වෛද්‍ය අසේල ගුණවර්ධන

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්-19 පැතිරීම පිළිබඳ නිවැරදි නොවන නිර්ණායක ඉදිරිපත් කරයි

"

"[කොවිඩ්-19] සමාජගත වීමක් වෙලා තියෙනවා නම් PCR පරීක්ෂණ සිදුකරන ප්‍රමාණය සමගින් ආසාදිත බවට තහවුරු වන ශීඝ්‍රතාව එන්න එන්න වැඩිවිය යුතුයි. වර්තමානයේ, ශ්‍රී ලංකාව එවැනි තත්වයක් අත්දකින්නේ නැහැ.”

ඩේලි මිරර් | පෙබරවාරි 10, 2021

false

වැරදියි

තොරතුරු පිරික්සීම

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න විසින් තම ප්‍රකාශය තුළ සඳහන් කරන්නේ, කොවිඩ්-19 තත්වය සමාජ සම්ප්‍රේෂණ මට්ටමට එළැඹ තිබේ නම්,  ඒ් බව හැඟවීමක් ලෙසින් පුද්ගලයින් ආසාදිත බවට තහවුරු වන ශීඝ්‍රතාව ඉහළ යා යුතු බවයි. ඔහු තීන්දු කරන්නේ, උක්ත නිර්ණායකයට අනුව බලන කළ ශ්‍රී ලංකාව තවමත් සමාජ සම්ප්‍රේෂණ  පැමිණ නැති බවයි. 

පසුගිය වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා සිදුකළ ප්‍රකාශයක් 2020 නොවැම්බර් මාසයේදී FactCheck.lk මගින් තක්සේරු කළ අතර ඉන් ඉදිරිපත් කළ නිශ්චය වූයේ, මේ සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පිළිගත් නිර්ණායකයන්ට අනුව ඒ වන විටත් ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 සමාජ සම්ප්‍රේෂණ තත්වයට පැමිණ තිබෙන බවයි. සමාජ සම්ප්‍රේෂණය පිළිබඳව ඉහත දක්වා ඇති වත්මන් ප්‍රකාශයද කිසිදු පිළිගත් නිර්වචනයක් සහිත නිර්ණායකයකට නොගැලපුනද,  පවත්නා තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන්, අදාළ සිදුවීම් වාර්තාගත කිරීමෙන් සහ ඒ් මත සිදුකරන ලද පර්යේෂණයකින් එළැඹි නිගමනයක් මත වූ පදනමක්(ආනුභවික) හෝ එහි ඇතිදැයි සොයා බැලීමට FactCheck.lk  ප්‍රකාශය විමසුමට ලක් කරන්නට යෙදිණ. 

මෙම ප්‍රකාශයේ නිවැරදි බව තක්සේරු කර බැලීම සඳහා, FactCheck.lk මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2020 මාර්තු සිට 2021 පෙබරවාරි දක්වා ගෝලීය කොවිඩ්-19 ට අදාළ යාවත්කාල කිරීම්ද, එසේම Our World in Data වෙතින් ලබාගත් ගෝලීය කොවිඩ්-19 පරීක්ෂණ දත්තද පරිශීලනය කරන්නට යෙදිණි. 2021 පෙබරවාරි 10 වන දින වන විට රටවල් 74 ක් සමාජ සම්ප්‍රේෂණ මට්ටමට පැමිණ ඇති බවට වර්ගීකරණය කෙරී තිබිණි. මේ අතුරින්, (අ) කෝවිඩ්-19 පරීක්ෂණ පිළිබඳ විසල් දත්ත ප්‍රමාණයක් ඇති; සහ (ආ) සමාජ පැතිරීමක් තිබෙනා බවට වර්ගීකරණය කිරීමට පෙර සතියේ දිනකට සිදුකළ පරීක්ෂණ ප්‍රමාණය අඩු තරමින් 4,000 ක් හෝ වන රටවල් 24 ක දත්ත, FactCheck.lk මගින් පිරික්සා බලන ලදී. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කරන කෝවිඞ්-19 ආසාදිතයන් සංඛ්‍යාව සහ ඔවුන් එසේ හඳුනාගැනීම සඳහා කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව අතර අනුපාතය ඉහළ යෑම,කෝවිඞ්-19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව සහ කෝවිඞ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව අතර අනුපාතයේ පහළ යෑමට සමාන වේගෝලීය වශයෙන් බහුලව භාවිතා වන බවට වාර්තා වන්නේ මෙම දෙවන ගණනය කිරීම – එනම් කෝවිඞ්-19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව සහ කෝවිඞ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව අතර අනුපාතය (TCR) වේඑසේ හෙයින් මෙම තොරතුරු පිරික්සීමද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය තක්සේරු කිරීම සඳහා යොදාගනු ඇත්තේ මෙම ගණනය කිරීමයි. 

