පාඨලී චම්පික රණවක

පා.ම. චම්පික රණවක: ශ්‍රී ලංකාවේ සීනි හා මේද පරිභෝජනය ඉහළ යෑම (ආනයන අතින් බැලූ විට) පිළිබඳව දශමයට නිවැරදියි

"

2019 ට සාපේක්ෂව …… සීනි ආනයනය වැඩිවෙලා තියෙනවා 38% කින්…… තෙල් හා මේද ආනයනය වැඩි වෙලා තියෙනවා 237% කින්.

පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා | පෙබරවාරි 11, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශයේ නිවැරදිතාවය පිරික්සීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වසර 2019 හා 2020 වෙනුවෙන් ප්‍රකාශයට පත් කොට ඇති, විදේශීය අංශ‌ය‌ේ සංඛ්‍යාලේඛන සහ මාසික ආර්ථික දර්ශකයන් යටතේ ඇති වාර්ෂික ආනයන සංඛ්‍යාලේඛනයන් පරිශීලනය කර ඇත. මේ මගින් අන්තර්කාලීන ආනයන දත්ත ලබාගත හැක. එසේමමෙම ප්‍රකාශය සිදුකළ මොහොත වන විට ලබාගැනීමට හැකිව තිබූ වඩාත්ම යාවත්කාලීන දත්ත තිබූයේ 2020 පළමු මාස එකොළහ සඳහායි. එබැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක විසින් 2020 වසරේ පළමු මාස එකොළහේ ආනයන අගයයන්, ඉන් පෙර වසර හා සංසන්දනය කර ඇති බවට FactCheck.lk මෙහිදී උපකල්පනය කර තිබේ. 

නිදර්ශක අංක 1 හි දැක්වෙන දත්ත මගින් පෙන්වා දෙන්නේ, සීනි සහ රසකැවිලි ආනයනය 2019 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 179.9 ක සිට 2020 වසර වන විට ඇමරිකානු ඩොලර් මිලියන 247.4 ක් දක්වා ඉහළ නැඟ ඇති බවයි. මෙය 37.5% ක වර්ධනයකි. තෙල් සහ මේද ආනයනය 2019 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 25.7 ක සිට 2020 වසර වන විට ඇමරිකානු ඩොලර් මිලියන 86.7 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය 237.2% ක වැඩිවීමකි. මෙම සංඛ්‍යාලේඛන සියල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ එන සංඛ්‍යාලේඛන හා සැසඳේ. 

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී රණවකගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි වර්ගීකරණය කරමු. 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශීය අංශ සංඛ්‍යාලේඛන, ආනයන, අපනයන සහ වෙළඳ, ආනයන – වාර්ෂික (1990 සිට නවතම දත්ත ඇති වසර දක්වා) වගුවප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/External-Sector [අවසන් වරට ප්‍රවේශය: 2021 මාර්තු 26] 

ශ්‍රී ලංකා මහ බැංකුව, ආර්ථික දර්ශක සංඛ්‍යාලේඛන, මාසික ආර්ථික දර්ශක, මාසික ආර්ථික දර්ශක – 2020 දෙසැම්බර් වගුවප්‍රවේශයhttps://www.cbsl.gov.lk/statistics/economic-indicators/monthly-indicators [අවසන් වරට ප්‍රවේශය: 2021 මාර්තු 26] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.