උදය ගම්මන්පිල

ඉන්ධන ආනයන වියදම් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය ගම්මන්පිල බොහෝ දුරට නිවැරදියි

"

අපේ සමස්ත ආනයන වියදමෙන් 20% කට වඩා වැය වන රටේ ප්‍රධානතම ආනයන භාණ්ඩය ඉන්ධනයි. 

දිනමිණ | ඔක්තෝබර් 1, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් සිදු කළ මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පිරික්සීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්ෂික ආනයන දත්ත පරිශීලනය කර ඇත. ඉන්ධන ආනයනය සඳහා වැය වන වියදම තීරණය වන්නේ ඉන්ධන පරිභෝජනය මත පමණක් නොවේ. නිතර ඉහළ පහළ යෑමේ නැඹුරුවක් පෙන්වන ජාත්‍යන්තර ඉන්ධන මිලද, ඉන්ධන වියදම තීරණය කරන සාධකයකි. එනිසා, FactCheck.lk විසින් 2010 සිට 2020 දක්වා කාලය තුළ ඉන්ධන වෙනුවෙන් දරන ලද වියදමේ සාමාන්‍යය සලකා බලා ඇත. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත ඔස්සේ පෙන්වා දෙන පරිදි, 2010 සිට 2020 දක්වා කාලය තුළ ඉන්ධන (ඛනිජ තෙල් සහ ගල් අඟුරු) ආනයනය සඳහා වැය වී ඇති මුදලේ සාමාන්‍යය ඇමරිකානු ඩොලර් මිලියන 3,725 ක් වී ඇත. 2016 වසරේදී හැරෙන්නට, මෙම කාලසීමාව තුළ, වෙනත් කිසිදු ආනයනයක් සඳහා හෝ ඉන්ධන ආනයනය සඳහා වැය වූ මුදලට වඩා වැඩි මුදලක් වැය නොවිණි. 2016 දී රෙදිපිළි, යන්ත්‍රසූත්‍ර සහ උපකරණ සඳහා වූ වියදම, ඉන්ධන සඳහා වූ වියදමට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 200 ත් 300 ත් අතර ප්‍රමාණයකින් වැඩිවී තිබිණි. 

එසේම, 2010 සිට 2020 දක්වා කාලය තුළ ඉන්ධන ආනයනය වෙනුවෙන් දරන ලද වියදමේ සාමාන්‍යය, එම කාලය තුළ දරන ලද සමස්ත ආනයන වියදමෙන් 20% ක් වූ බවද මෙම දත්ත මගින් පෙන්නුම් කෙරේ. (සැලකිය යුතුයි: සමස්ත ආනයන වියදමින් ඉන්ධන ආනයනයට හිමි කොටස කාලයත් සමඟින් අඩුවී ගොස් ඇත. 2010 සිට 2014 දක්වා ඉන්ධන ආනයනය වෙනුවෙන් දරන ලද වියදමේ සාමාන්‍යය 24% ක් වී තිබූ අතර, 2015 සිට 2020 දක්වා කාලය තුළ එම අගය 16% ක් වී ඇත.) 

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආනයනය (පසුගිය දශකයේ බොහෝ වසරවල) ඉන්ධන වීම සම්බන්ධයෙන් මෙන්ම, 2010 වසරේ සිට ඉන්ධන ආනයනය සලකා බැලූ කළ, ඒ වෙනුවෙන් දරන ලද වියදමේ සාමාන්‍යය සමස්ත ආනයනයන්ගෙන් ප්‍රතිශතයක් ලෙසින් ගත් විට 20% ක් වීම සම්බන්ධයෙන්ද, අමාත්‍යවරයා නිවැරදිය. 

ඒ අනුව, අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි පවසමු. 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



මූලාශ්‍රය

ශ්‍රී  ලංකා මහ බැංකුවවාර්ෂික ආනයන දත්ත පත්‍රිකාවප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector [අවසන් වරට ප්‍රවේශය: 2021 නොවැම්බර් 4]. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.