ඉරාන් වික්‍රමරත්න

සංචාරක කර්මාන්තයේ ඉපැයීම් සම්බන්ධයෙන් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න නිවැරදිය.

"

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% කට දායක වී ඇත.

දිනමිණ | මැයි 22, 2019

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

2019 මැයි 22 වන දින දිනමිණ පුවත්පත මගින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න විසින් ඉහත ප්‍රකාශය සිදුකළ බව වාර්තා කරන්නට යෙදිණි.

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය පිරික්සීම සඳහා අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) 2018 වසරේ නවතම වාර්ෂික වාර්තාව ඔස්සේ කරුණු සොයා බැලුවෙමු. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2018 වසර තුළ සංචාරක කර්මාන්තයේ ඉපැයුම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 4,381 ක් වූ අතර, එම වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් මිලියන 88,901 ක් වේ.

එනම්, 2018 වසර සඳහා සංචාරක කර්මාන්තය මගින් උපයා ඇති ප්‍රමාණය එම වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.9% ක් වී ඇත.

එනිසා අපට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්නගේ උක්ත ප්‍රකාශය සත්‍ය යැයි කීමට හැක.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව 2018 වසර සඳහා වාර්ෂික වාර්තාව

සංචාරක කර්මාන්තයේ ඉපැයුම් (2018), 164 පිටුව, මෙතැනින් ලබාගත හැක:

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2018/en/9_Chapter_05.pdf

පවත්නා වෙළෙඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය (2018), මෙතැනින් ලබාගත හැක:

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2018/en/15_S_Appendix.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.