තොරතුරු පිරික්සීම
2019 මාර්තු 22 වන දින දිවයින පුවත්පත විදේශ අමාත්‍ය තිලක් මාරපන විසින් පැවසූ ඉහත ප්‍රකාශය වාර්තා කර තිබුණි.
මෙම ප්‍රකාශයෙහි සත්‍යතාව ඇගයීමට අපි සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය විසින් ලබා දී ඇති තොරතුරු පරීක්ෂා කළෙමු. පළමුවෙනි වගුවෙන් පෙන්වා දෙන්නේ අමාත්‍යවරයා පැවසූ පරිදිම 2019 මාර්තු 12 දින වන විට රජයේ ඉඩම් අක්කර 63,258 ක් නිදහස් කර ඇති බවයි.
එම වගුවෙන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ සන්නද්ධ හමුදා විසින් 2009 මැයි වන විට අත්පත් කර සිටි රජයේ ඉඩම් ප්‍රමාණය අක්කර 88,722 ක් බවයි. මෙය මාරපන අමාත්‍යවරයා විසින් පැවසූ අක්කර 71,172.53 ට වඩා වැඩි අගයකි. මේ අනුව නිදහස් කර ඇති රජයේ ඉඩම් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 71.29% කි. මෙම ප්‍රතිශතය අමාත්‍යවරයා පැවසූ 88.87% ප්‍රතිශතයට වඩා බෙහෙවින් අඩුය.
මෙහිදී තිලක් මාරපන අමාත්‍යවරයා නිදහස් කර ඇති ඉඩම් අක්කර සංඛ්‍යාව නිවැරදිව දක්වා තිබුණද, අත්පත් කර ගෙන සිටි රජයේ ඉඩම් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙසට නිවැරදිව දක්වා නොමැත. ඒ අනුව අපි අමාත්‍යවරයාගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසට නම් කර ඇත.
*FactCheck.lk හි තීරණය පාදක වී ඇත්තේ පොදු ජනයාට ලබා ගැනීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම, මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck.lk හි ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.
1 වගුව: නිදහස් කර ඇති ඉඩම්, 2009 මැයි සිට 2019 මාර්තු 12 දක්වා (අක්කර)
දෙවන මුලාශ්‍රය:
සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය විසින් ලබා දී ඇති තොරතුරුවලට අමතරව ශ්‍රී ලංකාව 2019 පෙබරවාරි මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලබා දී ඇති වාර්තාවක තිබූ දත්තද අපි පරීක්ෂා කළෙමු. මෙම වාර්තාව දත්ත සපයන්නේ 2015 ජනවාරි මස සිට 2019 ජනවාරි මාසය දකවා නිදහස් කළ ඉඩම් පිළිබඳ පමණක් වන අතර 2009 වසරේ සිට 2014 වසර දක්වා නිදහස් කළ ඉඩම් පිළිබඳව එහි තොරතුරු සපයා නොමැත. කෙසේ වෙතත් එම වාර්තාවට අනුව හමුදාව විසින් 2009 මැයි වන විට අත්පත් කර සිටි රජයේ ඉඩම් ප්‍රමාණය අක්කර 93,136කි. මෙම අගයට අනුව නිදහස් කළ රජයේ ඉඩම් ප්‍රමාණයෙහි ප්‍රතිශතය 67.92% ක් දක්වා පහත යයි. මෙය සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයෙහි ඇස්තමේන්තුවටද වඩා අඩුය.
මූලාශ්‍රය
- සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය විසින් ලබා දී ඇති දත්ත සටහන: https://www.scrm.gov.lk/infographics?lightbox=dataItem-ju87cpj5
- 2017 වර්ශයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නියමිත, ශ්‍රී ලංකාව විසින් ගිවිසුම් 40 වැනි වගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද 6 වැනි ආවර්තිත වාර්තාව, ප්‍රවේශය: https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=CCPR%2fC%2fLKA%2f6&Lang=en