රිෂාඩ් බදියුදීන්

අමාත්‍ය බදියුදීන්: අපනයන සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් පිළිගත හැකි ප්‍රකාශයක් ඉදිරිපත් කරයි

"

...තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ, ඉලෙක්ට්‍රොනික, මුද්‍රණ සහ ඇසුරුම් සේවාවන් පමණක්, සෑම වසරකම අපනයන ආදායමට ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක ප්‍රමාණයකින් දායකත්වය ලබාදේ.

ඩේලි එෆ්ටී | අගෝස්තු 28, 2019

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

උපඅංශයන් තුනකින් ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක අපනයන ආදායමක් ලැබෙන බව පවසමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපනයන කාර්‍ය සාධනය ප්‍රශංසනීය බව ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය, අපි විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ලබාගත හැකි දත්ත පදනම් කොටගනිමින් විමසා බැලුවෙමු. 2018 වසර දක්වා අපනයන සංඛාලේඛනයන් ලබාගැනීමට තිබුණද, අමාත්‍යවරයා විසින් උපුටා දැක්වූ උප-අංශයන් ත්‍රිත්වයට අදාළ වඩාත්ම යාවත්කාලීන දත්ත ඇත්තේ 2016 තෙක් පමණි. ඉන් පසු වසර කිහිපය සඳහා ‘මුද්‍රණ හා ඇසුරුම්’ අංශයන්හි ආදායම් දත්ත ලබාගැනීමට නොමැත.

එනිසා  අප විසින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා මෙම උපඅංශයන් තුනේ 2016 වසරේ දත්ත සසඳා බැලිණි. 2016 වසරේදී තොරතුරු, සන්නිවේදන හා තාක්ෂණ (ICT)/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) උප අංශය සඳහා අපනයන ආදායම ඇ. ඩොලර් බිලියන 0.9 ක් ද (2018 වසරේදී මෙය ඇ.ඩොලර් බිලියන 1.035 ක් වී ඇත); විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන උපඅංශය සඳහා අපනයන ආදායම ඇ.ඩොලර් බිලියන 0.302 ක් ද (2018 වසරේදී මෙය ඇ.ඩොලර් බිලියන 0.410 ක් වී ඇත); මුද්‍රණ, පෙර මුද්‍රණ කටයුතු හා ඇසුරුම් උප අංශය සඳහා අපනයන ආදායම ඇ.ඩොලර් බිලියන 0.122 ක් ද වී ඇත.

මෙහි අරුත වන්නේ, 2016 වසරේදී මෙම උපඅංශයන් තුනෙන් ලැබුණු අපනයන ආදායම ඇ.ඩොලර් බිලියන 1.324 ක් වී ඇති බවයි (2016 වසරේ සමස්ත අපනයන ආදායමෙන් මෙය 9.6% ක් පමණ වේ).

එනිසා අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රකාශය සත්‍ය යැයි අපි වර්ගීකරණය කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.



මූලාශ්‍රය