රාජිත සේනාරත්න

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ප්‍රමිතිය සම්බන්ධයෙන් වන ජනප්‍රිය වැරදි අදහසක්, සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පුනරුච්ඡාරණය කරයි

"

විශ්වීය සෞඛ්‍ය රැකවරණය යටතේ හොඳම සෞඛ්‍ය සේවාව කියුබාවේ සහ ශ්‍රී ලංකාවේ තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පිළිගෙන තිබෙනවා

මව්බිම | පෙබරවාරි 4, 2019

false

වැරදියි

තොරතුරු පිරික්සීම

2019 පෙබරවාරි 4 වන දින මව්බිම පුවත්පත මගින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කළ මෙම ප්‍රකාශය වාර්තා කරන්නට යෙදුණි:

“විශ්වීය සෞඛ්‍ය රැකවරණය යටතේ හොඳම සෞඛ්‍ය සේවාව කියුබාවේ සහ ශ්‍රී ලංකාවේ තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පිළිගෙන තිබෙනවා”

මෙම ප්‍රකාශයෙහි සත්‍යාසත්‍යභාවය දැනගැනීම උදෙසා අප ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කළ “විශ්වීය සෞඛ්‍ය රැකවරණය නිරීක්ෂණය කිරීම: 2017 ගෝලීය අධීක්ෂණ වාර්තාව” පරිශීලනය කළෙමු. මෙම වාර්තාව මගින් ඔවුන්ගේ ‘විශ්වීය සෞඛ්‍ය රැකවරණය‘ (UHC) තුළ සිටිනා රටවල් සංසන්දනය කරනා දර්ශකයක් සපයයි. විශ්වීය සෞඛ්‍ය රැකවරණය නිර්වචනය කෙරී තිබෙන්නේ මෙසේයි. “මූල්‍යමය අසීරුතාවයන්ගෙන් පීඩා විඳීමට සිදු නොවී සියලුම පුද්ගලයින් සහ ප්‍රජාවන් හට ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලැබේ. සෞඛ්‍ය ප්‍රවර්ධනයේ සිට රෝග නිවාරණය, ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ සුව සහන රැකවරණය දක්වා වන අත්‍යාවශ්‍ය, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සෞඛ්‍ය සේවාවන්ගේ පූර්ණ පරාසයම විශ්වීය සෞඛ්‍ය රැකවරණය තුළට ඇතුළත් වේ.”

මෙම දර්ශකය සෑම රටකටම අගය 0 සිට 100 දක්වා වූ මිනුම් දණ්ඩක් ඔස්සේ  ඇගයුමක් ලබා දෙයි. ඉහළම සෞඛ්‍ය සේවා ආවරණ ඇති රටවල් සඳහා  ‘≥80’ ලෙස සම  ඇගයුමක් ලබා දී ඇත.

2015 වසරේදී මේ ඔස්සේ රටවල් 194ක් ඇගයුමට ලක් කෙරිණි. එහිදී රටවල් 22ක්  ‘≥80’ ලෙසින්, එනම් ඉහළම සෞඛ්‍ය සේවා ආවරණ ඇති රටවල් ලෙස ඇගයිණ. මෙම රටවල් 22 අතර කියුබාව හෝ ශ්‍රී ලංකාව නොමැත. එම ඇගයීම යටතේ කියුබාව ලබාගත් අගය 78ක් වන විට, ශ්‍රී ලංකාව ලබාගෙන තිබූ අගය වූයේ 62කි. මෙම දත්ත ඔස්සේ පෙනී යන්නේ ශ්‍රී ලංකාවෙහි සහ කියුබාවෙහි සෞඛ්‍ය සේවා එකම මට්ටමක නොතිබෙන බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාව හෝ කියුබාව ලොව හොඳම සෞඛ්‍ය සේවා ඇති රටවල් ලෙස හඳුනාගෙන නොමැති බවත්ය.

මෙසේ, කියුබාව සහ ශ්‍රී ලංකාව යනු ලෝකයේ ඉහළම සෞඛ්‍ය සේවාවන් පවත්නා රටවල්ය යන ප්‍රකාශය ජනප්‍රිය එහෙත් පදනමක් නොමැති වැරදි සංකල්පයක් ලෙස අපට හැඳින්විය හැකිය. එහෙයින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය සාවද්‍ය බව අපි සඳහන් කරමු.

*FactCheck.lk හි තීරණය පාදක වී ඇත්තේ පොදු ජනයාට ලබා ගැනීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම, මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck.lk හි ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.



මූලාශ්‍රය

විශ්වීය සෞඛ්‍ය රැකවරණයෙහි නිර්වචනය සඳහා:

විශ්වීය සෞඛ්‍ය රැකවරණයෙහි සේවා ආවරණ දර්ශකය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා: