තොරතුරු පිරික්සීම
ජනාධිපති අනුර කුමාර දිසානායක තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට ඇතුළත් වන වෘත්තිකයින්ගේ සංඛ්‍යාව වැඩි කළ යුතු බව ප්‍රකාශ කරයි. එම තර්කය තහවුරු කිරීම සඳහා ඔහු පවසන්නේ ගෝලීය තත්ත්වයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ “මෘදුකාංග ඉංජිනේරුවන්” සිටින්නේ අඩු ප්‍රතිශතයක් බවයි.
මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් එවනස් ඩේටා සමාගම (Evans Data Corporation (EDC)), ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM/ස්ලැස්කොම් සංගමය) සහ ශ්‍රී ලංකාවේ ප්රයිස්වෝටර්හවුස්කූපර්ස් ආයතනය(PricewaterhouseCoopers (PwC) Sri Lanka) විසින් සම්පාදිත “ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්රයපිළිබඳ තත්ත්වය – 2019/20” (Sri Lanka IT-BPM Industry: State of the Industry 2019/20) වාර්තාව, ලෝක බැංකුවේ ජනගහන පිළිබඳ දත්ත සහ ලෝක බැංකුව විසින් 2023 ට අදාළව පළ කරන ලද ඩිජිටල් ප්‍රගතිය සහ ප්රවණතා පිළිබඳ වාර්තාව (Digital Progress and Trends Report 2023) ඇතුළු මූලාශ්‍ර කිහිපයක් පරිශීලනය කරන ලදි.
ජනාධිපතිතුමාගේ ප්‍රකාශය කරුණු දෙකක් මත ගැටලුකාරී වේ.
පළමුව, ජනාධිපතිවරයා විසින් උපුටා දක්වන ලද සංඛ්‍යා නිවැරදි විය හැකි තත්ත්වයක් යටතේ වුව ද එමගින් ඔහු සිදු කළ ප්‍රකාශය තහවුරු නොකෙරේ.
ජනාධිපතිතුමා සඳහන් කළ සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාව සෑම පුද්ගලයින් 10,000 කටම මෘදුකාංග ඉංජිනේරුවන් 39 දෙනෙකු බිහි කරන අතර ගෝලීය වශයෙන් සෑම පුද්ගලයින් 10,000 කටම බිහි වන්නේ මෘදුකාංග ඉංජිනේරුවන් 32 දෙනෙකු පමණි. ගෝලීය සාමාන්‍යයට වඩා ශ්‍රී ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන්ගේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බව මෙම සංඛ්‍යාලේඛනවලින් පෙනී යන අතර එය ජනාධිපතිතුමා සඳහන් කරන කරුණට පරස්පර විරෝධී වේ.
දෙවනුව , ජනාධිපතිවරයා “මෘදුකාංග ඉංජිනේරුවන්” යන යෙදුම භාවිතා කර ඇති ආකාරය පිළිබඳව මෙහිදී අපැහැදිලිතාවයක් ඇත.
ශ්‍රී ලංකාවේ සිටින “මෘදුකාංග ඉංජිනේරුවන්” සංඛ්‍යාව සඳහා ඔහු 85,000 ක සංඛ්‍යාවක් උපුටා දක්වන නමුත් එම සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ සමස්ත “තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය” ට අදාළව ස්ලැස්කොම් සංගමය විසින් වාර්තා කරන ලද සංඛ්‍යාව වේ (නිශ්චිතව 88,051 කි). මීට අදාළ ගෝලීයසංඛ්යාව ලෙස ඔහු මිලියන 26 ක් උපුටා දක්වන අතර එය “මෘදුකාංග සංවර්ධකයින් (software developers)” සඳහා පමණක් EDC ආයතනය විසින් වාර්තා කර ඇති සංඛ්‍යාවකි. කෙසේ වෙතත්, “මෘදුකාංග සංවර්ධකයින්” හැඳින්වීමට මෙහිදී ජනාධිපතිවරයා “මෘදුකාංග ඉංජිනේරුවන්” යන යෙදුම භාවිතා කළේ නම්, එය එම අවස්ථාවේදී “තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය” වෙත ව්‍යවහාර කිරීමට භාවිතා කළ නොහැක. මෙය ප්‍රතිලෝම වශයෙන් ද සත්‍යයකි. මෙයට හේතුව “මෘදුකාංග සංවර්ධකයින්” යනු තොරතුරු කර්මාන්ත ක්ෂේත්රයට අයත් වන පුළුල් පරාසයක භූමිකාවන් ඇතුළත් “තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකායේ” උපකුලකයක් වන බැවිනි. එබැවින්, ජනාධිපතිවරයා විසින් සඳහන් කරන ලද සංඛ්‍යාලේඛන දෙක එකිනෙකට සාපේක්ෂව සැසඳිය නොහැක.
