අජිත් නිවාඩ් කබ්රාල්

හිටපු රාජ්‍ය අමාත්‍ය කබ්රාල්, කොවිඩ්-19 වියදම් ගැන නිවැරදි නොවන චිත්‍රයක් මවයි

"

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සහ ජනතාවට සහන සැලසීම සඳහා රජය රුපියල් බිලියන 700 කට වඩා වැය කර ඇත. මෙය රටේ පසුගිය වසරේ සමස්ත ආදායම වන රුපියල් බිලියන 1,380 න් හරියටම අඩකි... සමෘද්ධි සහනාධාර ලබාගන්නා අඩු-ආදායම් පවුල් සඳහා රුපියල් බිලියන 50 ක් ද, නොමිලේ ඖෂධ සැපයීම සඳහා රුපියල් බිලියන 90 ක් ද, ආබාධ සහිත රණ

ඩේලි නිව්ස් | අගෝස්තු 30, 2021

false

වැරදියි

තොරතුරු පිරික්සීම

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය මඟින්, රජය සිදු කළ සමාජ සුභසාධන සහ වෙනත් අදාළ වියදම් වෙන් කොට දක්වා ඇත. එලෙසම, මෙම ප්‍රකාශය වාර්තා කර ඇති ආකාරයට අනුව, කොවිඩ්-19 නිසා ඇතිවූ තත්ත්වය පාලනය කිරීමටත් ඒ වෙනුවෙන් සහන සැලසීමටත් රුපියල් බිලියන 700 ක් වැය වී ඇත. [ඩේලි නිව්ස් සිරස්තලය: (Rs 700 bn spent on Covid control) කොවිඩ් පාලනය සඳහා රුපියල් බිලියන 700 ක් වියදම් කර ඇත.] 

මෙම ප්‍රකාශයේ ආකාරයට කොවිඩ්-19 වියදම් සඳහා වැය වූ ගණන් හිලව්වල වැරදි නිවැරදි බව සොයා බැලීම සඳහා, FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශයේ (MoF) වාර්ෂික වාර්තාවන්හි දත්ත පරිශීලනයට ගෙන ඇත. 

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විසින් වෙන් කොට පෙන්වා දුන්, රජය සිදු කළ බවට කියැවෙන සමාජ සුභසාධන සහ වෙනත් අදාළ වියදම්, 2020 වසරේ ඒ ඒ අදාළ කාණ්ඩයන් සඳහා සිදු කළ වියදම් හා ගැලපේ (නිදර්ශන අංක 1 බලන්න). කෙසේ නමුත්, මුදල් අමාත්‍යාංශයේ දත්තවලට අනුව, කොවිඩ්-19 වසංගතය හා සම්බන්ධ වියදම් සඳහා බැර කළ හැක්කේ රුපියල් බිලියන 171 ක ප්‍රමාණයක් පමණි (2020 දී රුපියල් බිලියන 118 ක් සහ 2021 ජනවාරි සිට ජූනි දක්වා රුපියල් බිලියන 53 ක් ලෙසින්). හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විසින් උපුටා දක්වා ඇති ඉතිරි රුපියල් බිලියන 529 රජයේ සාමාන්‍ය වියදම් වේ. ඇත්ත වශයෙන්ම, කොවිඩ්-19 වලට පෙරාතුව 2019 වසරේ රාජ්‍ය වියදම් සමඟින්ද එම අගය ගැලපේ. 

රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කොට ඇති සංඛ්‍යාවන් ආසන්න වශයෙන් නිවැරදි වුවත්, ප්‍රකාශය වාර්තා කර ඇති ආකාරය ගත් විට, කොවිඩ්-19 නිසා ඇතිවූ තත්ත්වයන් සඳහා වන ක්‍රියාකාරකම් සඳහා වියදම් ලෙසින් රුපියල් බිලියන 700ක් බැර කිරීම අති විශාල ලෙසින් වැරදි වේ. මුදල් අමාත්‍යාංශයේ නිල ගිණුම් ඔස්සේ පෙන්වා දෙන්නේ, කොවිඩ්-19 නිසා ඇතිවූ තත්ත්වයන් සඳහා වූ ක්‍රියාකාරකම් සඳහා වියදම රුපියල් බිලියන 171 ක් පමණක් වූ බවයි.  

ඒ අනුව, හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි නොවේ යැයි අපි පවසමු. 

 

අතිරේක සටහනවෙරිටේ රිසර්ච් මඟින් පවත්වා ගෙන යන පර්යන්තයක් වන PublicFinance.lk මගින්, ශ්‍රී ලංකාව කොවිඩ්-19 සඳහා සිදු කළ වියදම්වල සමස්ත චිත්‍රයක් ඉදිරිපත් කරන අතර, එය කලාපයේ අනෙක් රටවල් හා සංසන්දනය වන ආකාරයද පෙන්වා දේ. වැඩි විස්තර සඳහා පිවිසෙන්නhttps://publicfinance.lk/en/topics/Sri-Lanka%E2%80%99s-Expenditure-on-COVID-19-Response-is-Much-Lower-Than-its-Regional-Peers-1630477922. 

 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.  



මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශයවාර්ෂික වාර්තාව – 2020, ප්‍රවේශය: http://oldportal.treasury.gov.lk/documents/10181/12870/AnnualReport-2020/6b2a56e6-80ff-41d6-aec9-76b479f86fb9 [අවසන් වරට ප්‍රවේශය: 2021 සැප්තැම්බර් 15]  

මුදල් අමාත්‍යාංශයවසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව – 2021, ප්‍රවේශය: https://www.treasury.gov.lk/api/file/70d070ac-53be-474b-bad4-d3437991176d [අවසන් වරට ප්‍රවේශය: 2021 සැප්තැම්බර් 15]  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.