ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව අලාභයන් සම්බන්ධයෙන් ජනපති විසින් තොරතුරු දක්වයි

"

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලාභයන් සම්බන්ධයෙන් ජනපති විසින් තොරතුරු දක්වයි

දිවයින | ජූනි 4, 2019

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

2019 ජූනි 4 වන දින දිවයින පුවත්පත මගින් වාර්තා කරන්නට යෙදුණේ, ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් කළ ඉහත දැක්වෙන ප්‍රකාශයයි.

2018 වසරේ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව (MFAR) සහ 2018 වසරේ මහ බැංකු වාර්ෂික වාර්තාව (CBAR) මගින් ඉහත ප්‍රකාශය සත්‍ය ලෙසින් දක්වන අතර, ඒ සඳහා පහත දැක්වෙන තොරතුරු අදාළ වේ:

  • 2018 දී ලංකා විදුලි බල මණ්ඩලය මගින් ආදායම ලෙසින් රුපියල් බිලියන 238.946 ක් වාර්තා කළ අතර, වියදම ලෙසින් රුපියල් බිලියන 269.353 ක් (රුපියල් බිලියන 13.037 ක පොලී ගෙවීම්ද ඇතුළත්ව) වාර්තා කොට ඇත (MFAR). මේ ඔස්සේ මණ්ඩලයට රුපියල් බිලියන 30.407 ක මෙහෙයුම් අලාභයක් (ආදායමෙන් 12.7% කට සමාන) සිදුව ඇති අතර, ආදායම් බදු ගෙවීමට පෙර අලාභය රුපියල් බිලියන 28.9 ක් වේ (CBAR). මෙහි අරුත වන්නේ දිනකට ලංකා විදුලි බල මණ්ඩලයේ බදු ගෙවීමට පෙර අලාභය රුපියල් මිලියන 79 කටත් වඩා වැඩිවූ බවයි.
  • 2018 වසරේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 535.236 ක ආදායමක් වාර්තා කළ අතර, වියදම ලෙසින් රුපියල් බිලියන 639.273 ක් වාර්තා කොට තිබිණි (MFAR). මෙය ආදායම් බදු ගෙවීමට පෙර අලාභය ලෙසින් ගත් විට රුපියල් බිලියන 104.037 කි (එනම් ආදායමෙන් 19.4 කට සමාන වේ). මෙහි අරුත වන්නේ දිනකට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බදු ගෙවීමට පෙර අලාභය රුපියල් මිලියන 285 කටත් වඩා වැඩි බවයි.

2018 වසරේ මූල්‍ය වාර්තාවන් ඔස්සේ සොයා ලැබ ගත් ඉහත විස්තර අනුව පෙනී යන්නේ, ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා ලංකා ඛනිජ තෙල් සංස්ථාව යන ආයතන දෙකම දිනකට කෝටි ගණනක පාඩු ලබන බවට ජනපති විසින් සිදුකර ඇති තක්සේරුව නිවැරදි බවයි.

එනිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උක්ත ප්‍රකාශය සත්‍ය යැයි අපි කියමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.



මූලාශ්‍රය