තක්සේරුව සඳහා යොදාගත් රටවල් 24 සඳහාදින 30  TCR සාමාන්‍යය ගත් විට එය 2.79  අවමයක් (මෙක්සිකෝව), 107.68  උපරිමයක් (ඉතියෝපියාවසහ 29.9  මධ්‍යන්‍යයක් පෙන්වන ලදී. 2021 පෙබරවාරි 10 වන විට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය TCR අගය 27.25 ක් වී තිබිණිඑනම්ලෝකයේ ‘සමාජ සම්ප්‍රේෂණ‘ මට්ටමට පැමිණ ඇති බවට වර්ගීකරණය කෙරුණු රටවල ගෝලීය මධ්‍යන්‍යයේ ඉතා ආසන්නයට ශ්‍රී ලංකාව පැමිණ ඇතසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශයෙන් හැඟවෙන්නේ වෛරසයේ සම්ප්‍රේෂණ අවධිය ‘සමාජ සම්ප්‍රේෂණ‘ මට්ටම තෙක් ඉහළ දැමීමට නම්, TCR අනුපාතය තියුණු ලෙස ‘ පහළ යා යුතු බවයි’කෙසේ නමුත් ගෝලීය වශයෙන් ගත් විට මෙය සත්‍ය නොවේතක්සේරුවට ලක්වූ රටවල් 24 න් 8 සමාජ සම්ප්‍රේෂණ මට්ටමට පැමිණි බවට සම්ප්‍රේෂණ අවධි වර්ගීකරණය වෙනස් වීමට පෙර මාසය තුළ සැබවින්ම TCR අනුපාතය වර්ධනය වී තිබිණිඑහි අරුත වන්නේආසාදිතයෙකු හඳුනාගැනීම සඳහා වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් අවශ්‍ය වන බවයිතවද, මෙහි අදහස වන්නේ වෛරසයේ පැතිර යෑම අඩාල වන බවක් ද නොවේයම් රටක පරීක්ෂණ ක්‍රියාවලිය දියුණු වී ඇති බවද එයින් ගම්‍ය විය හැක. 2021 පෙබරවාරි 10 වෙනි දිනට පෙර මාසයේදී ශ්‍රී ලංකාවේ TCR අනුපාතය 2.03  ප්‍රමාණයකින් පහත වැටී තිබිණි. 

සමාජ සම්ප්‍රේෂණ අවධියට එළැඹ ඇතැයි වර්ගීකරණය කෙරුණු රටවල් අවම වශයෙන් 9ක්  ගෙන බැලුවහොත්, එම අවස්ථාව වන විට  රටවල ටීසීආර් අනුපාතයේ අගයන් සැලකීමේදී,  ලංකාවේ ටීසීආර් අනුපාතයේ අගය පැවත ඇත්තේ එම අගයන්ට වඩා ඉතා පහළ මට්ටමකය. 

එම අගයන් අනුවපින්ලන්තයහංගේරියාවලිතුවේනියාව සහ ලක්සම්බර්ග් වැනි රටවල්– ටීසීආර් අනුපාතයේ අගය අතින්  නයින් වූ  ප්‍රවණතාවය අතින් සිට ඇත්තේ ලංකාවට වඩා හොඳ තැනකයනමුත් එවැන්  තැනක සිටිය එම රටවල් සමාජ සම්ප්‍රේෂණ අවධියට එළැඹ ඇති බවට අවසානයේ වර්ග කෙරිණ. 

එනිසාකොවිඩ්-19 ‘සමාජ සම්ප්‍රේෂණය‘ වර්ගීකරණය කිරීම සම්බන්ධයෙන් වන දන්නා නිර්වචනයන්ගෙන් දුරස් වී ඇතිවාට අමතරවආනුභවික සාධකයන්ටද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය පටහැනි වේඑනිසාසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය නිවැරදි නොවේ යැයි අපි වර්ගීකරණය කරමු 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 



මූලාශ්‍රය

ලෝක සෞඛ්‍ය සංවිධානය, කොරෝනාවෛරස් පුවරුව, රටවල්, ප්‍රදේශ හා කලාප අනුව වගුව (Coronavirus (COVID-19) Dashboard, Situation by Country, Territory & Area Table), ප්‍රවේශයhttps://covid19.who.int/table [අවසන් වරට ප්‍රවේශය: 2021 මාර්තු 12] 

Our World in Data, සමස්ත කොවිඩ්-19 පරීක්ෂණ (Total COVID-19 tests), ප්‍රවේශයhttps://ourworldindata.org/grapher/full-list-total-tests-for-covid-19?time=2020-02-20..latest [අවසන් වරට ප්‍රවේශය: 2021 මාර්තු 12] 

Our World in Data, දෛනික කොවිඩ්-19 පරීක්ෂණ (Daily COVID-19 tests), ප්‍රවේශයhttps://ourworldindata.org/grapher/full-list-covid-19-tests-per-day?time=2020-02-20..latest [අවසන් වරට ප්‍රවේශය: 2021 මාර්තු 12] 

ලෝක සෞඛ්‍ය සංවිධානයකොරෝනාවෛරස් රෝගය සතිපතා වසංගත රෝග විද්‍යා නවතම තොරතුරු සහ සතිපතා නවතම ක්‍රියාකාරීත්ව තොරතුරු (Coronavirus disease (COVID-19) Weekly Epidemiological Update and Weekly Operational Update), 2021 මාර්තුප්‍රවේශයhttps://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/situation-reports [අවසන් වරට ප්‍රවේශය: 2021 මාර්තු 12] 

Our World in Data, පරීක්ෂණ ප්‍රමාණයට තහවුරු වූ ආසාදිතයන් ප්‍රමාණය – සමස්තයට එදිරිව රෝගීන් මිය යන අනුපාතය (Tests per confirmed case – total vs. Case fatality rate), 2021 මාර්තු 8ප්‍රවේශයhttps://ourworldindata.org/grapher/number-of-tests-per-confirmed-case-vs-case-fatality-rate?tab=chart&stackMode=absolute&time=latest&country=&region=World [අවසන් වරට ප්‍රවේශය: 2021 මාර්තු 12] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.