තොරතුරු පිරික්සීම
අධිකරණ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින සන්දර්භයක් තුළ සිදු කරන ලද්දකි. විධායක ජනාධිපති ක්‍රමය ව්‍යවස්ථා සංශෝධනයකින් අහෝසි කළ නොහැකි බවත්, එය අහෝසි කළ හැක්කේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමෙන් පමණක් බවත් අමාත්‍යවරයා සිය ප්‍රකාශයේ සඳහන් කරයි. මෙම ප්‍රකාශය සිදු කිරීමේදී අමාත්‍යවරයා විසින් අදහස් කරන ලද්දේ (1) එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා නීත්‍යනුකූල අවසරයක් නැති බව, නැතහොත් (2) එය ප්‍රායෝගිකව සිදු කළ නොහැක්කක් බව යනුවෙන් අපට අර්ථ දැක්වීමක් සිදු කළ හැක.
මෙම ප්‍රකාශයේ සඳහන් කරුණු ඇගයීම සඳහා FactCheck.lk විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නඩු තීන්දු අධ්‍යයනය කරන ලදි.
මෙහි සඳහන් පළමු කරුණ ගත් විට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තිය මගින් පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය විස්තර කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඕනෑම ප්‍රතිපාදනයක් ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ එයට යම් ප්‍රතිපාදන එකතු කිරීමට ඇති බලය මීට ඇතුළත් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ එහි කිසියම් කොටසක ක්‍රියාකාරිත්වය අත්හිටුවීම සහ පවතින ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර නොගෙන සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීම සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තුව වෙත සීමා පැනවී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XII පරිච්ඡේදය ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම‘ යනුවෙන් නම් කර ඇති අතර ව්‍යවස්ථා සංශෝධන සඳහා වූ ක්‍රියා පටිපාටි අවශ්‍යතා ඉන් විස්තර කෙරේ.
13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳව සිය තීන්දුව ලබා දීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වෙත පවතින බලතලවල විෂය පථය අධ්‍යයනය කරන ලදි. සංශෝධන මගින් වෙනස් කළ නොහැකි “මූලික ව්‍යුහයක්” ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සතු වන බවට ඉදිරිපත් කරන ලද තර්ක අධිකරණය විසින් මෙහිදී සලකා බලන ලදි. එහෙත්, පැහැදිලි ව්‍යාවස්ථාමය විධිවිධාන පැවතීම හේතුවෙන් අධිකරණයේ බහුතර තීන්දුව මත මෙම තර්කය ප්‍රතික්ෂේප වූ අතර එහිදී එළැඹුණු නිගමනය පහත උපුටා දක්වා තිබේ.
“But both our Constitutions of 1972 and 1978 specifically provide for the amendment or repeal of any provision of the Constitution or for the repeal of the entire Constitution-Vide Article 51 of the 1972 Constitution and Article 82 of the 1978 Constitution. In fact, Article 82(7) of the 1978 Constitution states “in this chapter “Amendment” includes repeal, alteration and addition.” In view of this exhaustive explanation that amendment embraces repeal, in our Constitution we are of the view that it would not be proper to be guided by concepts of ‘Amendment’ found in the Indian judgments which had not to consider statutory definition of the word ‘Amendment.’ Fundamental principles or basic features of the Constitution have to be found in some provision or provisions of the Constitution and if the Constitution contemplates the repeal of any provision or provisions of the entire Constitution, there is no basis for the contention that some provisions which reflects fundamental principles or incorporate basic features are immune from amendment. Accordingly, we do not agree with the contention that some provisions of the Constitution: are unamendable.” ( In Re the Thirteenth Amendment to the Constitution and the Provincial Councils Bill (1987) 2 Sri L.R. 312, පිටු 329-330 හි)
20 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය තීන්දුව ලබා දීමේදී ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තර්කයම සලකා බලා යළි එම නිගමනයටම එළැඹෙන ලදි –
“Furthermore, it is pertinent to observe that Articles 1, 2 and 3 of the Constitution expresses the nature of the State and the Sovereignty of the People. They encapsulate core features described in the preamble to the Constitution. Article 120(a) read with Article 83 of the Constitution provides that Articles specified therein, including Article I of the Constitution can be amended if such amendment is approved by People at a Referendum in addition to it being passed with the special majority in Parliament. Hence, we are unable to agree with the contention that some of the provisions of the Constitution cannot be amended even with the approval of the People, in addition to the special majority in Parliament.” (“Twentieth Amendment to the Constitution”, S.C.S.D. No.s 01/2020–27/2020, and 29/2020-39/2020)
75 වැනි වගන්තියට අනුව මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද නඩු තීන්දු අනුව ද ගත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඕනෑම විධිවිධානයක් හෝ විධිවිධානයන් සංශෝධනය කිරීමේ හැකියාව පාර්ලිමේන්තුව වෙත පවතී. මේ අනුව, විධායක ජනාධිපති ක්‍රමය හා සම්බන්ධ වගන්ති සුදුසු පරිදි සංශෝධනය කරනු ලබන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මාර්ගයෙන් එය අහෝසි කළ හැක.
විධායක ජනාධිපති ක්රමය ක්‍රමය අහෝසි කරන සංශෝධනයක් කෙටුම්පත් කිරීමේ ප්‍රායෝගිකත්වය දෙවැනි කරුණ ඔස්සේ සලකා බැලේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුරාවටම පවතින ජනාධිපතිවරයාගේ පත්වීම්, බලතල සහ තීරණවලට අදාළ සියලු ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සංශෝධනය කරමින් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත, අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද ප්‍රායෝගික බාධකය ජය ගෙන ඇති බව පෙනී යයි. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වාර්තා කර ඇති පරිදි, එම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බවට එම නඩු විභාගය වෙනුවෙන් පෙනී සිටි සියලුම නීතීඥවරුන් අතර පොදු ස්ථාවරයක් පැවත ඇත. මෙම කාර්යයෙහි ඇති බැරෑරුම්බව එය ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගැනීමට බාධාවක් නොවන බව එමගින් පෙනී යයි.
ඒ අනුව, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය වැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරන්නෙමු.
* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
මූලාශ්‍රය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව (1978)
In Re the Thirteenth Amendment to the Constitution and the Provincial Councils Bill (1987) 2 Sri L.R. 312 (13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පනත් කෙටුම්පත (1987) සම්බන්ධයෙන් දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව)
“Twentieth Amendment to the Constitution” (S.C.S.D. No.s 01/2020 – 27/2020, and 29/2020 – 39/2020) (20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව)
“Twenty First Amendment to the Constitution” (S.C.S.D. No.s 31/2022, 32/2022, 34/2022, 36/2022, and 37/2022) (21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව)