අමාත්‍ය අලහප්පෙරුම: කාන්තාවන් පෙරමුණ ගත් ශ්‍රම බලකාය මගින් ශ්‍රී ලංකාවට උපයා දෙනු ලබන විදෙස් විනිමය ප්‍රමාණය වැඩි කොට දක්වයි

"

"මේ රටේ ආර්ථිකයට වැඩිම විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක විදේශ විනිමය දායකත්වයක් ලබාදෙන්නේ මැදපෙරදිග කතරේ කඹුරන අපේ කාන්තාවන්. අංක දෙක තමයි ඇඟලුම් කර්මාන්තය. ඩොලර් බිලියන 5.6ක්. කාගේ අත්ද ඒ අපේ සහෝදරියන්ගේ. අංක 03 තේ ආර්ථිකය. ඩොලර් බිලියන 02කට ආසන්නයි. කාගේ අතේද තියෙන්නේ කාන්තාවන්ගේ අතේ"

මව්බිම | මාර්තු 8, 2021

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශයේ නිරවද්‍යතාවය පිරික්සීම උදෙසා, FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ලෝක බැංකුව යන ආයතනයන් ඔස්සේ ලබාගත් දත්ත පරිශීලනය කරන්නට යෙදිණි. අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් වන කරුණු මෙසේයි. (අ) ඇමරිකානු ඩොලර් බිලියන 7 ක විදේශ විනිමය ආදායමක් ලංකාවට එවීම සඳහා දායකත්වය ලැබෙන්නේ මැදපෙරදිග සේවය කරන ගෘහ සේවිකාවන්ගෙන් වන අතර, (ආ) ඇමරිකානු ඩොලර් බිලියන 5.6 ක විදේශ විනිමය ඇඟලුම් කර්මාන්තයෙන් සහ ඇමරිකානු ඩොලර් බිලියන 2 ක විදේශ විනිමය තේ ආර්ථිකයෙන් ලැබේ. එසේම, (ඇ) ඇඟලුම් කර්මාන්තය සහ තේ ආර්ථිකය යන ක්ෂේත්‍රයන් දෙකේම පෙරමුණ ගෙන සිටින්නේ කාන්තා ශ්‍රම බලකායයි. 

අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ (අ) කරුණ ගත් විට, ඔහු ඉදිරිපත් කරන සමස්ත විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය නිවැරදි වුවත්, මැදපෙරදිග සේවයෙන් විදේශ විනිමය සඳහා ලැබෙන දායකත්වය සම්බන්ධයෙන් ඔහු අධිතක්සේරුවක සිටී. මන්ද යත්, මැදපෙරදිග සේවයේ යෙදෙන විදේශ නියුක්තිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 7 ක සමස්තයක් නොව, ඇ.ඩොලර් බිලියන 3.7 ක සාමාන්‍යයක් වන බැවිනි. එසේම පසුගිය වසර පහ සම්බන්ධයෙන් සලකා බලන විට, මැදපෙරදිග සේවය සඳහා පිටත්ව ගිය වාර්තාගතව ඇති කාන්තාවන් සංඛ්‍යාව, පුරුෂ පක්ෂය විසින් පසුකොට ඇති බවද සැලකිල්ලට ගත යුතු වේ.  

අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ (ආ) කරුණ ගත් විට, ඇඟලුම් කර්මාන්තය ඔස්සේ ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලෙස ලැබෙන ශුද්ධ විදේශ විනිමය ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,431 ක සාමාන්‍යයක් වී තිබිණි. ඊට හේතුව ඇඟලුම් අපයනයන් තුළ පවතින ඉහළ ආනයන අන්තර්ගතයන් ප්‍රමාණයයි. එනිසා, ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 5.6 ක දළ ආදායම රටට ලැබීමටත් පෙර, විදේශ විනිමයෙන් කොටසක් රටින් පිටතට ගලායයි. එසේම තේ අපනයනයෙන් රටට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් පමණක් වන අතර, එය අමාත්‍යවරයා විසින් සඳහන් කළ ඇමරිකානු ඩොලර් බිලියන 2 කට ආසන්න අගයට කිසිසේත්ම ආසන්න නොවේ.  

අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ () කරුණ පිළිබඳව සඳහන් කරන්නේ නම්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරනු ලබන වාර්ෂික කර්මාන්ත සමීක්ෂණයට අනුව, ඇඟලුම් කර්මාන්තයේ ශ්‍රම බලකායෙන් 70% ක් කාන්තාවන් වේ. එසේම වතු කම්කරුවන් සම්බන්ධයෙන් FactCheck.lk වෙත සොයාගැනීමට හැකි වූ යාවත්කාලීනම දත්ත වන 2012 වසරේදී ලෝක බැංකුවෙන් සිදුකළ නියැදි සමීක්ෂණයකට අනුව, තේ ආර්ථිකයට දායක වන වතු කම්කරුවන්ගෙන් 53% ක් කාන්තාවන් වේ. අනුව ගත් විට, මෙම ක්ෂේත්‍රයන්හි ශ්‍රම බලකායන්හි පෙරමුණ ගෙන සිටින්නේ කාන්තාවන් බවට අමාත්‍යවරයා විසින් සඳහන් කළ කරුණ නිවැරදි වේ 

මෙසේ බලන කල, තේ සහ ඇඟලුම් ක්ෂේත්‍රයන්හි ශ්‍රම දායකත්වය සඳහා කාන්තාවන් පෙරමුණ ගෙන සිටින බවට අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශය නිවැරදි වේ. එනමුත්, ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලෙසින් ලැබෙන විදේශ විනිමය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සඳහන් කළ කරුණු තුනේම සංඛ්‍යාවන් නිවැරදි නොවේ. එය නිදර්ශක අංක 01 ඔස්සේ පැහැදිලි වනු ඇත. අනුව, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය අඩ වශයෙන් නිවැරදි යැයි අපි වර්ගීකරණය කරමු. අතිරේක සටහන්: ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිගට සංක්‍රමණය වන ශ්‍රම බලකායේ ප්‍රමුඛතම කොටස වන්නේ  කාන්තාවන්‍ යන්න සනාථ කිරීම අසීරු වන්නේ, පිළිබඳව ලබාගැනීමට ඇති දත්ත හිඟ වීම හේතුවෙනි. (සංක්‍රමණ දත්ත ඔස්සේ පෙන්නුම් කෙරෙන්නේ පසුගිය වසර 5 තුළ මැදපෙරදිග සේවය සඳහා පිටත්ව ගිය කාන්තාවන්ගේ සංඛ්‍යාවට වඩා පිරිමින්ගේ සංඛ්‍යාව වැඩි බවයි.) 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 



Additional Note

අතිරේක සටහන්: ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිගට යන ශ්‍රම බලකායේ ප්‍රමුඛතම කොටස වන්නේ කාන්තාවන්‍ ය යන්න සනාථ කිරීම අසීරු වන්නේ, ඒ පිළිබඳව ලබාගැනීමට ඇති දත්ත හිඟ වීම හේතුවෙනි. (සංක්‍රමණ දත්ත ඔස්සේ පෙන්නුම් කෙරෙන්නේ පසුගිය වසර 5 තුළ මැදපෙරදිග සේවය සඳහා පිටත්ව ගිය කාන්තාවන්ගේ සංඛ්‍යාවට වඩා පිරිමින්ගේ සංඛ්‍යාව වැඩි බවයි.)


මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශීය අංශයේ සංඛ්‍යාලේඛන, අපනයන, ආනයන සහ වෙළඳාම්, අපනයන – වාර්ෂික (1990 සිට නවතම දත්ත තෙක්) වගුවප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/External-Sector [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 05] 

ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශීය අංශයේ සංඛ්‍යාලේඛන, සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ (1990 සිට නවතම දත්ත තෙක්) වගුවප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/External-Sector [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 05] 

ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශීය අංශයේ සංඛ්‍යාලේඛන, අපනයන, ආනයන සහ වෙළඳාම්, ආනයන – වාර්ෂික (1990 සිට නවතම දත්ත තෙක්) වගුවප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/External-Sector [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 05] 

ශ්‍රී ලංකා මහ බැංකුව, ආර්ථික සහ මූල්‍ය වාර්තා, වාර්ෂික වාර්තාව 2019, සංඛ්‍යාලේඛන උපග්‍රන්ථයප්‍රවේශයhttps://www.cbsl.gov.lk/en/publications/other-publications/statistical-publications/economic-and-social-statistics-of-sri-lanka [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 05] 

ශ්‍රී ලංකා මහ බැංකුව, ප්‍රකාශනයන්, වෙනත් ප්‍රකාශනසංඛ්‍යාලේඛන ප්‍රකාශන, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාලේඛන 2020 වාර්තාවප්‍රවේශය:   https://www.cbsl.gov.lk/en/publications/other-publications/statistical-publications/economic-and-social-statistics-of-sri-lanka [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 11] 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයසංඛ්‍යාලේඛනවිදේශ සේවා නියුක්තියේ වාර්ෂික සංඛ්‍යාලේඛන වාර්තාව – 2018, ප්‍රවේශයAnnual Statistical Report of Foreign Employment – 2018 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවකර්මාන්තවාර්ෂික සමීක්ෂණවාර්ෂික කර්මාන්ත සමීක්ෂණය2018, ප්‍රවේශයhttp://www.statistics.gov.lk/Industry/StaticalInformation/AnnualSurveys/2018 [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 05] 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවශ්‍රම බලකායවාර්ෂික වාර්තාශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයේ වාර්ෂික වාර්තාව 2018, ප්‍රවේශයhttp://www.statistics.gov.lk/LabourForce/StaticalInformation/AnnualReports/2018 [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 05] 

ලෝක බැංකු සමූහය, Open Knowledge Repository, Getting to Work: Unlocking Women’s Potential in Sri Lanka’s Labor Force (2020) report (රැකියාවන්ට යෑමශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ කාන්තාවගේ විභවය විවෘත කිරීම – 2020 වාර්තාව), ප්‍රවේශයhttps://openknowledge.worldbank.org  [අවසන් වරට ප්‍රවේශය: 2021 අප්‍රේල් 27]  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.