ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව: ජනපතිවරයාට විවේචන එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී ප්‍රකාශයක් සිදුකරයි

"

ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ ජාලා මාධ්‍යයෙන් හෝ වෙනත් මාධ්‍යයකින් ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීම සිදුකළ නොහැක. කිසියම් අයෙකු එසේ කළහොත්, එම පුද්ගලයාට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාව පොලිසියට ඇත.

දිවයින | ජනවාරි 3, 2022

false

වැරදියි

තොරතුරු පිරික්සීම

ජනපති ගෝඨාභය රාජපක්ෂ මිරිහාන හරහා ගමන් කරමින් සිටියදී, එතැන සිටි මහජනතාව ජනපතිවරයාට එරෙහිව වාචිකව විරෝධතාවය දැක්වීමේ සිදුවීමක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පළ කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමේ සිදුවීමක් පිළිබඳව අදහස් දක්වමින්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව විසින් මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදුකරන ලදි. FactCheck.lk මගින්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් ප්‍රතිපාදන සහ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු විශ්ලේශණය කිරීම ඔස්සේ, මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදිභාවය තක්සේරු කර ඇත. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින්, සෑම පුරවැසියෙකුටම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ලබාදී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එන මෙම ප්‍රකාශනයේ නිදහස, ජාතික ආරක්ෂාව, මහජන සාමය, වාර්ගික හා ආගමික සහජීවනය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද වැනි කරුණුවල ආරක්ෂාව සඳහා හෝ වරදක් සඳහා වන පෙළඹවීමක් වැළැක්වීම සඳහා හෝ පමණක් නීතියෙන් පමණක් සීමා කළ හැක්කකි.  

ජනපතිවරයාට හෝ රජයට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශයන් පළ කිරීමේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන්, 2015 වසරේදී වාහලතන්ත්‍රීට එදිරිව ජයන්ත වික්‍රමරත්නපොලිස්පති [ශ්‍රේෂ්ඨාධිකරණ අයදුම්පත් අංක SC (FR). 768/2009] නඩුව සඳහා ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැහැදිලි කෙරී ඇත. මෙම නඩුවේදීරජයට විරෝධය පළ කරන රළු පරුෂ වචන සඳහන් වූ පුවරු රැගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිවදණ්ඩ නීති සංග්‍රහයේ 120 වෙනි වගන්තිය යටතේ නඩු පැවරීමට පොලිසිය උත්සාහ කරන ලදි. කෙසේ නමුත්ජනාධිපතිවරයාට හෝ රජයට එරෙහිව අපකීර්තියට පත් කරන සුළුඅපහසුතාවයට පත් කරන සුළු හෝ අපහාසාත්මක ප්‍රකාශයන් සිදු කිරීමප්‍රකාශනයේ නිදහස නීත්‍යනුකූලව හා ප්‍රජාතාන්ත්‍රිකව ක්‍රියාවට නැංවීමක් බවසිය තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රකාශ කරන ලදි. ඊට අමතරව,  ජනාධිපතිවරයාට හෝ රජයට එරෙහිව හුදු නිග්‍රහාත්මකඅපහසුතාවයට පත් කරන සුළු හෝ අපහාසාත්මක ප්‍රකාශයන් සිදුකළේ යැයි කියා මහජනතාවට නඩු පැවරීමට පොලීසියට නොහැකි බවටත්දණ්ඩ නීති සංග්‍රහයේ 120 වෙනි වගන්තිය වලංගු වන්නේ එම ප්‍රකාශනයන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමේ අරමුණ සහිතව සිදුකළේ නම් පමණක් බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී වැඩිදුරටත් දක්වන්නට යෙදිණි. 

ඉහත විශ්ලේෂණය ඔස්සේ තහවුරු වන්නේ, ජනාධිපතිවරයාට එරෙහිව කරන හුදු අපහාස කිරීමක් හෝ අපකීර්තියට ලක් කිරීමක් හෝ සිදුවන ප්‍රකාශයන් පළ කිරීමක් ඔස්සේ, කිසිවෙකුට අපරාධමය වගකීමක් නොපැවරෙන බවයි. ජනාධිපතිවරයාට හුදු අපහාස කිරීමක් හෝ අපකීර්තියට ලක් කිරීමක් හෝ සිදුවන ප්‍රකාශයන් පළ කිරීම සඳහා කිසිදු අපරාධමය වගකීමක් යමෙකුට නොපැවරෙන්නේ නම්, එවැනි ප්‍රකාශයන් පළ කරන හෝ බෙදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය‌ට කිසිදු නීත්‍යනුකූල පදනමක් ද නොමැත.  

ඒ අනුව,  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූවගේ ප්‍රකාශය වැරදි යැයි අපි ප්‍රකාශ කරමු. 

** FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

අමරතුංගට එදිරිව සිරිමල් [1993] 1 Sri L.R. 264 –  https://www.lawnet.gov.lk/wp-content/uploads/2016/11/029-SLLR-SLLR-1993-1-AMARATUNGA-v.-SIRIMAL-AND-OTHERS-JANA-GHOSHA-CASE.pdf

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව –  https://www.parliament.lk/files/pdf/constitution.pdf

දණ්ඩ නීති සංග්‍රහය –  https://ihl-databases.icrc.org/applic/ihl/ihl-nat.nsf/0/2962721b86fc380ac125767e00582c62/$FILE/Penal%20Code.pdf

වාහලතන්ත්‍රීට එදිරිව ජයන්ත වික්‍රමරත්නපොලිස්පති [ශ්‍රේෂ්ඨාධිකරණ අයදුම්පත් අංක SC (FR). 768/2009] –  http://www.supremecourt.lk/images/documents/sc_fr_768_2009.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.