ජෝන් අමරතුංග

සංචාරක සංවර්ධන ඇමති, සංචාරක සංවර්ධනය පිළිබඳ නිවැරදියි

"

තමන් 2015 වසරේ අමාත්‍ය පදවියට එනවිට මිලියන 1.5ක්ව තිබූ සංචාරකයින්ගේ පැමිණීම 2018 වසර වන විට මිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක්ව තිබූ සංචාරක ආදායම මෙම කාලය තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඩේලි නිව්ස් | මාර්තු 27, 2019

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

2019 මාර්තු 27 වන දින ඩේලි නිව්ස් පුවත්පත විසින් සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ පහත ප්‍රකාශයන් වාර්තා කර තිබුණි:

1. තමන් 2015 වසරේ අමාත්‍ය පදවියට එනවිට මිලියන 1.5ක්ව තිබූ සංචාරකයින්ගේ පැමිණීම 2018 වසර වන විට මිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇත.

2. තමන් 2015 වසරේ අමාත්‍ය පදවිය ලබා ගන්නා විට සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක්ව තිබුණි. 2018 වසර වන විට සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3ක් දක්වා ඉහළ ගියේය.

අමාත්‍යවරයාගේ ප්‍රකාශයන්හි සත්‍යතාවය විමසීම සඳහා අප ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි සංචාරක ව්‍යාපාරයෙහි ප්‍රවණතා 1970 – 2018 යන වාර්තාව යොදා ගත්තෙමු.

පළමු ප්‍රකාශයට අදාළ දත්ත: 2014 වසරේදී (අමාත්‍යවරයා සිය අමාත්‍යධුරය ලබා ගැනීමට පෙර වසරේදී) 1,527,153 ව තිබූ සංචාරක පැමිණීම 2018 වසරේදී 2,333,796 දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි දත්ත සටහන් මෙම අගයන් තහවුරු කරයි.

දෙවන ප්‍රකාශයට අදාළ දත්ත: 2014 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2,431.1ක්ව තිබූ සංචාරක අදායම 2018 වසර වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 4,380.6ක් දක්වා වර්ධනය විය.  ශ්‍රී ලංකා මහා බැංකුවෙහි විදේශීය අංශයෙහි ක්‍රියාකාරීත්වය දක්වන වාර්තා (2015 සහ 2018 වසර සඳහා) ඉහත අගයන් තහවුරු කරයි.

අප විසින් ලබා ගත් දත්ත අමාත්‍යවරයාගේ ප්‍රකාශයන්හි ලබා දී ඇති දත්ත හා සැසඳේ.

එබැවින් අප අමරතුංග අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍ය ලෙස දක්වා ඇත.

*FactCheck.lk හි තීරණය පාදක වී ඇත්තේ පොදු ජනයාට ලබා ගැනීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම, මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck.lk හි ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.



මූලාශ්‍රය