තොරතුරු පිරික්සීම
2020 ජූනි 09 දින විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉහත ප්‍රකාශය සිදුකරන ලද්දේ, විදේශයන්හි සේවාවේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා සමාජ ආරක්ෂණ අරමුදල පිහිටුවීම පසුබිම් කරගනිමිනි. මෙම ප්‍රකාශය තක්සේරු කොට බැලීම සඳහා FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාවෙන් ලබාගැනීමට ඇති, 2015-2019 කාලසීමාව සඳහා විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවනු ලැබූ මුදල් සම්බන්ධයෙන් වන දත්ත භාවිතා කොට ඇත.
ගුණවර්ධනගේ ප්‍රකාශයට පදනම් වූ පසුතලය වූයේ, කොවිඩ්-19 වසංගතය නිසාවෙන් විදෙස්ගත ශ්‍රමිකයින් -විශේෂයෙන්ම මැදපෙරදිග සේවය කරන්නන්- සැලකිය යුතු සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට නැවත පැමිණීමයි. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් දත්ත මගින් පෙන්වා දෙන්නේ, 2015 සිට 2019 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබුණු මුදල්වලින් 50% කට වඩා ප්‍රමාණයක් මැදපෙරදිග සේවයේ නියුතු විදෙස්ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ගෙන් ලැබුණු බවයි.
2018 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) රුපියල් මිලියන 14,366,103 ක් ලෙසින් වාර්තා විණි. විදෙස්ගතව සේවය කරන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් විසින් එම වසරේදී මෙරටට එවූ මුදල වන රුපියල් මිලියන 1,138,124 ක (ඇමරිකානු ඩොලර් මිලියන 7,015 ක්) මුදල, එම වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9% ක ප්‍රමාණයක් ගනී (නිදර්ශකය 1). මෙය 2015 සිට 2019 දක්වා දත්ත විමසා බලන විට ඒ හා සැසඳේ. මෙම වසර කිහිපය තුළදී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට එවූ මුදල රුපියල් මිලියන 950,000 සිට 1,200,000 දක්වා පරාසයක තිබිණි. එනම්, එම කාලය තුළ වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9% සිට 8.8% අතර ප්රමාණයකි.
එම නිසා අපි අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍ය යැයි සඳහන් කරමු.
*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
නිදර්ශකය 1: විදෙස්ගත ශ්‍රමිකයින් වාර්ෂිකව එවනා මුදල් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස (2015 – 2019)
නිදර්ශකය 2: මුදල් එවූ කලාපය අනුව, විදෙස්ගත ශ්‍රමිකයින් එවනා මුදල් ප්‍රතිශත ප්‍රමාණයක් ලෙසින්(2015 – 2019)
මූලාශ්‍රය
- ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2019), විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය, 2 සහ 4 වගු, ප්‍රවේශය මෙතැනින්:https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2019
- ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2019), සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය, 67 සහ 93 වගු, ප්‍රවේශය මෙතැනින්:https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2019