ඩලස් අලහප්පේරුම

ආබාධ සහිත දරුවන් ගැන පා.ම. අලහප්පෙරුමගේ තර්කය නිවැරදියි

"

මේ රටේ අවසාන සංගණනයට අනුව පාසල් යන වයසේ ඉන්න ආබාධ සහිත දරුවන්ගෙන් සියයට 34ක් මූලික අධ්‍යාපනයවත් ලබන්නේ නැහැ.... හැබැයි, මේ 2012 සංඛ්‍යාලේඛන, සංගණනය අවසානයේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යූ ටියුබ් නාලිකාව | ජූනි 5, 2024

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

දැනට පවතින වඩාත්ම මෑතකාලීන දත්තවලට අනුව ආබාධ සහිත දරුවෙන්ගෙන් 34% ක් කිසිදු ආකාරයක විධිමත් අධ්‍යාපනයක් නොලබන බව පවසමින් ශ්‍රී ලංකාවේ ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ප්‍රමාණවත් අයුරින් ඉටු නොවන්නේ යැයි පා.ම. අලහප්පෙරුම විසින් පාර්ලිමේන්තුවේදී තර්ක කරන ලදි.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් 2012 පළ කරන ලද ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව පරිශීලනය කර ඇත.

2012 සංගණනයට වයස අවුරුදු 5-19 අතර කායික හා මානසික ආබාධ සහිත ළමුන් 88,740 ක් ඇතුළත් වී ඇත. මෙම ජනගහනයෙන් ළමුන් 30,308 ක් (එනම් 34.1% ක්) කිසිදු අධ්‍යාපනික කටයුත්තක නියැලී නොසිටි බව වාර්තා වී තිබිණි. එබැවින්, පා.ම. උපුටා දක්වන සංඛ්‍යාලේඛනය සංගණනය මගින් වාර්තා කරන ලද දත්ත සමඟ සමපාත වේ.

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් 2012 සංගණන වාර්තාවට වඩා මෑතකාලීන දත්ත සොයා ගැනීමට FactCheck.lk හට නොහැකි විය. එබැවින්, මෙම දත්ත දැනට පවතින නවතම නිල සංඛ්‍යාලේඛන බවට පා.ම. සිදු කළ ප්‍රකාශය නිවැරදි බව මෙහිදී පෙනී යයි.

පා.ම. අලහප්පෙරුමගේ ප්‍රකාශය, ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ සංඛ්‍යාලේඛනවලට අදාළ නවතම නිල දත්ත මගින් මනාව තහවුරු වේ.එබැවින්, අපි ඔහුගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන 1: ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව මගින් කායික හා මානසික ආබාධ සහිත පුද්ගලයින්ගේ ජනගහනය හඳුනා ගැනීම සඳහා ප්‍රශ්න හයක් භාවිතා කර ඇත. එම ප්‍රශ්න, යම් ප්‍රතිචාරකයෙකු හට පහත සඳහන් ක්‍රියාකාරකම්වල නියැලීමට තිබූ දුෂ්කරතා මට්ටමට අදාළව සකසා තිබිණි: ( i ) පෙනීම, (ii) ශ්‍රවණය, (iii) ඇවිදීම හෝ පඩිපෙළක් නැඟීම, (iv) යමක් මතක තබා ගැනීම හෝ යම් දෙයක් වෙත අවධානය යොමු කිරීම, (v) ස්නානය කිරීම සහ ඇඳුම් ඇඳීම වැනි එදිනෙදා ජීවිතයේ කාර්යයන් ඉටු කිරීම, සහ (vi) අන් අය සමඟ අදහස් හුවමාරු කර ගැනීම. මෙම සමීක්ෂණ ක්‍රමවේදය ආබාධ සහිත බව තක්සේරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සපයන ලද අත්පොත මෙන්ම ආබාධ සහිත සංඛ්‍යාලේඛන පිළිබඳවොෂින්ටන් සමූහය විසින් සකස් කරන ලද ක්‍රියාකාරී ප්‍රශ්නවලට ද අනුකූල වේ .



මූලාශ්‍රය

2012 ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.