කෙසේ වෙතත්, මෙහිදී “මෘදුකාංග ඉංජිනේරුවන්” යන්නෙන් ජනාධිපතිවරයා විසින් අදහස් කරන ලද්දේ සමස්ත තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකායබවට ඔහුගේ ප්‍රකාශය අර්ථකථනය කරන්නේ නම්, ලෝක බැංකුවට අනුව ඒ සඳහා නිවැරදි ගෝලීය සංඛ්‍යාව (2022 වන විට) මිලියන 68 කි. එම අර්ථකථනයෙන් ගත් විට ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයින් 10,000 කටම තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකායට අයත් පුද්ගලයින් 40 ක් සිටින අතර, එය එම අනුපාතය සඳහා ගෝලීය සාමාන්‍යය වන 85 ට වඩා බෙහෙවින් අඩු බවට සිදු කළ ප්‍රකාශය එමගින් තහවුරු වනු ඇත.
අනෙක් අතට, මෙහිදී “මෘදුකාංග ඉංජිනේරුවන්” යන්නෙන් ජනාධිපතිවරයා විසින් අදහස් කරන ලද්දේ “මෘදුකාංග සංවර්ධකයින්” බවට ඔහුගේ ප්‍රකාශය අර්ථකථනය කරන්නේ නම්, ස්ලැස්කොම් සංගමයට අනුව ශ්‍රී ලංකාවට අදාළව ඒ සඳහා නිවැරදි සංඛ්‍යාව 34,340 වනු ඇත. එම අර්ථකථනයෙන් ගත් විට, ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයින් 10,000 කටම මෘදුකාංග සංවර්ධකයින්/මෘදුකාංග ඉංජිනේරුවන් 16 දෙනෙකු සිටින අතර එය එම අනුපාතය සඳහා ගෝලීය සාමාන්‍යය වන 32 ක අගයට වඩා බෙහෙවින් අඩු බවට සිදු කළ ප්‍රකාශය මෙමගින් තහවුරු කෙරෙනු ඇත.
මේ අනුව, ජනාධිපතිවරයා විසින් යොදා ගන්නා ලද යෙදුම් සහ සංඛ්‍යාලේඛන සාවද්‍ය වන අතර එහි යම් නොගැලපීම් ද වේ. එහෙත්, එම දත්ත අතරින් එක් දත්තයක් හෝ නිවැරදි කළ විට ඔහුගේ සමස්ත තර්කය එමගින් තහවුරු කෙරේ. එනම්, ශ්‍රී ලංකාවේ මෘදුකාංග සංවර්ධකයින් සහ සමස්ත තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය යන දෙඅංශයේම අනුපාතය ගෝලීය සාමාන්‍යයන්ට වඩා බෙහෙවින් අඩු බවයි.
එබැවින්, අපි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්,FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
අංක 1 වගුව: අනුපාත ඇසුරින් ජනගහනය සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංඛ්‍යාව
* මූලාශ්‍රය: ලෝක බැංකුවේ විවෘත දත්ත https://data.worldbank.org/indicator/SP.POP.TOTL?locations=LK
මූලාශ්‍රය
ලොව පුරා නව මෘදුකාංග සංවර්ධක ජනගහනය 2023- €“ 2028, එවන්ස් දත්ත සමාගම. https://www.evansdata.com/press/viewRelease.php?pressID=339
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්රය පිළිබඳ තත්ත්වය – 2019/20, ස්ලැස්කොම් සංගමය සහ PwC ආයතනයශ්රී ලංකාව. https://old.slasscom.lk/wp-content/uploads/2021/06/State-of-the-industry-report.pdf
ජනගහන පිළිබඳ දත්ත, ලෝක බැංකුව. https://data.worldbank.org/indicator/SP.POP.TOTL?locations=LK
ඩිජිටල් ප්‍රගතිය සහ ප්රවණතා පිළිබඳ වාර්තාව 2023, ලෝක බැංකුව. https://openknowledge.worldbank.org/entities/publication/7617f89d-2276-413d-b0a7-e31e7527d6af