ගෝඨාභය රාජපක්ෂ

ආර්ථික වර්ධනයේ වෙනස් වීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ වැඩිමනත්ව කරුණු දක්වයි

"

2015 ට පෙර 7% ත් - 8%ත් අතර පැවති ආර්ථික වර්ධන වේගය 2019 වන විට 2%ටත් වඩා පහත වැටිණි.

දිවයින | ජූනි 16, 2020

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

FactCheck.lk මගින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් (DCS) නිකුත් කරනා 2019 වසර සඳහා වන ජාතික ගිණුම් ඇස්‍තමේන්තු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වසර සඳහා වන වාර්ෂික වාර්තාව ඔස්සේ ලබාගත් දත්ත භාවිතා කරමින්, යුද්ධය අවසන් වීමෙන් පසු කාලපරිච්ඡේදයේ මූර්ත දළ දේශීය නිෂ්පාදිත‌ය‌ේ වර්ධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රකාශය තක්සේරුගත කොට ඇත.

2010 සිට 2014 දක්වාම සැබෑ දළ දේශීය නිෂ්පාදිත වර්ධනයේ සාමාන්‍යය 6.78% ක් වූ අතර, එය ජනපතිවරයාගේ ප්‍රකාශයේ වන 7%-8% යන්නට වඩා මඳක් පහතින් තිබේ. මෙයට හේතුව වූයේ 2010 සිට 2012 දක්වා වසර තුනක් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 7% කට ඉහළින් තිබීමත්, 2013 සිට 2014 දක්වා වසර 2 තුළ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 7% ට පහළින් තිබීමත් නිසා වේ.

යාවත්කාලීන කරන  ජාතික සංඛ්‍යාලේඛනයන් මගින්, 2010 පදනම් වසර ලෙසින් ගනිමින් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ගණනය කෙරී ඇත. කෙසේ වෙතත්, 2015 ට පෙරාතුව උක්ත ගණනය කිරීම් සඳහා පදනම් වසර වී ඇත්තේ 2002 වසරයි. එම ගණනයන්ට අනුව, 2010-2014 කාලපරාසය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ සමාන්‍ය වර්ධන අනුපාතය 7.4% ක් වී ඇත.

2019 වසරේදී වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2.3% ක් ලෙසින් වාර්තා විණි. එය ජනපතිගේ ප්‍රකාශයේ සඳහන් වූ ‘2% ට අඩුය’ යන ප්‍රමාණයට වඩා මඳක් ඉහළ අගයකි.

2015 වසරට පෙරාතුව වූ කාලයට සාපේක්ෂව 2019 වසරේදී ආර්ථික වර්ධනය සෑහෙන තරමක පහළ මට්ටමක ඇති බවට ජනපතිවරයා විසින් කළ සඳහන නිවැරදි වේ. කෙසේ වුවත්, ඔහුගේ ප්‍රකාශය තුළ 2019 වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය අවතක්සේරු කෙරී ඇත.

එනිසා, ජනපතිවරයාගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් අපි වර්ගීකරණය කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

නිදර්ශකය 1: ශ්‍රී ලංකාවේ වාර්ෂික මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතය (2010 සිට 2019 දක්වා)



මූලාශ්‍රය