අනුර කුමාර දිසානායක

පළාත් දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ දිසානායක මන්ත්‍රීවරයාගේ දත්ත හා ප්‍රකාශ සාවද්‍ය වේ.

"

මහ බැංකු වාර්තා අනුව 52%ක් නිෂ්පාදනය කරන්නෙ බස්නාහිර. [….] දකුණට 9%යි. කොහොම වුණත් අනෙක් සියලුම පළාත්වලට 48%යි. ආර්ථිකය ප්‍රසාරණය වෙලා නෑ.

මව්බිම | අගෝස්තු 28, 2018

blatantly_false

මුළුමනින්ම වැරදියි

තොරතුරු පිරික්සීම

පළාත් දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ දිසානායක මන්ත්‍රීවරයාගේ දත්ත හා ප්‍රකාශ සාවද්‍ය වේ.

මව්බිම පුවත්පත වාර්තා කර ඇති පරිදි සිය ප්‍රකාශය මගින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පළාත් දළ දේශීය නිෂ්පාදිතය (ද. දේ. නි.) පිළිබඳ ව පහත අදහස් දක්වයි:

  1. බස්නාහිර පළාතේ ද.දේ.නි. ශ්‍රී ලංකාවේ මුළු ද. දේ. නි. යෙන් 52% කි. අන් සියලු පළාත් රටෙහි ද. දේ. නි. ට දක්වන දායකත්වය 48% කි;
  2. බස්නාහිරින් පිට පළාත්වල ආර්ථිකය ප්‍රසාරණය වී නොමැත.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සපයා ඇති දත්ත භාවිතයෙන් අපි මෙම ප්‍රකාශයෙහි සත්‍ය අසත්‍යතාවය විමසා බැලුවෙමු.

දිසානායක මන්ත්‍රීවරයා පවසන පරිදි ඔහු ලබා දී ඇති දත්ත ද මහ බැංකු වාර්තාවෙන් ලබා ගෙන තිබුණ ද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2017 වසරට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාව දෙස බැලූ විට පෙනී ගියේ මන්ත්‍රීවරයා පැවසූ පළාත් ද. දේ. නි. දත්ත වැරදි බවයි. නවතම දත්ත පවසා සිටියේ බස්නාහිර පළාත ද. දේ. නි.යට දක්වන දායකත්වය 52%ක්  නොව, 39.7%ක් වන බවයි. සෙසු සියලු පළාත්වලට මෙම අගය 60.3% ක් වන  අතර, මන්ත්‍රීවරයා පැවසූ  පරිදි 48%ක් නොවේ.

අප විසින් මේ සම්බන්ධව මහ බැංකු වාර්තාවෙන් ලබා ගත් සියලු දත්ත පහත වගුවෙහි දක්වා ඇත.

එම දත්ත මගින් තවදුරටත් පෙනී ගියේ මන්ත්‍රීවරයාගේ දෙවන ප්‍රකාශය ද සාවද්‍ය බවයි. ආර්ථිකය ප්‍රසාරණය වී නැති බවට ඔහු ප්‍රකාශ කළත්, බස්නාහිර පළාත හැර අන් සියලු පළාත් ද. දේ. නි. ට 2012 වසරේදී දැක්වූ 57.2%ක දායකත්වය 2016 වසර වන විට 60.3%ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙයින් පෙනී යන්නේ සැබවින්ම ආර්ථිකය ප්‍රසාරණය වී ඇති බවකි.

නිල දත්තවලට අනුව මව්බිම පත්‍රයේ පළවූ අනුර කුමාර මන්ත්‍රීවරයාගේ දත්ත ද ප්‍රකාශ ද සාවද්‍ය බැවින් අප ඔහුගේ ප්‍රකාශය නිසැකවම සාවද්‍ය ලෙස නම් කර ඇත.

වගුව 1: පළාත් . දේ. නි. සමස්ත . දේ. නි. දක්වන දායකත්වය, ප්රතිශතයක් ලෙස (2012 – 2016)



මූලාශ්‍රය

4 වැනි  සංඛ්‍යා සටහන, සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2017,
https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2017/si/14_Appendix.pdf