බන්දුල ගුණවර්ධන

අමාත්‍ය ගුණවර්ධන: අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) අගයන් රටේ සමස්ත අපනයනයන් ලෙස වැරදි ලෙස වටහාගෙන ඇත

"

[දේශීය වශයෙන් හා ගෝලීය වශයෙන් මුහුණ දුන්] අභියෝග රැසක් මධ්‍යයේ වුව ද, මෙරට අපනයන ආදායම 23% කින් වර්ධනය කරගැනීමට හැකි වුණා. 2020 වසරේ සමස්ත අපනයන වටිනාකම එ.ජ. ඩොලර් බිලියන 12.3 ක් වූ අතර, 2021 වසරේදී එය එ.ජ. ඩොලර් බිලියන 15.12 ක් වී තිබෙනවා.

බන්දුල ගුණවර්ධන නිල ෆේස්බුක් පිටුව | ජනවාරි 28, 2022

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කරුණු 2ක් ප්‍රකාශ කරන්නට යෙදිණි. එනම්, 1) ශ්‍රී ලංකාවේ අපනයනවල වටිනාකම 2020 වසරේදී එ.ජ. ඩොලර් බිලියන 12.3 ක් සහ 2021 වසරේදී එ.ජ. ඩොලර් බිලියන 15.12 ක් වී ඇති බවත්, 2) සටහනින් දක්වා ඇති ප්‍රස්තාරයේ ද දැක්වෙන පරිදි සමස්ත අපනයන ප්‍රමාණය වැඩිවෙමින් යන ප්‍රවණතාවයක් පෙන්නුම් කරමින්, 2021 වසරේදී 23% කින් වැඩිවී ඇති බවත් වේ. මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව සොයාබැලීම සඳහා, FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ (Central Bank of Sri Lanka – CBSL) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (Export Development Board – EDB) අපනයන සංඛ්‍යාලේඛන පරිශීලනය කොට ඇත.  

‘අපනයන’ යන්නෙන් භාණ්ඩ පමණක් අපනයනය කිරීම හෝ භාණ්ඩ හා සේවා අපනයනය කිරීම හෝ දැක්වේ. අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාවන් භාණ්ඩ අපනයනයට අදාළ සංඛ්‍යාවන්ට වඩා ඉහළ වන බැවින්, ඔහු විසින් සඳහන් කෙරෙන්නේ භාණ්ඩ හා සේවා අපනයනය සම්බන්ධයෙන් යැයි සැලකිය හැක. 

අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන පළමු කරුණ සැලකූ විට, ඔහු උපුටා දක්වන එ.ජ. ඩොලර් බිලියන 12.3 ක සහ එ.ජ. බිලියන 15.12 ක සංඛ්‍යාවන්, අපනයන සංවර්ධන මණ්ඩලය වාර්තා කර ඇති සංඛ්‍යාවන්ම වේ. කෙසේ නමුත්, මෙම සංඛ්‍යාවන්ගෙන් සමස්ත භාණ්ඩ හා සේවා අපනයනයන් නොදැක්වේ. මන්දයත්, අපනයන සංවර්ධන මණ්ඩලය ඉදිරිපත් කර ඇති භාණ්ඩ හා සේවා අපනයන සංඛ්‍යාලේඛන තුළ සංචාරක සේවා කාණ්ඩය බැහැර කොට ඇති බැවිනි. නිදර්ශන අංක 1 ඔස්සේ, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් වාර්තා කරන සම්පූර්ණ භාණ්ඩ හා සේවා අපනයන අගයත්, අපනයන සංවර්ධන මණ්ඩලය මගින් වාර්තා කරන පාර්ශ්වික භාණ්ඩ හා සේවා අපනයන අගයත් පෙළින් පෙළ තබා දැක්වේ. 

අපනයන සංවර්ධන මණ්ඩලයේ සංඛ්‍යාවන් සලකා  බැලූ විට, ප්‍රකාශයේ එන දෙවෙනි කරුණ ඔස්සේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ අපනයනයන් 23% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. කෙසේ නමුත්, මෙයට සංචාරක සේවා කාණ්ඩය ඇතුළත්ව නොමැති බැවින්, මෙම වර්ධනය, සමස්ත භාණ්ඩ හා සේවා අපනයනයේ වර්ධනයක් ලෙස ගත නොහැක. එලෙසම, මෙම ප්‍රස්තාරය ඔස්සේ, 2020 වසරට පෙරාතුව අපනයනයන්හි වර්ධනය වන ප්‍රවණතාවයක් දක්වා තිබීම දෝෂ සහිත වේ. මන්දයත්, අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතන දෙකම අපනයනයන් පිළිබඳ ඉදිරිපත් කර ඇති පාර්ශ්වික සහ සම්පූර්ණ අගයන්, 2020 වසරේදී සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී තිබීමත්, ප්‍රස්තාරයේ දක්වා ඇති ආකාරයට ක්‍රමයෙන් වර්ධනය වන ප්‍රවණතාවයක් නොදැක්වීමත් නිසායි. (සැලකිය යුතුයි: අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2021 වසර සඳහා වාර්තා කොට ඇති සංඛ්‍යාවන් පවා, ඔවුන් 2019 වසර සඳහා වාර්තා කර ඇති සංඛ්‍යාවන්ට වඩා අඩු අගයක් ගනී.) 

මේ අනුව බලන විට, අමාත්‍යවරයා, () භාණ්ඩ හා සේවා අපනයනය සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය වාර්තා කර ඇති පාර්ශ්වික ගණනයන් නිවැරදිව උපුටා දක්වා ඇති අතර, () එම සංඛ්‍යාවන්ට අදාළව 2021 වසරේ අපනයනයන් වැඩිවී ඇති ප්‍රතිශතය නිවැරදිව ගණනය කර ඇත. කෙසේ නමුත්, () මෙම සංඛ්‍යාවන් මගින් සමස්ත භාණ්ඩ හා සේවා අපනයනයන් දැක්වෙන බවට ඔහු විසින් වරදවා වටහා ගෙන ඇති අතර, එසේම () සැබවින්ම සිදුවී ඇති භාණ්ඩ හා සේවා අපනයනයේ දැඩි පහළ බැස්මක් සහ ඉන් අනතුරුව සැලකිය යුතු මට්ටමක ඉහළ යෑමක්, ක්‍රමිකව සිදුවී ඇති වර්ධනයක් ලෙසින් දෝෂසහගතව නිරූපණය කර ඇත. 

ඒ අනුව, අමාත්‍යවරයාගේ ප්‍රකාශය තරමක් දුරට නිවැරදි යැයි අපි පවසමු. 

** FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 



මූලාශ්‍රය

අපනයන සංවර්ධන මණ්ඩලය, අපනයන කාර්ය සාධන දර්ශක 2020, ප්‍රවේශය: https://www.srilankabusiness.com/ebooks/export-performance-indicators-of-sri-lanka-2011-2020.pdf [අවසන් වරට ප්‍රවේශය: ජනවාරි 31, 2022] 

අපනයන සංවර්ධන මණ්ඩලය, අපනයන කාර්ය සාධන දර්ශක 2021, ප්‍රවේශය: https://www.srilankabusiness.com/news/sri-lankas-export-performance-for-year-2021.html [අවසන් වරට ප්‍රවේශය: ජනවාරි 31, 2022] 

ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශීය අංශයේ සංඛ්‍යාලේඛන, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector [අවසන් වරට ප්‍රවේශය: ජනවාරි 31, 2022] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.