍රවේශය: 2021 නොවැම්බර් 25] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.