තොරතුරු පිරික්සීම
(i) මෙරට අධික දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස සියයට 25 ක සීමාව ඉක්මවා ගොස් ඇති බවත්, (ii) දරිද්‍රතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතාමත් පහළ මට්ටමකට (අඩියටම) වැටී ඇති බවත් පා.ම. දිලිත් ජයවීර ප්‍රකාශ කර සිටී.
එම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ලෝක බැංකුවේ දරිද්‍රතාව සහ අසමානතා පිළිබඳ පර්යන්තය (Poverty and Inequality Platform) සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 වසරට අදාළ දරිද්‍රතා දර්ශක පරිශීලනය කරන ලදි.
පළමු කරුණ: 2024 වසර සඳහා ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතිකය සියයට 24.5 ක් යැයි ලෝක බැංකුව විසින් ඇස්තමේන්තුවක් ප්‍රකාශයට පත් කර ඇත. අවසානයට ජාතික දරිද්‍රතා අනුපාතිකය නිල වශයෙන් වාර්තා වූ 2019 වසරේදී එය ලෝක බැංකුවේ ඇස්තමේන්තුවලට වඩා 1.27 ගුණයකින් වැඩි අගයක් පෙන්නුම් කළ බවට අංක 1 වගුව පෙන්වා දේ. එම ගුණකය ලෝක බැංකුවේ මෑත කාලීන දරිද්‍රතා ඇස්තමේන්තු සහ පුරෝකථනයන් සඳහා යෙදූ විට, පා.ම. ප්‍රකාශ කරන පරිදි ජාතික දරිද්‍රතා අනුපාතිකය සඳහා සියයට 25 ක සීමාව “ඉක්මවා” යන අගයක් ලැබේ (අතිරේක සටහන 1 බලන්න).
දෙවැනි කරුණ: “අඩියටම වැටී ඇති” යන වාක්‍ය ඛණ්ඩය අපි පහත පරිදි අර්ථකථනය කරමු: (අ) ශ්‍රී ලංකාවේ වත්මන් දරිද්‍රතා අනුපාතිකය ඉතිහාසයේ අන් කිසිවිටෙකත් වාර්තා නොවූ ඉහළ අගයක් පෙන්නුම් කරන බවත් (මෙහිදී පසුගිය වසර 25 ක කාලය සැලකිල්ලට ගෙන ඇත); සහ/හෝ (ආ) තම දරිද්‍රතා මට්ටම කළමනාකරණය කිරීමට අදාළව ශ්‍රී ලංකාවට ගෝලීයම හිමි වන්නේ පහතම මට්ටමට ආසන්න ස්ථානයක් බවත්.
ඓතිහාසික දත්තයන්ට අනුව, 2002-2025 කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ දෙවන සහ සිව්වන ඉහළම දරිද්‍රතා අනුපාතිකයන් වාර්තා වී ඇත්තේ 2023 සහ 2024 වසරවලදීය (අංක 2 වගුව බලන්න). මේ හේතුවෙන්, ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙම ශතවර්ෂය ආරම්භයේ සිට ගත වූ කාලය තුළ පවා දරිද්‍රතාව සම්බන්ධයෙන් මෙම වත්මන් කාලපරිච්ඡේදයට හිමිවන්නේ පහළම මට්ටමට ආසන්න ස්ථානයකි.
රටවල් අතර සංසන්දනය: පහළ මධ්‍යම ආදායම්ලාභී රටවලට අදාළ එ.ජ. ඩොලර් 3.65 (2017 ක්‍රය ශක්තා සාම්‍යය මත) ක දරිද්‍රතා රේඛාව පදනම් කර ගනිමින් විශලේෂණය කළ විට 2024 වසර සඳහා ශ්‍රී ලංකාවට අදාළ ඇස්තමේන්තුගත දරිද්‍රතා අනුපාතිකය පහළම චතුර්ථකයට ආසන්නව පිහිටයි (අංක 3 වගුව බලන්න). වඩාත් නිශ්චිතව පැවසුවහොත්, රටවල් 121 කට අදාළව වඩාත්ම යාවත්කාලීන කරන ලද දරිද්‍රතා අනුපාතිකයන් සැලකූ විට ශ්‍රී ලංකාවේ 2024 ට අදාළ දරිද්‍රතා අනුපාතිකයට හිමිවන්නේ 90 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකාව පළමු චතුර්ථකය තුළ පිහිටීම සමඟ මෙය සමපාත වේ.
සාරාංශයක් ලෙස, ජාතික දරිද්‍රතා අනුපාතිකය සඳහා පවතින වඩාත්ම යෝග්‍ය දත්ත සහ පිළිගත හැකි ඇස්තමේන්තු යොදා ගත් විට පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය 2022 සිට 25% ඉක්මවා ගිය ප්‍රතිශතයක් වාර්තා කරමින් 2023 දී එහි උපරිම අගයට ළඟා වූ බවයි. මෙය දරිද්‍රතාව සඳහා ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ මෙන්ම වෙනත් රටවල වඩාත්ම මෑතකාලීන දරිද්‍රතා අනුපාතිකයන්ට සාපේක්ෂව පෙන්නුම් කර ඇති අඩුම කාර්ය සාධනයට ආසන්න වේ. ඒ හේතුවෙන්, “දුප්පත්කමේ අඩියටම වැටී ඇතැයි” යනුවෙන් සඳහන් කිරීම යුක්තිසහගත වේ.
එබැවින්, පා.ම.ගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.
අතිරේක සටහන 1: ලර්න් ඒෂියා (LIRNEasia) සංවිධානය මගින් දීපව්‍යාප්ත මට්ටමින් ජනතාව නියෝජනය වන පරිදි 10,062 කින් සමන්විත නියැදියක් ඇසුරින් 2023 දී සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වූයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් 31% ක් 2022 දෙසැම්බර් මාසයට අදාළ ජාතික දරිද්‍රතා රේඛාවට (මසකට රු. 13,777) වඩා අඩු මට්ටමක පසු වූ බවයි.
මෙම සංඛ්‍යාලේඛනය (31%), ලෝක බැංකු ඇස්තමේන්තුව සාමාන්‍ය ඓතිහාසික පරතරයෙන් (1.17) ගුණ කිරීමෙන් ලබා ගත් 31.7% ක අගය සහ 2019 වසරේ ගුණකයෙන් එය ගුණ කිරීමෙන් ලබා ගත් 34.3% ක අගය සමඟ සමීපව සමපාත වේ. දරිද්‍රතාව 25% ඉක්මවා ඇති බවට පා.ම. සිදු කළ ප්‍රකාශය මෙමගින් තවදුරටත් තහවුරු කෙරේ.
අංක 1 වගුව: ශ්‍රී ලංකාවේ ජාතික දරිද්‍රතා අනුපාතිකයන්ට එදිරිව ලෝක බැංකුවේ අනුපාතිකයන් ($3.65), 2002–2025

