අනුර කුමාර දිසානායක

පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක, ගෑස් නළ පද්ධති ගිවිසුමේ ගැටළුකාරීබව ගෙන හැර දක්වයි

"

... බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විදියට කැබිනට් පත්‍රිකාවක් දාලා එම ඉදිකිරීම් [යුගදනවි බලාගාරයට අදාළව LNG යටිතලපහසුකම් ඉදිකිරීමට] මෙම ටෙන්ඩරයට කිසිසේත්ම සම්බන්ධ නොවූ ඇමෙරිකානු සමාගමක් [නිව් ෆෝට්රස් එනර්ජි සමාගම] වෙත පවරනවා

ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුව | සැප්තැම්බර් 19, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් සඳහන් කරන්නේ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ප්‍රකාරව සිදුවන, රජය සහ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම අතර රාමුගත ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින – යෝග්‍යතාවය සහ සෘජුබව පවා ප්‍රශ්න කෙරී ඇති- ටෙන්ඩර් පටිපාටියක කොටසක් වන ආර්ථික අයිතීන් නිව් ෆෝර්ට්‍රෙස් එනර්ජි සමාගමට පවරා දීම සිදුවන බවයි. මෙම ටෙන්ඩරය කැඳවා තිබුණේ, ශ්‍රී ලංකාවේ පවතින බලාගාර දෙකකට ස්වභාවික වායු  සපයන පාවෙන ප්‍රතිවායුකරණ ගබඩාකරණ ඒකකයක් (FSRU) සහ නළමාර්ග පද්ධතියක් ඉදිකිරීම සඳහායි. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පිරික්සීම උදෙසා, FactCheck.lk මගින් බලශක්ති අමාත්‍යාංශයෙන් 2021 පෙබරවාරි 18 දාතමෙන් ප්‍රකාශයට පත් කර තිබූ අංක B/12/2021 දරන ටෙන්ඩර් යෝජනා කැඳවීමත්, 2021 සැප්තැම්බර් 06 දින මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු අංක MF/PED/11/CM/2021/164 දරන කැබිනට්‍ පත්‍රිකාවත්එසේම ප්‍රවේශ වීමට හැකි අනෙකුත් අදාළ ලියකියවිලිත් (2021 ජූලි 06 දාතමින් යුත් අංක MF/10/11/CM/2021/128 දරන කැබිනට් පත්‍රිකාවපරිශීලනය කොට ඇත. 

මෙම කැබිනට් ප්‍රත්‍රිකාසීමාසහිත වෙස්ට් කෝස්ට් (පුද්.සමාගමේ කොටස්වල ආයෝජනයකට අදාළ වේඊට අමතරවඑහි අංක No. B/12/2021 දරන ටෙන්ඩර් කැඳවීමේ සඳහන් වන ශ්‍රී ලංකාවේ බලාගාර දෙකකින් එකකටස්වභාවික ගෑස් සපයන පාවෙන ප්‍රතිවායුකරණ ගබඩාකරණ ඒකකයක් (FSRU) සහ නළමාර්ග පද්ධතියක් ඉදිකිරීම සඳහා අයිතිය නිව් ෆෝර්ට්‍රෙස් එනර්ජි සමාගමට පවරා දෙන රාමුගත ගිවිසුමක තොරතුරුද සඳහන්ව තිබිණිඅංක No. B/12/2021 දරන ටෙන්ඩර් කැඳවීම සඳහා ලංසු තැබීම් 2021 ජූනි 18 වෙනිදා වන විට අවසන්ව තිබූ අතරනිව් ෆෝර්ට්‍රෙස් එනර්ජි සමාගම  සඳහා ලංසු ඉදිරිපත් කර නොතිබුණි. 

