අනුර කුමාර දිසානායක

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ලිංගික අපරාධ පිළිබඳ සංඛ්‍යාලේඛන නිවැරදිව උපුටා දක්වයි

"

අවුරුද්දකට දැරියන් එක්දහස් හයසීයක් දූෂණයට ලක්වෙනවා.

දිවයින | ඔක්තෝබර් 25, 2019

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය විමසීම උදෙසා අප විසින් ශ්‍රී ලංකා පොලීසියේ බල අපරාධ ලේඛන කිරිම් (GCA) මගින් ලබාගත් දත්ත භාවිතා කොට ඇත. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් “දැරියන්” යන්න විශේෂ කොට සඳහන් කර ඇති හෙයින්, ලිංගික අපරාධයක් ලෙසින් වර්ග කොට ඇති වයස අවුරුදු 16 ට අඩු ස්ත්‍රීන්ට ලිංගික අපරාධ සිදුකළ බවට වාර්තා වී ඇති අවස්ථාවන් අප විසින් සලකා බලා ඇත.

බල අපරාධ ලේඛන කිරිම් දත්ත මගින්, 2015 වසරේ සිට 2018 දක්වා වාර්තාගතව ඇති ලිංගික අපරාධයන් වසරකට 1,438 ක සිට 1,686 ක් දක්වා පරාසයක පවතින බව වාර්තා කර සිටී. මෙම කාල සීමාව තුළ වාර්තා වී ඇති ලිංගික අපරාධයන්ගේ සාමාන්‍යය 1,556 කි. අමාත්‍යවරයා විසින් සඳහන් කරනු ලැබූ වසරකට 1,600 ක් යන ගණන මෙම දත්ත සමගින් සැසඳේ.

එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය සත්‍ය යැයි අපි ප්‍රකාශ කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.



Additional Note

2015 සහ 2018 වසර අතර වාර්තා වූ සියලුම ලිංගික අපරාධ සංඛ්‍යාවේ සාමාන්‍යය (වයස අවුරුදු 16 ට වැඩි කාන්තාවන්ද ඇතුළත්ව) 1,898 ක් වේ. කෙසේ වුවත් මෙහිදී සඳහන් කළ යුතු කරුණක් වන්නේ, ලිංගික අපරාධයන්ට මුහුණ දුන් බොහෝ අයවලුන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම හෝ ඒ පිළිබඳව කථා කිරීමට ඉදිරියට පැමිණීම හෝ නොකරන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවබෝධ කර ගැනීම සහ ආමන්ත්‍රණය කිරීම: ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා යන වාර්තාව මගින් මෙසේ සඳහන් කරයි. “ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වන වඩාත්ම ගුණාත්මක ව්‍යාප්තියක් ඇති දත්ත ලබාගත හැක්කේ ජනගහනය පදනම් කොටගත් සමීක්ෂණයන්ගෙන් පමණි. ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව වන අනෙකුත් දත්ත මූලාශ්‍රයන්ට පොලිස් වාර්තාවන් සහ සායනික හා අනෙකුත් රාජ්‍ය නොවන සංවිධානයන්ගෙන් කෙරෙනා අධ්‍යයනයන් ඇතුළත් වන නමුදු, මෙවැනි පසුතලයන්හිදී වාර්තාගත වන්නේ උක්ත සිදුවීම්වලින් කුඩා ප්‍රමාණයක් පමණක් බැවින්, ඒ ඔස්සේ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්තියේ ඌන නිමානයක් දක්වයි.” එනිසා, පොලිස් සංඛ්‍යාලේඛනයන් මත පදනම් වූ බරපතල අපරාධ සාරාංශගත කිරිම් හි වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා වසරකට සිදුවන ලිංගික අපරාධ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගැනීමේ හැකියාවක් තිබේ. පැහැදිලි කිරීම: දණ්ඩ නීති සංග්‍රහයේ ව්‍යවස්ථාපිත ලිංගික අපරාධය යන්න සැබවින්ම සඳහන් වන්නේ ‘ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය’ ලෙසිනි. කෙසේ වෙතත් ‘දූෂණය’ යන වචනය ඔස්සේ වින්දිතයා අපවිත්‍රව ඇති බවක් හැඟවීම සහ ඒ ඔස්සේ වක්‍රාකාරයෙන් කොන් කිරීමක් සිදුවීම නිසාවෙන්, ස්‍ත්‍රී දූෂණය වෙනුවට වඩාත් යෝග්‍ය යෙදුමක් වන්නේ ලිංගික අපරාධය යන්නයි. එනිසා මෙහිදීද අප විසින් ‘ලිංගික අපරාධය’ යන්න යොදාගෙන ඇත.


මූලාශ්‍රය

  • ශ්‍රී ලංකා පොලිසිය, බරපතල අපරාධ සාරාංශගත කිරිම් (2018), ප්‍රවේශය මෙතැනින්: https://www.police.lk/images/crime_ststistics/2018/disposal_of_grave_crime_policedivision.pdf
  • ශ්‍රී ලංකා පොලිසිය, බරපතල අපරාධ සාරාංශගත කිරිම් (2017), ප්‍රවේශය මෙතැනින්:https://www.police.lk/images/crime_ststistics/2017/grave_crime-2017.pdf
  • ශ්‍රී ලංකා පොලිසිය, බරපතල අපරාධ සාරාංශගත කිරිම් (2016), ප්‍රවේශය මෙතැනින්:  www.police.lk/images/crime_ststistics/2016/grave_crime-.pdf
  • ශ්‍රී ලංකා පොලිසිය, බරපතල අපරාධ සාරාංශගත කිරිම් (2015), ප්‍රවේශය මෙතැනින්: https://www.police.lk/images/crime_ststistics/2015/grave_crime_abstract_for_the_year_2015.pdfhttps://
  • ලෝක සෞඛ්‍ය සංවිධානය, ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවබෝධ කර ගැනීම සහ ආමන්ත්‍රණය කිරීම: ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා (2012), පිටුව. 1, ප්‍රවේශය මෙතැනින්: https://apps.who.int/iris/bitstream/handle/10665/77434/WHO_RHR_12.37_eng.pdf;jsessionid=46A83DEC1693EFC3FE68DAE841BB7E71?sequence=1