*ඇස්තමේන්තුව
**පුරෝකථනය
මූලාශ්‍රය: ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව: දරිද්‍රතා දර්ශක 2019 https://www.statistics.gov.lk/Poverty/StaticalInformation/PovertyIndicators-2019
ශ්‍රී ලංකා සංවර්ධන වාර්තාව (2025 අප්‍රේල්): https://documents1.worldbank.org/curated/en/099416504222514112/pdf/IDU-5b9c001a-8831-43a2-92e7-71fbee0f642e.pdf
අංක 2 වගුව: වත්මන් ඇස්තමේන්තු හා සැසඳීමේදී ශ්‍රී ලංකාවේ පසුගිය දරිද්‍රතා අනුපාතිකයන්ට හිමි වන ස්ථානය

*ඇස්තමේන්තුව
**පුරෝකථනය
මූලාශ්‍රය: ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව: දරිද්‍රතා දර්ශක 2019 https://www.statistics.gov.lk/Poverty/StaticalInformation/PovertyIndicators-2019
ශ්‍රී ලංකා සංවර්ධන වාර්තාව (2025 අප්‍රේල්): https://documents1.worldbank.org/curated/en/099416504222514112/pdf/IDU-5b9c001a-8831-43a2-92e7-71fbee0f642e.pdf
අංක 3 වගුව: 2019 සිට මේ දක්වා කාලය තුළ වෙනත් රටවල වාර්තා වූ වඩාත්ම යාවත්කාලීන දරිද්‍රතා අනුපාතිකයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ 2024 ට අදාළ දරිද්‍රතා අනුපාතිකයට හිමි වන ස්ථානය

සටහන්: දරිද්‍රතා අනුපාතිකයන් අවරෝහණ අනුපිළිවෙලට සකස් කර ඇත; දරිද්‍රතා අනුපාතිකය වැඩි වන තරමට ශ්‍රේණිගත කිරීම පහළ යයි. දරිද්‍රතා මට්මට නිර්ණය කිරීමට ජාතික මට්ටමින් සිදු කරනු ලබන සමීක්ෂණවලදී දරිද්‍රතාව මැනීමට ආදායම හෝ පරිභෝජනය උපයෝගී කර ගත හැක. ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතිකය පදනම් වී ඇත්තේ පරිභෝජනය මතය. පරිභෝජනය මෙන්ම ආදායම මත ද පදනම් වූ දරිද්‍රතා අනුපාතිකයන් වාර්තා කර තිබූ අවස්ථාවලදී සංසන්දනය කිරීමේ පහසුව සඳහා අනෙකුත් රටවල ද පරිභෝජනය මත පදනම් වූ අගයන් භාවිතා කර ඇත.
මූලාශ්‍රය
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව: දරිද්‍රතා දර්ශක 2019 https://www.statistics.gov.lk/Poverty/StaticalInformation/PovertyIndicators-2019
ලෝක බැංකුවේ දරිද්‍රතාව සහ අසමානතාව පිළිබඳ පර්යන්තය https://pip.worldbank.org/country-profiles/LKA
ශ්‍රී ලංකා සංවර්ධන වාර්තාව (2025 අප්‍රේල්) https://documents1.worldbank.org/curated/en/099416504222514112/pdf/IDU-5b9c001a-8831-43a2-92e7-71fbee0f642e.pdf
ලෝක බැංකුවේ දරිද්‍රතාව සහ අසමානතාව පිළිබඳ පර්යන්තයට අදාළ ක්‍රමවේදය සඳහා අත්පොත (https://datanalytics.worldbank.org/PIP-Methodology/welfareaggregate.html#incomeorconsumption)