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ලියවිලි තුළදැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින ටෙන්ඩර් පටිපාටියක් සම්බන්ධයෙන්ද සඳහන් වේඋදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්සැප්තැම්බර් 06 දාතමින් යුත් කැබිනට්  පත්‍රිකාවේ 6.1.1 ඡේදයේ, “…දැනට ක්‍රියාත්මක වන ටෙන්ඩරයෙන් පාවෙන ප්‍රතිවායුකරණ ගබඩාකරණ ඒකකය (FSRU) සහ නළමාර්ග පද්ධතිය සඳහා ප්‍රකාශිත ස්ථාවර ගාස්තුව සැලකිල්ලට ගන්නේ නම්” යනුවෙන් සඳහන් වේ.  මෙලෙස දැනට ක්‍රියාත්මක වන ටෙන්ඩරය’ක් පිළිබඳව කරන සඳහනින් පැහැදිලි වන්නේනිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම සමඟ ඇති රාමුගත ගිවිසුම තුළද සඳහන් වන්නේ අංක B/12/2021 දරන ටෙන්ඩර් දැන්වීමෙන් කියැවෙන ඉදිකිරීම් පිළිබඳව බවයිඑසේමදැනට ක්‍රියාත්මක වෙමින් පවතින ටෙන්ඩර් පටිපාටිය හා රාමුගත ගිවිසුම අතර පවතින ගැටුම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය දැන සිටි බවද මෙයින් තහවුරු වේ. 

ඒ අනුව, නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම ලංසු ඉදිරිපත් කිරීමෙන් හෝ සහභාගි නොවූ, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වෙනම ටෙන්ඩරයකට (අර්බුදකාරී එකක් වුවත්) අයත් ආර්ථික අයිතීන්, තරඟකාරී නොවන කොන්ත්‍රාත්තුවක් හරහා නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම වෙත පිරිනමා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් කරන ලද ප්‍රකාශය සනාථ වේ. 

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි ප්‍රකාශ කරමු. 

 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශයඅංක MF/10/11/CM/2021/128 දරන කැබිනට් සංදේශයවිදුලි උත්පාදන පිරිවැය අඩු කිරීමට සීමාසහිත වෙස්ට් කෝස්ට් (පුද්) සමාගම (WCPL)වෙත ආයෝජනය, 2021 ජූලි 6 දාතම 

මුදල් අමාත්‍යාංශයඅංක MF/PED/11/CM/2021/164 අංකවිදුලි උත්පාදන පිරිවැය අඩු කිරීමට සීමාසහිත වෙස්ට් කෝස්ට් (පුද්) සමාගම (WCPL)වෙත ආයෝජනය, 2021 සැප්තැම්බර් 6 දාතම  

බලශක්ති අමාත්‍යාංශයඅංක No. B/12/2021 දරනටෙන්ඩර් යෝජනා කැඳවීමඉදිකිරීමඅයිතියක්‍රියාත්මක කිරීම සහ පැවරීමේ (BOOT) පදනම මත කෙරවළපිටිය මුහුදු තීරයෙන් කිලෝමීටර් 5 කට ඔබ්බෙන් ස්ථානගත වන පාවෙන ප්‍රතිවායුකරණ ගබඩාකරණ ඒකකයේ සිට දැනට පවතින සහ අනාගතයේ ඉදිවන කැළණිතිස්ස සහ කෙරවළපිටිය විදුලි බලාගාර දක්වා නැවත වායු බවට හැරවූ ද්‍රවීකෘත ස්වභාවික වායු (R-LNG) සඳහා නළ පද්ධතියක් ඉදිකිරීම, 2021 මාර්තු 2 දාතම 

රාජේෂ් සේදරම්විශාල පාවෙන ප්‍රතිවායුකරණ ගබඩාකරණ ඒකකයක් පසුපස ඇති තාර්කික බව ආචාර්ය රැළපනාව ප්‍රශ්න කරයි (‘Dr. Ralpanawe questions logic behind the large FSRU’), සිලෝන් ටුඩේ, 2021 මාර්තු 20, at https://ceylontoday.lk/news/dr-ralpanawe-questions-logic-behind-the-large-fsru [අවසන් වරට ප්‍රවේශය: 2021 ඔක්තෝබර් 28].  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.